ටෙක්නොලජි හා අපි....

   
   
         මේ දවස් වල මම වැඩ කරන ඉන්ටර්නෙට් ප්ලැට්ෆෝම් කිහිපයකම පාස්වර්ඩ්ස් එක්ස්පයර් වෙලා.

        සෙනසුරාද තමයි මම ඒක දැනගත්තේ.  ක්ලයන් කෙනෙක්ගේ ඩොකියුමන්ට් සබ්මිට් කරන්න ගියාම. ඊයේ සඳුදා වෙනකම් ඉතින් එහෙම වුනාම කරන්න දෙයක් නෑ නේ. ඒ ගමන් ඊයේ මේල් එකක් දාලා බැලුවා. වැඩ කලේ නෑ. ඒ වෙනුවට මම ටිකක් වෙලා ගෙදරට වෙලා ඉඳලා වෙලාසනින් කාලා බීලා ජොගින් ගියා. හවස යාළුවෝ එක්ක කතා කර කර ඉඳලා ගෙදර ආවේ හතට වගේ. කෑම කාපු ගමන් වගේ ටී වී එක දාගෙන ෆිල්ම් එකක් බලන්න කියලා ඇල වුනා. එහෙමම නින්ද ගිහින්. මම හිතන්නේ දහය, දහය හමාර වෙද්දි මම නිදි. දැන් උදේ හතරේ විතන් ඇඳේ කැරකී කැරකි ඉඳලා පහට නැගිටලා තේකකුත් අරගෙන මෙතනට ආවා වැඩ කරන්න.
 මොන ඔෆීස් පාස්වර්ඩ්ස් ඔක්කොම එක්ස්පයර්ඩ්. කාට කියන්නද පෙන්ඩින් ඩොකියුමන්ට්ස් තාම එහෙමයි. ක්ලයන්ලට ආණ්ඩුවේ ප්ලැට්ෆෝම් අලුත් කරනකම් ඉන්න කියන්නයැ.

 මට හරිම කරදරයක් මේක දැන්.

            දැන් කාලෙක ඉඳන් රජයේ හැම දෙයක්ම වගේ ඉන්ටර්නෙට් බේස්ඩ් සබ්මිසන්ස් විතරයි ගන්නේ. ඒක බොහොම හොඳ දෙයක්. ඉස්සර වගේ ෆොටෝ කොපි මිටි ගණන් සිය ගණන් ඔෆීස් දහයකට පහලවකට දෙන්න ඕනේ නෑ.

  ටෙලි සබ්මිසන් අපිටත් ලේසියි. කාලය ඉතිරියි. වැරදි විස්තර එකතු කරපු ගමන් ඉස්සරහා පේජ් එකට යන්නේ නෑ. වැරැද්ද හදනවා. ඉතින් කොයි තරම් චොර වෙලා හිටියත් අපිව බලෙන් නිවැරදි වෙන්න වෙනවා.

    ඒත් අපේ ගවර්මන්ට් වැඩ කරන මේ සම්බන්ද ආයතන වල හැම එකාම තවම මේ සිස්ටම් වලට හැඩ ගැහිලා නෑ.  ඒක නම් මහ පුදුම කරුමයක්.... හෙල්ප් ඇසිස්ටන්ස් ගියාම උන්ට ප්ලැට් ෆෝම් එක ගැන විස්තර කරන්න ඕනේ දෙකේ පන්තියේ එවුන්ට වගේ.... එකක් අපි නව තාක්ශණය එක්ක ඉස්සරහට යනකොට ඒ ඒ ආයතන වල නිළදාරින් මේ ක්‍රම වලට ඉබි ගමනින් අවතීර්ණ වෙලා හරි යන්නේ නෑ. මොකද මේව එහෙම නිකම්ම නිකම් ආයතන නෙමෙයි. රජය ලොකු ගණනක් වියදම් කරලා ඔවුන්ට ට්‍රේනින් දෙනවා. ඒත් අයි ටී බේසික්වත් නැති අයට අපි කියනවා තරම් මේවා ලේසිත් නෑ.

     මම දන්නවා එතකොට අපි ඉවසන්න පුරුදු වෙන්න ඕනේ. ඒත් අපිට ඒවා තේරුනාට අපේ ක්ලයන්ලා ඕවා තේරුම් ගන්න තරම් මට්ටමක නෑ. ඊටත් වඩා ඔවුන්ට වැදගත් තමන්ගෙ වැඩේ ෆයිනල් රිසල්ට් එක විතරයි.

