එන්න ආදරය බෝ කරමු..... !!!!! (බුරු බබාගේ අවුරුදු කතාව)


"අවුරුද්ද කියන්නේ සතුටටය.. "


"අවුරුද්ද කියන්නේ සතුටටය.. "

   ඩුබායි වට්ටක්කා එහෙම ලියා තිබුනාය.....

 හැම උත්සවයක්ම සමරන්නේ සතුට වෙනුවෙන්ය....

මට හිතෙන්නේ එහෙමය.   ඒක හින්දා මම නම් ඕනෑම උත්සවයකට මා සැමරුවත් නැතත් සුභ පතනවාමය.

 ළමා කාලෙන් පස්සේ මම අවුරුද්දක් සැමරුවේම නැති තරම්ය.

 අපි පොඩි කාලේ  කොමර්ශල් අවුරුදු තිබුනේ නැතිය. එය ආදරය හා සතුට වෙනුවෙන් වූ එකක් බව මට මතකය. 
 රට රටවල් ගානේ යන්නට කලින් අම්මා අවුරුදු වෙනුවෙන් අපිව පෙරහුරු කරනු ලැබුවේ මාස ගාණක් තියාය. ඇය කියා දුන්නේ ආදරය ගැනය. මනුස්සකම් ගැනය.

    ඒත් ඒ කාලේ මට ඒවා අරහං ය. 
        මට ඕන වුනේ ලොකු රතිඥ්ඥා පෙට්ටිය. නිලා කූරුය. බඹර චක්‍රය. අහස් කූරුය. කැට ගහන්නය. පංචි දමන්නය. ලස්සන ලස්සන ඇඳුම්ය.
ඒ විතරක් මදිව පවුලේ බාලය හින්දා ද මට බෝනස් ලැබුනේය.
 හැට හුට හමාරක් නෑ පරම් පරාවම විතරක් නොව ගමේ මිනිස්සුද මට තෑගි ගෙනත් දුන්නෝය. මුදල්ද දුන්නෝය.

      ඒත් එකක්වත් රුපියල් සීයකින් හෝ එහා වටිනාකමකින් වුනා නම් සීමිතවය. අපේ කාලයේ මුදලට වැඩි වටිනාකමක් ලැබුනේය. රුපියල් විස්සක් ලැබුනා කියන්නේ ඒ කාලේ හැටියට අද රුපියල් පන්දාහක් හා සමානයි කියා මට හිතෙන්නේය. ඒත් ඒ රුපියලේ දෙකේ විස්සේ පනහේ සීයේ කියා නැතිව ඒවට වටිනාකමක් තිබුනේය.

 මම දකින දකින කෙනාට ගිහින් වැන්දේ වෙන මොකුත් හින්දා නොව තෑගි බලාගෙන බව ද මට මතකය. (ඒත් මම ඒක ප්‍රසිද්ධියේ කීවේ නැත.)

   ඒත් මගේ අම්මාට උවමනා වුනේ අපිට හැදියාවන් කියාදෙන්නය. බොහෝ විට ඇය මගේ මුදල්ද පන්සලේ වැඩ වලට දෙන්නට කීවාය. ඒ කාලේ මා මරන්නට ගෙනිච්චා නම් ඊට වඩා හොඳයි කියා මට සිතීද තිබිනි.

    ඒත් ඇය මගේ අම්මාය. මට ජීවිතය, ආදරය ගැන කියාදීපු, මම අදහන ලොකුම මනුස්සයාය. ඇය මනුස්සයෙක් වුනා දැයි මට අදටත් විස්වාශ නැත. ඒතරමට ඇයගේ ජීවත්වීමේ කලාව මනුස්සකමෙන් දෙව්ලොවට සමාන වූ නිසාය. නැත්නම් මා වැනි හිතුවක්කාර දරුවෙක් මියගිහින් හෝ හොඳ ළමයෙක් කරන්නට ඇයට නොහැකිය.

මා ජීවිතය පටන් ගන්නත් කලින් ඇය ජීවිතයෙන් සමුගෙන ගියාය.   එදා පටන් මට අවුරුද්දක් තිබිලාම නැත.

   ඇත්තටම ගණන් බැලුවහොත් ඉන්පසු ගෙවුන අවුරුදු විසි දෙකෙන් මා ලංකාවේ අවුරුදු සමරා ඇත්තේ දෙපාරක් විතරමය.



  

 මෑත කාලයේ නම් දෙදහස් දහයේදීය.

 එතකොට අවුරුද්ද කොමර්සලයිස් වී තිබුනේය.

   හවුස් ඔෆ් පැසන් එකට ගිහින් ඉල්ලන ගානක් දී ගෙදර අයට හා දන්න කියන හැමෝටම ඇඳුම් අරන්, දකින දකින කඩ වලට ගොස් කෑම බීම ගෙදර අරන් ගිය අන්තිම අවුරුද්දය.  අක්කලා දෙන්නයි, අයියලයි, ළමයි යි ඔක්කොමලාම අයියලාගේ ගෙදරට එකතු වුන අන්තිම අවුරුද්දය.

 එදා අර අම්මාගේ ආදරයත් එක්ක තිබුන අවුරුද්ද වෙනුවට කොමර්ශල් අවුරුද්දක් මා විසින් අත්දුටුවෙමි .


මා හැමෝටම හොරෙන් අඬා උඩවලවට නාන්නට ගියෙමි  

අවුරුද්දේ ඇතිවෙන්න කඳුළු දිය කරමින් උඩවලවේ වැවේ මා නෑවෙමි.


  ඊට පසුව කවදාවත් මා අවුරුදු සමරන්න ගෙදර නොයන බව මා දැනගත්තෙමි.



    " අදත් අවුරුදුය. පුරුද්දක් විදියට මා අපේ ලොකු අක්කට, පොඩි අක්කට ළමයින්ට මස්සිනාලට වෙන වෙනම එකා ගානේ කතා කර විශ් කරන දවසය  "  දෙදහස් එකොලහ වෙනකම්ම අයියාටද එසේ කලෙමි. ඔහුගේ දරුවන්ද, බිරිඳද පැකේජ් එකට අයිති වුනේය.

   ඒත් ඉන් එහාට මා අයියාට විශ් කලේ නැතිය. අක්කලා දෙන්නා ඒ වෙනුවෙන් මට නොවදිනා වැඳුම් වැන්දාය. අම්මාගේ ආදරයෙන් නොඅඩුව බෙදාගන්න අක්කලා දෙන්නට මා අයියා සමහ අහිතවත්වීම ඔවුන්ගේ කෑම වේල නොකෑවා හා සමාන විය. ඒ මදිවට අම්මාගේ ආදරය අපේ ඉස්සරහා පරම්පරාවටත් අරන් ගිය අක්කාගේ ලොකු පුතා දවසින් දවසට "පුංචි මාමිට කෝල් කරා දැයි" අසයි. ඔහුගේ ලොකුම උත්සාහය වී තිබුනේ පුංචි හා මාමි කතා කරනවා දැකීමය.  ඒ ඔහු ඒතරමටම අපේ අම්මාගේ දරුවෙක් වීම හේතු කොට ගෙනය.

    මම හිතුවක්කාරය. කිව්වොත් කිව්වාමය. දෙවියන්ට වුනත් එහෙමය. . ඒත් ලෝකේ හැම එකාටම ආදරය කරන්නෙමි . සමාව දෙමි. රටේ ලෝකේ නොදන්නා උන් වෙනුවෙනුත් යුතුකම් ඉශ්ට කරමි. ඒත් තමන්ගේ අයියාට එහෙම පෙන්වන්නේ නැතිය. පොඩි අක්කාට දවස් දෙකෙන්, තුනෙන්, සතියෙන් කතා කර අයියා කොහොමදැයි අසමි. දන්නා කියන හැමෝ එක්කම ඇගේ අයියා ගැන කියා දුක් වන්නෙහිය. ඒත් මා ඔහුට ඒ බව නොපෙන්නුවෙමි.


