එහෙන් මෙහෙන් කතා.... Memories


     
        මේ ඊයේ පෙරේදා දවසක අපේ ගෙදර එන ගමන්  බ්ලොග් යාළුවෙක් මට ගෙනත් දුන්නා ඇඟිලි විස්කෝතු පැකට් දෙකකුයි, සෝයා පැකට් එකකුයි තව අපේ ගෙදර දහදෙනෙක් ඉන්නවා වගේ කෑමයි. තව ඔය එක එක ඒවා තිබුනා. ඒවා කියන්න ඕනේ නෑනේ.

 ඒ ඇඟිළි විස්කෝතු කතාව ෆේස්බුක් එකේ ලියවුනා ටික දවසකට කලින්.  

 මේ මේ පැය භාගයකට විතර කලින් වුන සිදුවීමක්.
 
   අපේ ක්ලබ් එක හෙට හවසට වහනවා රෙනෝවේසන් එකකට.      පහට විතර ක්ලබ් එකට ගිහින් යාළුවෝ එක්ක ඕපදූප කියෝ කියෝ ඉඳලා ගෙදර ආවේ දහයට විතර කිට්ටු වෙලා. එනකොට මට පොඩි බඩගින්නක් තිබුනා. (අද දවල්ට අලියෙක් වගේ කාල කෑම වල ෆෝටෝ පෙන්නලා මල්ලිගෙන් බැනුම් අහලත් හිටියේ.)කොහොමහරි ගෙදර ඇවිත් කන්න දෙයක් හොයද්දි මට මතක් වුනා සුමානෙකටත් එහා දවසක ගෙනාපු නෝකෝල් අල වගයක් තියෙනවා කියලා. ඒකත් එලියට අරන් මම බත් හදන්න ගන්නකොට මතක් වුනා අර බ්ලොග් යාළුවා ගෙනත් දීපු සෝයා පැකට් එක.

 සෝයා එකත් හදලා කෑම කනකොට මට මතක් වුනා ඉස්සරලම මම සෝයා කාපු දවස. එවෙලේ මම හිටියේ යාළුවෙක් එක්ක චැට් එකක. එයාට ඒක කියද්දි එයා තමයි කිව්වේ නොස්ටැල්ජික් ගමේ කතා බ්ලොග් එකට ලියන්න කියලා.

 එහෙමයි මේ සටහන බ්ලොග් එකට එන්නේ.

මම මුලින්ම සෝයා මීට් කාපු දවස මීට අවුරුදු 35කටත් විතර එහා වුනාට මට හොඳට මතකයි. 

      අපේ ගමේ  ඉඳන් ටිකක් දුර ගියාම තමයි බඹරගල ආරණ්‍ය සේනාසනය තියෙන්නේ. මේ කියන පොඩිම කාලේ පළවෙනිම පාරට තමයි මම එහේ ගියෙත්. ඒ කාලේ එහේ තනිකරම කැලෑවක්. අලියෝ හෙමත් යන එන. ඒ මදිවට ඒ පන්සලේ හැමතැනම බඹරු. ඒක නිසා සාමාන්‍යෙන් පොඩි ළමයි එක්ක යන්නේ නෑ වෙන්න ඕනේ. කොහොමහරි එදා නම් අම්මලා අපිව එක්කන් ගියා. අපි ගියේ දානයක් දෙන්න. අද කාලේ වගේ ලොකු ලොකු චෙෆ් ලා ඇවිත් දානේ උයන්නේ නෑ ඉස්සර. ගමේ මිනිස්සු ඔක්කොම ගිහින් තමයි දානේ හදන්නේ. මතක විදියට එතන පන්සලේ හාමුදුරුවන්ට අමතරව කැලේ අස්සේ භාවනා කරපු ගිහියොන් හා පැවිද්දන් තමයි වැඩිපුර හිටියේ.

       පස්සේ කාලෙක මට මතකයි මම එහේ ගියා. එතකොට මතකයි එහේ කැළේ අස්සේ භාවනා කරනන් පොඩි පොඩි ගෙවල් තිබුනා. කැලේ සර්පයෝ, කොටියෝ හෙම හිටියා. මම නම් කොටියාව දැක්කේ නෑ. ඒත් ඒක පිළිගන්න පුළුවන් සාදක ඕනේ තරම් තිබුනා. පස්සේ කාලෙක ප්‍රේමදාස මහත්තයාගේ කාලේ අපේ දැන් ඉන්න සජිත් මහත්තයාලගේ ස්වර්ණමය යුගයේ එස් ටී එෆ් එකයි හමුදාවයි ගෙනල්ලා හතර පැත්තෙන්ම වට කරලා මහ ලොකු මෙහෙයුමක් කරලා හෙලිකොප්ටර් වලින් එහෙම බැහැල අර ලෙන් විහාරයේ තිබ්බ නිදන් ඔක්කොම ටික නම් අරන් ගියා. හාවෝ අල්ලන්න ආවම පඳුරටත් ගල් ගහනවා වගේ ගමේ හිටිය අහිංසක කොල්ලෝ සීයක් හමාරකුත් අල්ලන් ගියා. ඒ කොල්ලෝ ආයමත් ආවද කියන්න නම් දන්නේ නෑ.

      ඒ කාලේ එහේ මිනිස්සු විශ්වාස කරා ඔය කියන ආරණය පුරා අමුතු බලයකින් අර නිදන් හෙම ආරක්ශා කරනවා කියලා. මොකද ඒ කැලේ අස්සේ මිනිහෙකුට තියා සතෙකුටවත් ජීවත්වෙන්න පුළුවන්කමක් තිබ්බේ නෑ. අලි විතරක් නෙමෙයි, කොටියා( මම හිතන්නේ දිවියා වෙන්න ඕනේ අපි මේ කොටියා කීවට) හා සර්පයෝ විතරක් නෙමෙයි ගල් ගුහාවල්, කැලෑව අස්සේ දඩ සයිස් එකේ දෙබර කූඩු තිබ්බේ. ඒත් ඒ භාවනා කරන එකම කෙනෙකුටවත් කරදරයක් වුනේ නෑ. මට මතකයි ඒ කාලේ කැලේ අස්සේ මිය ගියපු කාව හරි බලන්න ගිය අපේ අප්පච්චිලා හරි කවුරු හරි ඔය වගේ කතා කියනවා. ඒ හාමුදුරුවරුත් බොහොම කෙසඟ සිරුරු තිබුන භාවනායෝගීව හිටපු සියළු දේවල් අතහැරපු මිනිස්සු කියලා නම් මටත් විශ්වාසයි. ඔය අද වගේ නානසාරලා වගේ දහයකට ගහන සයිස් වල හාමුදුරුවරු කවුරුවත් එහේ හිටියේ නෑ.

      මොනවා වුනත් අපේ සජිත් මහත්තයා පැටියා කාලේ ඔය නිදන් ගන්න එනකොටනම් එක දෙවියෙක්වත් ඉඳලා තිබ්බේ නෑ.
 


     ඒ කතා වලින් වැඩක් නෑ. මට කියන්න වුනේ සෝයා මීට් කතාවනේ. ඔය පන්සලට මුලින්ම ගිය දවසේ දානෙට හදලා තිබුන කෑම එකක් තමයි සෝයා මීට්. ඒ කාලේ මස් හෙම හාමුදුරුවරු කන්න නැතිව ඇති. ඒකනේ ඒවා හදන්න ඇත්තේ. ඒත් අද වගේ ක්ෂණික ආහාර යුගයක් නොවුන මේ කියන කාලේ සෝයා මීට් කියන්නේ අපිට අමුතුම කෑමක්. මම හිතන්නේ ඒ වෙනකොට පරිප්පුවත් කාපු නැති අපිට කලින් ළමයි සෙට් එකත් මේ වගේ කෑම හඳුනන්නේ නෑ. කොහොමහරි එදා තමයි මම සෝයා මීට් කියන්නේ දිව්‍යමය ආහාරයක් කියලා දැනගත්තේ.
   
     අදටත් ඉඳලා හිටලා හරි ලංකාවට ගියාම සුපර්මාකට් එකකට ගිය ගමන් මම ගන්න කෑමක් තමයි සෝයා මීට්. මිරිස් නොකන මට හරියන කෑම හදන ගෙවල් ලේසියෙන් හොයාගන්නත් අමාරු හින්දා මම ගෙදර යනකොට නම් සෝයා අරන් යනවාමයි. ඒත් අපේ පොඩි අක්කා මට ඒවා හදලා දුන්නා කියලා මතකයක් නෑ. ඒ විතරක් නෙමෙයි මෙහෙත් ඔය අවුරුද්දකට සැරයක් හරි ඉන්දියන් කඩේකට ගියාමත් මම සෝයා මීට් ගේනවා. ලංකාවෙන් එනකොටත් බෑග් එකේ එකක් දෙකක් දාගෙන එනවා. අර ඒවයේ තියෙන කුඩු පැකට් එක පැත්තකට විසි කරලා මම මගේම රෙසිපි එකකට සෝයා හදනවා. ඊට පස්සේ අලි බබා වගේ අර අතීත මතක අස්සේ රවුම් ගගහා කනවා.

    මොනවා වුනත් මම සෝයා එක්ක ඒ තරම් ආදරේ අර මුලින්ම පන්සලේදි කාපු හින්දා කියලා මට හොඳටම විස්වාසයි.

 
 අවුරුදු ගානක් තිස්සේ ලංකාවට නොගිය මට දැන් ඉවසීම උපරිමයට ඇවිල්ලා ඉන්නේ. අර චෙෆෑකිව හෙම shoot කරන්න කොන්ත්‍රත්  දීලා තියෙන්නේ. ගමේ කෑමයි, බීච් ගැනයි, ගමේ විස්තරයි කියලා ඒවා අහලා මට නිවාඩු එන්න ඕනේ එකේ උපරිමයෙන්. 

 ඒ අස්සේ අපේ මල්ලිලා, මගේ යාළුවන්ට මාව මිස් කරවන්නත් ඕනේ හින්දා මාත් හිටු කියලා මේ දවස් වල food-porn . එතකොට අපේ මල්ලිගෙන් ටිකක් බැනුම් අහගන්නකොට මට හරි සතුටුයි. ඇයි උන්ටත් මාව මිස් වෙනවානේ ඒ කියන්නේ.

  ඒත් අර ඉස්සර වගේ රසට සෝයා හදන්න අම්මා ආයේ එන්නෙත් නෑ.

 
  මේ ඔක්කොම අස්සේ මගේ නොස්ටැල්ජික් මතක එක්ක මම පැයක් එක්ක ඇඬුවත් එක්ක මේ ලියන අස්සේ....
 