මේ හැමදෙයක් අස්සේම දෙපැත්තට හිරවෙන්නේ අපි වගේ මිනිස්සු.  

 ඉතින් මම ස්ට්‍රෙස් වෙනවා.



     මේ ගැන හිතද්දියි මතක් වුනේ ලංකාවෙත් දැන් ඉන්‍ටර්නෙට් ගැන ලොකු කතාවක් යනවා. අපේ හිතවත් චානක මහත්මයා වගේ අය වයි ෆයි ෆ්‍රී ප්‍රජෙක්ට් එකේ වැඩ කරනවා දකිද්දි බලාපොරොත්තුවකුත් තියෙනවා.
මම ජීවත්වන නගරයේ අඟලින් අඟලට වයි ෆයි හොට් ස්පොට් තියෙනවා.  මහජන පාක් වල, මියුසියම් වල, මහජන ප්‍රවාහන සේවාවන් වලදි, විශ්ව විද්‍යාල වලදි, බස් හෝල්ට් වල හා එකී නොකී බොහෝ තැන් වල මේ සේවා ව්‍යාප්ත කරලා.



       මම හිතන්නේ අපේ පැත්තෙන් දකිද්දි අපිට පෞද්ගලිකව මේවා උවමනා නෑ. හේතුව අපි ට මොබයිල් ෆෝන් කනෙක්සන් එකත් එක්කම ඩේටා කනෙක්සන් තියෙන නිසා. ඒත් එහෙම නැති අය තව ඕනේ තරම් ඉන්නවා.විසේශයෙන් ටුවරිස්ලා, විදේශිකයෝ, පාසල් සිසුන්. යුනිවර්සිටි ස්ටුඩන්ට්ස්ලා හා එකි නොකී මහජනතාව මේවයින් ප්‍රයෝජන ලබා ගන්නවා. බස් හෝල්ට් එකේ ඉන්න ගමන් බස් එක කීයටද එන්නේ කියලා බලන්නත් පුළුවන් ඉන්ටර්නෙට් එකේන්. ඒ විතරක් නෙමෙයි ඕනෙම දෙයක් ගැන අප්ඩේට් වෙන්න ඒක ලොකු පිටු වහලක්. මෙහේ අඟලින් අඟලට මොකක් හරි මියුසියම් එකක්, පල්ලියක් හෝ ඉතිහාස වැදගත් තැන් දකිද්දි හෝ එදිනෙදා දේවල් වලට ඉන්ටර්නෙට් භාවිතා නොකරන කෙනෙක් නැති තරම්.

      
මේ අපි කතා කතා කරන්නේ ඉන්ටර්නෙට් එකෙන් ෆිල්ම් බලන්නවත් ඩවුන්ලෝඩ් කරන්නවත් ගැන නෙමෙයි. එදිනෙදා අවශ්‍යතාවයන් වලට නැතිවම බැරි දෙයක් වෙච්ච ඉන්ටර්නෙට් හැම කෙනාටම ලැබෙන එක ගැන නම් අප්‍රමාණ සතුටක් මටත් තියෙනවා. ඒත් ඊට කලින් ඉන්ටර්නෙට් භාවිතාව ගැනත් පාඩම් මාලාවක් හඳුන්වා දෙන්න වෙයි. මොකද ආචාර ධර්ම නැතිව මේ වෙද්දි අවුල් වෙන පිරිසත් බොහෝයි. ඒවයේ ප්‍රථිඵල අපිට මේ වෙද්දි (පෝස්ට් ඉලෙක්සන් හා ප්‍රි ඉලෙක්සන්) හොඳටම පේනවා.


  ඇතිවත් බැරි නැතිවත් බැරි තාක්ෂණය කිව්වලු.....

2 comments:

  1. amore e odio con la tecnologia

    ReplyDelete
  2. ඉන්ටනෙට් එක විනෝදාංශවලට විතරක් තමයි තාමත් බහුතරයක් යොදා ගන්නේ . ඒත් තත්ත්වේ ඉක්මනින් වෙනස් වෙයි කියල මට හිතෙනවා . මිනිස් ඉතිහාසයේ ගින්දර හා රෝදය හොයා ගැනීම වගේම පෙරළිකාර දෙයක් නේද ඉන්ටනෙට් එක හොයාගැනීමත්

    ReplyDelete