     පොරක් වන මගේ හැටි එහෙමය.  ( පොරක් යනු ලොකු මිනිහෙක් වීම නොවේය)


 අපේ අක්කාගේ ලොකු පුතා හිටි ගමන් ඇවිත් "පුංචි, මාමි විල් ලව් යූ ෆෝ එවර්" කියන්නෙහිය. ඒ එක්කම "යූ ආ හිස් බෙස්ට්" කියන්නෙහිය. "සෝ ඉට්ස් සෝ අන්ෆෙයා යූ ගයිස් නොට් ටෝකින්" කියන්නෙහිය.

 අද අක්කාට කතා කර මම ෆෝන් එක තිබ්බෙමි. පස්සේ අක්කා මට ආපහු කතා කළාය . මා මගේ සහෝදරයන්ට පණ බයය. ඔවුනුත් මට එසේමය. මා ළඟ පාතක ඉන්නවා නම් මට ඇහෙන්නට පෙනෙන්නට මම අකමැති කිසි දෙයක් නොකරයි. ගම් වල ජීවත් වන ඔවුන් තවමත් ජීවත් වන්නේ "කල්චර්" එක ඔළුවේ තියාගෙනය. ඒවාට ළමයාගේ ඉඳන් ඔවුන් හැමෝම මගෙන් බැනුම් අසා ගනිති. ඒ හන්දා  පොඩි ළමයාගේ ඉඳන් මට බයය. ඒ ඔවුන්ගේ, පොඩි එකා හා රට පුංචී වන මම, කල්චර් එක ඔවුන්ගේ ඔළුවේ ගසා ආදරය ගැන කියන හින්දාය. 

  

     ඉතින් අද අක්කා කෝල් කර කීවේ අයියාට කතා කලේ නැද්ද යන්නය. මම බය වීමි. එහෙමය. ලොකු පොර ටෝක් දුන්නට මම තාමත් අපේ අක්කට හෙන බයය. මම "ම්ම්ම්" කියද්දිම "ඔයා අයියට කෝල් කරන්න. අනිත් කාටවත් කෝල් කරේ නැති වට එයාට කතා කරලා සුභ පතන්න" යැයි කීවේය. මම "හ්ම්ම්" කීවෙමි.

     මම ගෙම්බෙක් වගේ ආපහු ගොස් දුරකථනයට සම්බන්ද වුනෙමි. ගෙදර ෆෝනය උත්තර දෙන්නේ නැත. මොබයිල් එකටද කිහිප පාරක් ගෙන බැලුවෙමි. ඇත්තය. ඒ මගේ අයියාය. මම ඔහුට මගේ අක්කලාටත් වඩා ආදරය කරමි. එය හැමදාම එහෙමය. එය කවදාවත් වෙනස් වුනේ නැත. ඉතින් මා ඔහුට ආදරය ගැන මුලින්ම ඔප්පු කර පෙන්විය යුතුය.  මම මගේ අම්මාගේ මාර්ගය අනුගමණය කල යුතුය. නැත්නම් මම ලෝකේ හැම එකාටම කරන ආදරේ තේරුමක් නැත. හංගාගෙන ආදරය කිරීම විහිළුවකි.

     මගේ අයියා යහපත් මිනිසෙකි. ඔහු සමාජයට වරදක් කර නැත. මම වගේමය.  ඒ මගේ අයියාමය. ඒත් ඔහු ඔහුට වැරදි කරගත්තෙකි. ඒක මට හා මගේ සහෝදරියන්ට අසීමාන්තික වේදනාවකි. එයට මම ඔහුට සමාව නොදෙන්නෙමිය. අයියාද නංගී වගේම පොඩි අක්කාගෙන්, අක්කාගේ පුතාගෙන් දවසින් දවසට මම ගැන අහන්නෙහිය. ඒත් අපි දෙන්නාගේ ආදරය අහංකාරය.

 අක්කා කියපු හින්දා වුනත් මම අද අයියාට කතා කලෙමිය. ඔහුට සුභ අලුත් අවුරුද්දක් වේවා කීවෙමි. එය සුභ කර ගැනීම ඔහු කරගත යුතු දෙයකි.

  


 මෙය මගේ කතාව වුනත්, මෙහි ලොකු යතාර්ථයක් ඇතිබව අපි තේරුම් ගත යුතුය.  
 ලෝකෙට ආදර්ශ දෙන්න කලින් අපි නිවැරදි විය යුතුය. ඒ මගේ අයියාය. ඔහු මට වරදක් කර හෝ නැති වුනත් එය මා ගණන් ගතයුතු නොවේ. විශේශයෙන් ඒ අපිය. 


  අවුරුදු හෝ එකී නොකී උත්සව යනු ආදරය බෙදාගන්නා තැන්ය. ලෝකය හදන්නට කලින් අපි අපි ටම ආදරය කලයුතුය.

 අවුරුදු යනු ආදරයය..... අනෙකාගේ සතුට වෙනුවෙන් අපි සතුටු වීමය.....

 ඒ මගේ,  අවුරුදු වෙනුවෙන් හැමෝටම,  ආදරයේ පනිවිඩයයි.....


 එන්න අපි ආදරේ බෝ කරමු...... මනුස්සකම බෝ කරමු..... වර්ගවාදිකම් වලින් මිදී අපි හැමෝම එකිනෙකා වෙනුවෙන් ආදරය බෙදාගමු....

  

   
    

(පසු ලිවීම.) 

අයියා හා මා කතා නොකර හිටියේ අවුරුද්දක් හින්දා නෙවේය. දෙමාපියන් මිය ගියදා සිට අද වෙනතෙක් අපි හතර දෙනා ආ ගමනද බොහෝ දිගය. ආදරය පිරී තිබු ගමනකි. අපි එකෙක්වත් ඉඩකඩම් මිළ මුදල් හමුවෙහි වාද කරද නැත. නොකරනුද ඇත. ඒත් ජීවත්වීම යනු එය නොවේ. අපි අපිට පැවරුණු සමාජ වගකීම් තිබේ. අපි අපේ වෙනුවෙන් ජීවිත ගොඩ නගා ගත යුතුව ඇත. දරුවන් හැදීම, ඔවුන් යහපත් මිනිසුන් කිරීම යනු අපගේ වගකීමකි. 
 ඒවා අප රටේ ලොකේ මිනිස්සුන්ට නොකීවට අප වෙනුවෙන් ඒවා බෙදාගන්නෝ වෙමු. මම අසීමිතව බැඳීම් වලදී ඒ වෙනුවෙන් කැපවෙමි.  ඒ වෙලාවට මට අයියා හෝ මල්ලී කියා ප්‍රශ්නයක් නැත. ඔවුන්ගේ ළමයි මගේ නෙමෙයි කියාද ප්‍රශ්නයක් නැත.  යාළුවන්ගේද එසේමය. මගේ එක්ස්ලාගේද කියාවත් මට ප්‍රශ්නයක් නැත. ඒ ඔක්කොම මගේ ළමයිය. 
ඒවා මාව පෞද්ගලිකව ළඟින් ඇසුරු කරන පුද්ගලයන්හට අරුමයක්ද නොවේ. 

  අයියා හා ඔහුගේ පවුලද එසේමය. එතනදි ෆේල්වීම යනු මම ඔහුගේ තරහා කාරයෙක් යන්නම නොවේය.






 

11 comments:

  1. සුබ අලුත් අවුරුද්දක් වේවා!
    අයියට කතා කල එක හොඳයි.

    ReplyDelete
    Replies
    1. ඔව් රාජ්.
      ඉඳලා හිටලා හරි එහෙම කතා කරලා බැන්නම එයාලත් මොටිවේට් වෙනවා.
      අන්තිමට කතා කලේ පෙබරවාරි මාසේ.

      Delete
    2. රාජ්ටත් සිය පවුලටත් සුභ අළුත් අවුරුද්දක් වේවා.... !

      Delete
  2. දෙන්නගෙන් එක්කෙනෙක් හරි පළවෙනි පියවර තියන්න ඕනනේ. බුරු බබා අම්මගේ දුව නිසා ඒ පියවර තිබ්බ එක හොඳයි.
    සුභ අලුත් අවුරුද්දක්!

    ReplyDelete
    Replies
    1. හුහ්... මෙයාලා අපි ගැන හිතාගෙන ඉන්නෙ අපි නරක ළමයි කියලානේ. අපි හොඳ ළමයි හරිය.!!

      හෙහ්....

      Delete
  3. උඹ මේකේ ලොකු කන්ෆෙෂන් එකක් කරලා තියෙන්නේ... උඹේ ගිල්ටිය වහගන්න උඹ පොර ටෝක් දුන්නට උඹ ලියලා තියෙන අකුරක් අකුරක් ගානෙම උඹ විඳවපු එක හොඳට ප්‍රදර්ශනය කරනවා....!

    සුභ අළුත් අවුරුද්දක් මචෝ....!

    ReplyDelete
    Replies
    1. කගෙද ව‍රදද කියලා නෑ මචං මේවගේ ඒවයෙදි අපි විඳවනවා. හේතුව ආදරය කිරීමයි.
      අපේ අයියයි මායි පොඩි කාලේ ඉඳන්ම එකට දඟ වැඩ කලේ. එයාගේ ගෝලයා තමයි මම. කරන තරමක් කලේ මැර වැඩ. කොටින්ම බැලුවම අක්කලා දෙන්නට වඩා අපිට ගොඩක් දේවල් ලැබිලා තියෙනවා පොඩි කාලේ. අපිට එපා දේවල් විතරයි අක්කලා දෙන්නට. දැන් අක්කලා දෙන්න අයිය වෙනුවෙන් පෙනී හිටින්නේ මම පොඩි කාලේ වගේ. ඩියපර්ස් අන්දන්නේ නැති එක විතරයි.
      මම එහෙම නෑ. වැරදි නම් අයිය වුනත් වැරදි.
      දැන් ඒ කියපු දේවල් වල ප්‍රතිඵල ලැබිලා. ඔහු දුකෙන්. ඒකයි අක්ක අද මට කීවේ කෝල් කරන්න කියලා.
      අක්කලාට වඩා මට ඒකට දුකයි. ඒත් මොනවා කරන්නද? අම්මා හිටියා නම් දුකෙන්ම මැරිලා යයි.
      එහෙම තමයි දුක වචන කලාම ඒක කන්ෆෙසන් එකක් තමයි.... !!!
      සුභ අලුත් අවුරුද්දක් උඹටයි රෝස කුමාරි ඇතුළු ළමයින්ටයි වයිෆ්ටයි....!

      Delete
  4. //Ricordi,Racconti, Passioni, Cibi e specialmente Buon Vino.//

    e soprattutto .. traboccante di amore,

    ReplyDelete
  5. ආදරය බෝ කරන පොස්ටුවක්. ඔබටත් ආදරණීය අයියාටත් පවුලේ හැමෝටමත් සුබ අලුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
  6. බොහොම සමීප සටහනක්.

    මම කියන්න උන්නු දේ දුමිය කියල ගෙහුන්. අපි පොරවල් වගේ උන්නට පොරවල් නෙමේ.

    උඹටත් පවුලෙ හැමෝටමත් සුභ අලුත් අවුරුද්දක් වේවා..!

    ReplyDelete
  7. හරිම සතුටුයි අයියට කතා කරපු එක ගැන.. සිංහල අවුරුද්ද කියන්නේ හැමෝම එකිනෙකාට ආයිමත් ලංවෙන තැනක්.. රංගි වගේම තමයි මාත් ආදරේදී හරිම අහංකාරයි.. ඒත් ඒකෙන් මට අහිමි වෙච්චි මිනිස්සු හා කාරණා හුඟායි.. ඒක නිසාම මං දැන් මේ වගේ අවස්ථාවල් ප්‍රයෝජනයට ගන්නවා මගේ මාන්නය බිඳගෙන සාමාන්‍යකරණය වෙන්න.. ඔව්. එන්න අපි ආදරය බෝ කරමු. ජය ශ්‍රී!

    ReplyDelete