 මොනා කරන්නද ඉතින්....


( අද මම දන්න කියන බ්ලොග් සහෘදයෙකුගේ උපන් දිනයත් එක්ක. මම හිතන්නේ මට වඩා මගේ ගම ගැන දන්නෙත් ඔහු. ඉතින් ලස්සනට නොලිය වුනත් මේ පෝස්ට් එක ඔහුට dedicate කරනවා මම. ;)

 සුභ උපන්දිනයක්  ....    ....!!!!       Many Happy Returns.......!!!!!



2 comments:

ගෙවෙන දවස්... Happiness is.....



         ජීවිතේ දුශ්කරම දවස් වෙන්නැති. එහෙන් අසනීප. එහෙන් කරන්න තියෙන දාහක් වැඩ. ගෙවන්න තියෙන ටැක්ස්, බිල්, රෙන්ටල්ස් හා එකී නොකී පේමන්ට්ස්. ඒ අස්සේ ක්ලයන්ස්ලාගේ කවරදවාත් ඉවර නොවන ප්‍රශ්න....

      ඊයේ ගෙදර ආවේ දෙකට. උදේ අටට ගෙදරින් එලියට ගිය ගමන්. ඒ යන්න කලිනුත් කෝපි එකක් බීලා එලියට ගියේ. උදේම උසාවියටයි, ප්‍රවිඩන්ට් ඔෆීස් එකටයි, ක්ලයන් මීටින් යි, ඒත් එක්කම පේමන්ට්ස් වලට පෝස්ට් ඔෆීස් එකකටයි ගිය හින්දා කෝපි එකක්වත් බොන්න වෙලාවක් ලැබුනේ නෑ. (එස්ප්‍රේස්සෝ කෝපි එකක් කියන්නේ මගේ ජීවිතේ දුක සතුට බෙදාගන්න එකම දේ. ඒකටවත් වෙලාවක් හම්බ වුනේ නෑ කියන්නේ මට මාව නැති වෙලා.)

      මගදි මගේ ටර්න් එක එනකම් ඔෆීස් එකක ඉන්නගමන් අපේ මල්ලි බෝයි එක්ක චැට් එකක් දැම්මාම එයාත් ඒ වෙනකම්වත් දවල්ට කාලා නෑ කිව්වා. එතකොට ලංකාවේ වෙලාව හවස. මම, මගේ කෝපි නැති දුක කීවම එයා කීවා එහෙම තමයි හලෝ අපිට කොහෙන්ද ඔයාට වගේ සැප කියලා. එහෙම තමයි මම ඥුරුඥුරු ගෑවම අපේ මල්ලිට පුළුවන් මාව දෙකයි පනගේ ගාණට දාන්න. ඊට පස්සේ මාව මොටිවේට් කරන්න. wink emoticon

       දෙකට ගෙදර ඇවිත් මහන්සියටම එවෙලේ තිබ්බ චීස් වගයකුයි පානුයි තම්බපු එළවළු (leftover) පොඩ්ඩක් කාලා රූම් එකට එනකොටම ෆෝන් එකට කෝල් එකක් ආවා.

    ෆයිනෑන්සල් කන්සල්ටන්ට් කෙනෙක්ගෙන්. ඒ වගෙ කෝල්ස් කොච්චර ස්ට්‍රෙස් කරනවද කියනවා නම් තව ටිකක් ෆෝන් එකේ හිටියා නම් එක්කෝ මම මල්ලිගෙ ආලුත්ම  S5 පොලවේ ගහනවා. හාර්ට් එක ගැන මොකට කියනවැයි නේ? (ඒක අඟල් පහක් ඇවිද්දත් දැන් චොර නේ. ) smile emoticon


  හවස දාගෙන තිබ්බ ඔෆීස් වැඩ වගයකුත් අදට දාගත්තා. මල්ලිගේ ෆෝන් එකත් ගෙදර දාලා එලියට ගියා. ඒක මේ ටිකේ මම යූස් කරනවා. (එහෙම තමයි මම මල්ලිට හැමදාම හම්බවෙන්නේ මම සුමානයක් හරි පාවිච්චි කරපු ෆෝන් එකක්.) ගියා මම නිතර යන කෝපි කඩේට. කෝපි කඩේ මගෙ යාළුවා මට දැන් කෝපි දෙන්නේ නෑ. දැන් සති දෙකකට තුනකට කලින් හාට් ඇටෑක් එකක් රිස්ක් කරනවා කියලා දැනගත්ත දවසේ ඉඳන් ඌ එහෙමයි. මට බොන්න දෙන්නේ ටෝස්ටඩ් බාර්ලි කෝපි එකක්. (http://en.wikipedia.org/wiki/Caff%C3%A8_d%27orzo) ඒ තමයි මගේ යාළුවන්ගේ හැටි. මාව බලෙන් හරි හොඳ ළමයෙක් කරන්න මුන් ඔක්කොම මහන්සි වෙනවා. ඊයේ ඌටත් මම කියලාමයි ගියේ උඹ කෝපි දුන්නේ නැත්නම් මම වෙන තැනකට ගිහින් බොනවා කියලා. අනේ පව් ඌ මට බයටම කෝපිත් දුන්නා. පස්සේ කිව්වා "සිඥ්ඥොරීනා උඹට ඕන විදියට නටනවා නෙමෙයි උඹට ආදරේ හින්දයි එහෙම කරන්නේ" කියලා. smile emoticon

     ඒ ගමන් ගියා මගේ ටෙලිෆෝන් කඩේට.

       එහෙම තමයි ඉස්සරට වඩා දැන් මගේ සතුට මට හරි වටිනවා. එවෙලේ කඩේ තිබුන ෆෝන් වලට අනුව මට ගැලපෙන එකක් වගේ එකක් තිබ්බේ iphone 6 විතරයි. S6 හා Note4 තමයි අනිත්වා. ඒවා ඉතින් මට තියෙනවානේ. අනික පාවිච්චි කරපු ෆෝන් එකක් පුතාට හරි මල්ලිට හරි දෙන්න හදද්දි එයාලා කියන්නේත් අපෝ නෝට් නම් එපා ඒවා ලොකු වැඩියි කියලානේ. ඒ ගමන් මම iphone 6 64GB ඕඩර් කලා. මෙන්න අන්තිම බයින් ස්ටෙප් එකේදි කඩේ එකාගේ ෆෝන්ස් ඊයේ උදේ ආව හින්දා තාම ඉන්වෙන්ට්‍රි එකේ නැතිලු. ඒ හින්දා සේල් අයිටම් විදියට පෙන්නන්නේ නැතිලු. ( ඉතින් මම අද යන්න ඕනේ ආයේ.)

      මට නේද?

      මදැයි ස්ට්‍රෙස් රිලීස් කරන්න ශොපින් කරන්න ගියා.....

       ඒ ගමන් ඔෆීසියල් වැඩකට මගේ යාළුවෙකුත් ඇවිත් හිටියා එතනට. එයා අයිස්ක්‍රීම් එකක් හරි කෝපි බොන්න හරි බල කරද්දිත් මම බෑ කියලා ගියා lux එකට. පයින් යන ගමන් ෆෝන් එකෙන්ම ටිකට් එක ඕඩර් කරන්න හැදුවත් ඒ මඟුලේ මොබයිල් සයිට් එක වැඩ නෑ. ඒ වුනත් කමක් නෑ කියලා මම ගියා. ෆිල්ම් එකට විනාඩි දෙකක් තියලා. එතකොට බඩගිනිවෙලත් හිටියේ. ලේසියට නොකන pop corn පෙට්ටියකුත් අරගෙනමයි ඇතුලට ගියේ.

      Lothin Lover කියන්නේ මම ආසම ඉටෑලියන් නිළියක් වෙච්ච විර්නාලීසි (http://en.wikipedia.org/wiki/Virna_Lisi) ගේ අන්තිම ෆිල්ම් එක. එයා දැන් මාස කීපයකට කලින් මිය ගියා. මම පෞද්ගලිකව දැනන් හිටපු, එයාගේ ගෙදර වැඩට හිටපු කාන්තාවගේ ළමයට වුනත් තමන්ගේ දැන හැඳුනුම්කම් මත ලියුකේමියාවට බෙහෙත් කරලා සනීප කරපු හොඳ කාන්තාවක් විදියටත් මම එයාව අගය කලා. එහෙම වුනාම ඒ වගේ අයගේ නිර්මානයක් හොඳ එකක් නොවුනත් බලන්න යනවානේ අපි. ඒත් හිතේ දුකක් නැතිව ලතින් ලවර් පැය එකයි විනාඩි හතලිස් පහක් පුරාම මම වින්දා. ඒක අස්සේ හිනාවෙන්න වගේම රියලිටි එකත් තිබුනා. අපි දන්න සමාජේ ඒ වගේ බොරුවෙන් වහගත්ත කොයි තරම් ෆේක් පවුල් ජීවිත හා දේවල් තියේද? කොටින්ම මේ මගේ වුනත්?

       ඒක ඉවර වෙලා එලියට එනකොට මගේ යාළුවෙක් මුණ ගැහුනා. එයාත් අපේ ක්ලබ් එකේ කෙනෙක්. එයා බියර් එකක් බොන්න යනවා කියපු හින්දා උවමනාව නොතිබුනත් මාත් ආයේ අපේ ජොයින්ට් එකට ආවා. වතුර වීදුරුවක් හෙම බීලා ඕපදුප ටිකත් කියෝලා අනිත් කාටවත් එපා කියපු හින්දා මම pizza ගෙනත් කෑවා. (අල දාපු පොඩි එකක්. ඒකත් බෙදාගෙන කෑවේ.) රෑ දහයට විතර බාර්ලි කෝපි එකකුත් බීලා (මගේ යාළුවා ඒවා විතරයිනෙ මට දෙන්නේ) ගෙදර ආවා. එතකොට මට බඩගිනියි. ඒක ලොකු බඩගින්නක් නෙමෙයි. ඒ ගමන් දොඩමකුයි, මැන්ඩරීන් එකකුයි කාලා ටී වී බල බලා හිටියා. ඒ වුනාට මට අර පොඩි බඩගින්න ගිහින් තිබ්බේ නෑ.

ඒක බඩගින්නම නෙමෙයි.satisfaction එකක් නැතිකම.

    ඒ ගමන් ආයේ චීස් කෑල්ලක් කෑවා රෑ දොලහට.

   එහෙමම ඒ ගමන් ම වගේ නිදාගත්තා.

    මෙන්න උදේ පාන්දර තුනට විතර මගෙ බඩ පිනුම් ගහනවා. එතන ඉඳන් මම බාත්‍ රූම් එකේ.
කොහොම හරි ආයේ හයට විතර ආයේ නිදගත්තේ. නමයත් පහුවෙලා ආයේ නැගිට්ටේ. ඔෆීස් වැඩ ගෙදර ඉඳන් කරනවා කියලා හිතාගත්තා.

මොන .........!

මම තාම අලබෝලේ වගේ මෙතන. දැන් දොලහයි.
විශේසම දේ අද උදේ මල්ලිගෙන් කණ පැලෙන්න අහගත්තා. එයා මට ලොකු පාට් දැම්මම මම දන්නවා එයා මට ආදරේ තරම. මාත් එහෙමනේ. අනික ඉතින් මම වගේ නිකම් මට බනින්නෙත් නෑ මගේ වැර‍දි වලට මිසක්... wink emoticon

I love you malli boy..... U made my day ...... 

     (දැන් මම අද හවසට ෆෝන් එකක් අරගත්තම ඌ මගේ ඔළුව පලන එක වෙනම කතාවක් නේ... wink emoticon )

සතුට කියන්නේ මේ වගේ පොඩි පොඩි දේවල් අස්සේ හරි මෙවෙලේ මට හරි වැදගත් දෙයක්....

මම තව ලොකු කාලයක් ගැන බලාපොරොත්තු තියන් ඉන්න කෙනෙක් නෙමෙයි.

මේ වගේ පොඩි දේවල් දැන් මට හරි වටිනවා...

      හැබැයි දැන් මේ හැම දෙයක්ම කරන්නේ මම වෙනුවෙන් විතරමයි.....

       අරයාගේ මෙයාගේ පස්සෙන් ගිහින් ලෝකේම මිනිසුන්ට උදව් කරන්න මම දැන් ලෑස්ති නෑ. ඊටත් වඩා මට එහෙම කරන්න පුළුවන්කමකුත් නෑ. මට පින් වැඩක් නෑ. ඒ වෙනුවට දහස් ගාණක් දේවල් මම එදිනෙදා මගේ රස්සාවෙදි, මගේ ලෙවල් එකෙන් කරනවා....


(අපේ මල්ලිගෙන් මම බැණුම් ඇහනවාට වඩා දුකයි මිනිස්සු මගෙන් උදව් ඉල්ලුවාම බෑ කියන්න බැරි එක ගැන. )

2 comments:

මිනිසුන් අතර ජීවත්වීම

 
 ( මේ මගේ ෆේස්බුක් එකේ ස්ටෙටස් මැසේජස්. ඉඳල හිටල බ්ලොග් එකටත් ඒවා කොපි කරන්න හිතුනා.)

      මේ සිදුවීම උනේ අද හොස්පිටල් එකේ ඉඳන් එනකොට. එමින් ගමන් එළවළු මාකට් එකට ගිහින් බස් එක ගත්තේ.
 
මම බස් එකට නගිනකොට බස් එක පුරාම එකම කළබලයක්.
වයසක මනුස්සෙක් කෑගහනවා අවුරුදු අසූවක් විතර ඇති. ඉතින් බස් එකේම මිනිස්සු තරහ ගිහින්...
හේතුව තමයි අරාබි කාන්තාවක්( එහෙම හිතනවා හම සුදු වුනාට ඔළුව වහලා තිබ්බා බුර්කා එකකින්) පොඩි ම ළමෙක් බේබි කාට් එකක තියාගෙන ඉන්නකොට අර වයසක මනුස්සයගේ ඇඟේ වැදිලා. ඒ මනුස්සයා කෑගහලා බනිනවා.

මම බස් එකට නඟින හරිය වෙනකොට  අනිත් මිනිස්සු ඔක්කොම දැන් අර වයසක මනුස්සයාට බනිනවා. සාධාරණයි. මේ වෙද්දි වයසක මනුස්සයා බනින්නේ විදේශිකයන්ට. ඇයව ඩිෆෙන්ඩ් කරන අනිත් අයට බනින්නේ උඹලා තමයි ලැජ්ජා වෙන්න ඕනේ මෙහෙම ඉතාලිය ආර්ථික මට්ටමින් පහල වැටෙනවට. මේ ගැහැණු කෙනා බස් ටිකට් එකක්වත් ගහලා නැති වගේ රැසිසම් කතා දාහයි. හරියට අර අහිංසක ගෑණු කෙනාව බස් එකෙන් ගහලා එලවන්න ඕනෙ වගේ...

 

    ඔය කතා ඇහෙද්දි බස් එකේ හිටපු ඔක්කොමලා වගේ අර මනුස්සයාට හොඳටම බනිනවා අර කාන්තාව ඩිෆෙන්ඩ් කරමින්. ඒ මනුස්සයා වයසක මනුස්සයෙක් නොවුනා නම් ගුටි කනවත් එක්ක.
ඒ අස්සේ අර කාන්තාව අඬනවා. එහෙම දරාගන්න කාටවත් බෑනේ. අනික බස් එකේම සහෝදරත්වය ඒ ගෑණු කෙනාට ලැබුනා. මම බලාගෙන මෝඩ මනුස්සයෙක්ගේ කතා වලට උඹ අවුල් වෙන්න එපා කිය කිය හැමෝම වගේ අර කාන්තාවගේ අත අල්ලලා සහෝදරත්වය පල කලා. තවත් වයසක අය පවා. තරුණ අය නම් ( අපි වගේ) තව කියෙව්වා නම් වයසවත් බලන්නේ නෑ වයසක මනුස්සයාගේ. 


ඒ මනුස්සයාගේ ෆ්‍රස්ටේසන්ස් අර අහිංසක කාන්තාවගෙන් පලි ගත්තා
වෙන්නැති. ඒත් පස්සේ බස් එකේ හැමෝගේම සහෝදරත්වය මට මම ගැන ආඩම්බර වෙන්න තරම් හේතුවක් වුනා. අපේ රට වල් වලින් මෙහෙට එන මිනිස්සු මනුස්සකම් විකුණනවා. තමන්ගේ රටේ මිනිසුන්ටම කරදර කරනවා අඩු ගාණේ කෑම වේලක් දුන්නත් ඒ ගැන අවුරුදු ගාණක් කියවයි. එක එක භේද අස්සේ තමන්ගේම රට වල මිනිස්සු.

ඒත් අපි අස්සේ තව මිනිස්සු බොහොමයක් ඉන්නවා. අද වගේ සිදුවීමක් මීට කලින් මම මුහුණදීල නෑ. ( මුහුණදීපු යම් යම් සුළු සිදුවීම් හැම අවස්ථාවකදිම ෆස්ට් පර්සන් විදියට වෙනද ඉන්වොල්ව් වුනේ මම. ) ඒක හින්දා මට ඒක අද තරම් දැනුනේ නෑ....

මිනිස්සු මිනිස්සු වෙන තාක් අපිට යන්න ගමනක් තියෙනවා. අපිට ඕනෙම බැරියර් එකක් දිනාගන්න පුළුවන්. ඒත් කරුමයකට වගේ අපේ රටේ තාමත් සිංහල, බෞද්ධ, දෙමළ, මුස්ලිම් හා එකිනොකී කියලා ජාතින් ගැන කියලා බොහෝ අය ජාතිවාදය වපුරනවා......

මට මම ගැන සන්තෝසයි. මම ජීවත් වෙන්නේ මනුස්සකම් දන්න මිනිස්සු එක්ක කියලා කියන්න සන්තෝසයි. කොටින්ම ජීවත් වෙන්න මේ රට තොර ගත්ත එක ගැන අප්‍රමාණ සන්තෝසයි....
feeling blessed.

0 comments:

ටෙක්නොලජි හා අපි....

   
   
         මේ දවස් වල මම වැඩ කරන ඉන්ටර්නෙට් ප්ලැට්ෆෝම් කිහිපයකම පාස්වර්ඩ්ස් එක්ස්පයර් වෙලා.

        සෙනසුරාද තමයි මම ඒක දැනගත්තේ.  ක්ලයන් කෙනෙක්ගේ ඩොකියුමන්ට් සබ්මිට් කරන්න ගියාම. ඊයේ සඳුදා වෙනකම් ඉතින් එහෙම වුනාම කරන්න දෙයක් නෑ නේ. ඒ ගමන් ඊයේ මේල් එකක් දාලා බැලුවා. වැඩ කලේ නෑ. ඒ වෙනුවට මම ටිකක් වෙලා ගෙදරට වෙලා ඉඳලා වෙලාසනින් කාලා බීලා ජොගින් ගියා. හවස යාළුවෝ එක්ක කතා කර කර ඉඳලා ගෙදර ආවේ හතට වගේ. කෑම කාපු ගමන් වගේ ටී වී එක දාගෙන ෆිල්ම් එකක් බලන්න කියලා ඇල වුනා. එහෙමම නින්ද ගිහින්. මම හිතන්නේ දහය, දහය හමාර වෙද්දි මම නිදි. දැන් උදේ හතරේ විතන් ඇඳේ කැරකී කැරකි ඉඳලා පහට නැගිටලා තේකකුත් අරගෙන මෙතනට ආවා වැඩ කරන්න.
 මොන ඔෆීස් පාස්වර්ඩ්ස් ඔක්කොම එක්ස්පයර්ඩ්. කාට කියන්නද පෙන්ඩින් ඩොකියුමන්ට්ස් තාම එහෙමයි. ක්ලයන්ලට ආණ්ඩුවේ ප්ලැට්ෆෝම් අලුත් කරනකම් ඉන්න කියන්නයැ.

 මට හරිම කරදරයක් මේක දැන්.

            දැන් කාලෙක ඉඳන් රජයේ හැම දෙයක්ම වගේ ඉන්ටර්නෙට් බේස්ඩ් සබ්මිසන්ස් විතරයි ගන්නේ. ඒක බොහොම හොඳ දෙයක්. ඉස්සර වගේ ෆොටෝ කොපි මිටි ගණන් සිය ගණන් ඔෆීස් දහයකට පහලවකට දෙන්න ඕනේ නෑ.

  ටෙලි සබ්මිසන් අපිටත් ලේසියි. කාලය ඉතිරියි. වැරදි විස්තර එකතු කරපු ගමන් ඉස්සරහා පේජ් එකට යන්නේ නෑ. වැරැද්ද හදනවා. ඉතින් කොයි තරම් චොර වෙලා හිටියත් අපිව බලෙන් නිවැරදි වෙන්න වෙනවා.

    ඒත් අපේ ගවර්මන්ට් වැඩ කරන මේ සම්බන්ද ආයතන වල හැම එකාම තවම මේ සිස්ටම් වලට හැඩ ගැහිලා නෑ.  ඒක නම් මහ පුදුම කරුමයක්.... හෙල්ප් ඇසිස්ටන්ස් ගියාම උන්ට ප්ලැට් ෆෝම් එක ගැන විස්තර කරන්න ඕනේ දෙකේ පන්තියේ එවුන්ට වගේ.... එකක් අපි නව තාක්ශණය එක්ක ඉස්සරහට යනකොට ඒ ඒ ආයතන වල නිළදාරින් මේ ක්‍රම වලට ඉබි ගමනින් අවතීර්ණ වෙලා හරි යන්නේ නෑ. මොකද මේව එහෙම නිකම්ම නිකම් ආයතන නෙමෙයි. රජය ලොකු ගණනක් වියදම් කරලා ඔවුන්ට ට්‍රේනින් දෙනවා. ඒත් අයි ටී බේසික්වත් නැති අයට අපි කියනවා තරම් මේවා ලේසිත් නෑ.

     මම දන්නවා එතකොට අපි ඉවසන්න පුරුදු වෙන්න ඕනේ. ඒත් අපිට ඒවා තේරුනාට අපේ ක්ලයන්ලා ඕවා තේරුම් ගන්න තරම් මට්ටමක නෑ. ඊටත් වඩා ඔවුන්ට වැදගත් තමන්ගෙ වැඩේ ෆයිනල් රිසල්ට් එක විතරයි.

මේ හැමදෙයක් අස්සේම දෙපැත්තට හිරවෙන්නේ අපි වගේ මිනිස්සු.  

 ඉතින් මම ස්ට්‍රෙස් වෙනවා.



     මේ ගැන හිතද්දියි මතක් වුනේ ලංකාවෙත් දැන් ඉන්‍ටර්නෙට් ගැන ලොකු කතාවක් යනවා. අපේ හිතවත් චානක මහත්මයා වගේ අය වයි ෆයි ෆ්‍රී ප්‍රජෙක්ට් එකේ වැඩ කරනවා දකිද්දි බලාපොරොත්තුවකුත් තියෙනවා.
මම ජීවත්වන නගරයේ අඟලින් අඟලට වයි ෆයි හොට් ස්පොට් තියෙනවා.  මහජන පාක් වල, මියුසියම් වල, මහජන ප්‍රවාහන සේවාවන් වලදි, විශ්ව විද්‍යාල වලදි, බස් හෝල්ට් වල හා එකී නොකී බොහෝ තැන් වල මේ සේවා ව්‍යාප්ත කරලා.



       මම හිතන්නේ අපේ පැත්තෙන් දකිද්දි අපිට පෞද්ගලිකව මේවා උවමනා නෑ. හේතුව අපි ට මොබයිල් ෆෝන් කනෙක්සන් එකත් එක්කම ඩේටා කනෙක්සන් තියෙන නිසා. ඒත් එහෙම නැති අය තව ඕනේ තරම් ඉන්නවා.විසේශයෙන් ටුවරිස්ලා, විදේශිකයෝ, පාසල් සිසුන්. යුනිවර්සිටි ස්ටුඩන්ට්ස්ලා හා එකි නොකී මහජනතාව මේවයින් ප්‍රයෝජන ලබා ගන්නවා. බස් හෝල්ට් එකේ ඉන්න ගමන් බස් එක කීයටද එන්නේ කියලා බලන්නත් පුළුවන් ඉන්ටර්නෙට් එකේන්. ඒ විතරක් නෙමෙයි ඕනෙම දෙයක් ගැන අප්ඩේට් වෙන්න ඒක ලොකු පිටු වහලක්. මෙහේ අඟලින් අඟලට මොකක් හරි මියුසියම් එකක්, පල්ලියක් හෝ ඉතිහාස වැදගත් තැන් දකිද්දි හෝ එදිනෙදා දේවල් වලට ඉන්ටර්නෙට් භාවිතා නොකරන කෙනෙක් නැති තරම්.

      
මේ අපි කතා කතා කරන්නේ ඉන්ටර්නෙට් එකෙන් ෆිල්ම් බලන්නවත් ඩවුන්ලෝඩ් කරන්නවත් ගැන නෙමෙයි. එදිනෙදා අවශ්‍යතාවයන් වලට නැතිවම බැරි දෙයක් වෙච්ච ඉන්ටර්නෙට් හැම කෙනාටම ලැබෙන එක ගැන නම් අප්‍රමාණ සතුටක් මටත් තියෙනවා. ඒත් ඊට කලින් ඉන්ටර්නෙට් භාවිතාව ගැනත් පාඩම් මාලාවක් හඳුන්වා දෙන්න වෙයි. මොකද ආචාර ධර්ම නැතිව මේ වෙද්දි අවුල් වෙන පිරිසත් බොහෝයි. ඒවයේ ප්‍රථිඵල අපිට මේ වෙද්දි (පෝස්ට් ඉලෙක්සන් හා ප්‍රි ඉලෙක්සන්) හොඳටම පේනවා.


  ඇතිවත් බැරි නැතිවත් බැරි තාක්ෂණය කිව්වලු.....

2 comments:

Womens day in brief ;)

      since i am not blogging for a long time,  copying this from my FB status.


            ඊයේ මම ශොපින් ගියානේ. කාන්තා දිනේ හින්දා තමයි. (මගෙ ඔය අයිතිවාසිකම් ඉල්ලන වගේ ඒව නෑනේ. මම ගිහින් මගේ අයිතිවාසිකම් ලබා ගන්නවා මිසක බලෙන් හරි wink emoticon

මම ගියේ මෙහේ ප්‍රසිද්ද (හොර බඩුත් එක්කම තියෙන) අවුරුදු සිය ගාණක් පරණ ඉරිදා මාකට් එකකට.

මුලින්ම ගත්තේ ෆුල් ඕවර්දෙකකුයි, සමර් කමිසයකුයි, පෝලො ටී එකකුයි. ඔව් ඉතින් බ්‍රෑන්ඩඩ් තමයි... ( ඒ පිස්සුව යවන්න බෑ අවුරුදු හැටක් වුනත් මට wink emoticon )

ඊට පස්සේ ආයේ තව පෝලෝ ටී එකක්.

ඊට පස්සේ ජීන්ස් එකක්.

ඊගාවට ස්පෝට්ස් ශොක්ස්, ඔෆීස් ශොක්ස්, බෙල්ට් එකක්


ආයේ බෙඩ් කවර් එකක්.


ආයේ මට වින්ටර් ස්පෝට්ස් ෆුල් ඕවර් දෙකක්.... 


ඔච්චරමයි ගත්තේ.


        එයිට පස්සේ එමින් ගමන් මම ගියා ක්ලැසි රෙස්ටොරන්ට් එකකට දවල්ට කන්න. ඉඳලා හිටලා මම යන තැනක්. ජැපනීස්.

බක්වීට් වලින් හදපු නූඩ්ලස් එකක් කාලා ග්‍රීන් ටී වලින් හදපු ඩම්ප්ලින් ත් කෑවා. ඊට අමතරවා ග්‍රීන් ටී කේතලයක්ම බීවා. වතුර බෝතලෙට අමතරවා. වෙනදා වගේ බියර් බිව්වේ නෑ.

(අයිතිකාරයෝ මගේ ක්ලයන්ට්ස්ලා හින්දා මෙනු එකත් ට්‍රාන්ස්ලේට් කලා කන ගමන් ෆ්‍රී ඔෆ් චාජ්. )
කාලා ඉවර වෙලා එයාල මට සකේ එකකුයි කෝපි එකකුයිත් දුන්නා ගෙදර එන්න කලින්....

ගෙදර එනකොට හතරටත් කිට්ටුයි. කෝපි බොන්න ගියා ආයේ අපේ ජොයින්ට් එකට. එතනට යන්නේ කෝපි බොන්නම නෙමෙයි යාළුවෝ එක්ක සෙට් වෙන්න.

ජොගින් යන්නත් ඇඳගෙන ගියේ.

මෙන්න එවෙලේ යාළුවෙක් කතා කරලා කියනවා එයාගේ රෙස්ටෝරන්ට් එකේ ඩිනර් එන්නලු.
අපිට ඉතින් ඔය වගේ ඒවා ඇහෙන්නේ හරියට මී පැණි වගේ...

ගෙදර ආවා ජොගින් පැත්තක දාලා. ඉක්මණින් නාගත්තා. මම ගියා ඩිනර් අවුට්.


යාළුවා අපිට සිසිලි අයිලන්ඩ් රතු වයින් එක්ක චිකන් ස්ප්‍රින් රෝල්ස් හා රෝස්ටඩ් අල හදලා තිබ්බා. ඊට පස්සේ මදි පාඩුවට චිකන් කට්ලට්ස්. යාළුවා හෙට අනිද්දට එයාගේ රෙස්ටෝරන්ට් එක විකුණනවා. ඊට ඉස්සෙල්ල අපි යාළුවන්ට කෑමක් දුන්නේ. ඉතින් කියවා කියවා ඉඳලා ගෙදර ආවා.


    රෑ මට ටිකක් විතර බඩගිනි වුනා. මම ෆ්‍රිජ් එකේ තිබ්බ එළවළු වගයක් එක්ක පොඩි පාන් කෑල්ලක් කෑවා. (එහෙම තමයි. බඩගින්නේ ඉන්න හොඳ නෑ අපි වගෙ පොඩි ළමයින්ට)


කාන්තා දිනය හොඳින් ගෙවුනා. වෙන බොහෝ කාන්තාවන්ගෙයි මගෙයි අතර වෙනස මම දන්නවා. අනිත් අය අයිතිවාසිකම් ඉල්ලනවා. මම මගේ අයිතිවාසිකම් ලබාගන්නවා. කාටවත් කරදරයක් නොවී, කාගෙවත් වොලට් එකකට බරක් නොවී.

මම හිතන්නේ මගේ යාළුවෝ මට ගොඩක් කැමතිත් ඒක හින්දා...

හැම එකාම මට බඳින්න එපා කියන්නෙත් ඒක හින්දා කියලා මම දන්නවා දැන්.

ඔව් මොන දේ නැති වුනත් මට මම ගැන සතුටු වෙන්න පුළුවන් කාන්තාවක්. වැඩි හරියක් අවුරුදු දෙකේ තුනේ පොඩි ළමයි කරන දේවල් කලාට වගකීම් ගන්න පුළුවන් කෙනෙක් වෙලා.

ගෙවිච්ච පසුගිය අවුරුදු දිහා බැලුවම මම ජීවත් වෙන එකත් ලොකුම සතුටක් මට.... 


අපේ මල්ලි මට හිනාවෙනවා මට විතරලු කාන්තාවන්ගේ දවස තිබිලා තියෙන්නේ කියලා...

5 comments: