අළුත් දවසක්

කාලයක්ම හිතන් උන්නේ කොහොම හරි නොවැම්බර් පලවෙනිදාට පල්ලි ගිහින් අම්මවයි අප්පච්චිවයි මතක් කරලා එනව කියලා. ඒත් නොහිතපු විදියට මං ලෙඩ උනානෙ. අඩුම තරමේ ඕල් සේන්ට්ස් වලටවත් පල්ලි යන්න බැරි උනාම ඔලුවම කාලකන්නි වෙනවා කියලා මම දන්නවා. ජීවිත කාලයම මගේ ඔලුවෙ ඉන්න අහිංසකම මිනිසුන් දෙන්නාව මතක් කරන්න බැරි වෙන එක පාපයක් නෙමෙයිද?
අද උදේ නැගිටපු වෙලේ හිටන් මගේ හිතත් එක්ක මම රංඩු කරනවා මේ. අද නම් කොහොම හරි අප්පච්චිවයි අම්මවයි මතක් කරලා ඉටි පන්දමක් පත්තු කරලා එනවමයි. ඒක විතරනේ මට දැන් කරන්න ඉතුරු වෙලා තියෙන්නෙත්...

0 comments: