බ්ලොග් වසන්තේ.... බොහොම ස්තූතියි....


         වසන්තය ගැන මට මොකුත්ම කියන්න බැරි වුනා. අපේ දුමියා ඉන්දික ප්‍රමුඛ ටීම් එකේ වැඩේ හොඳම ප්‍රතිඵල ලැබුනා කියලා කියන්නත් උන්ට Hats Off කියන්නත් මේකම අවස්ථාවක් කර ගන්නවා. 

 ඇත්තටම බ්ලොග් කීවම, නිතර නොකීවට මගේ සිංහල දැනුම වර්ධනය කරගන්න මූලික වුන බේස් එකක් තමයි සිංහල බ්ලොග්. ඒ ගැන මුලින්ම සිංහලෙන් බ්ලොග් ලියපු හැමෝටම ස්තූතිවන්ත වෙන්න ඕනේ.2008 වගේ ඉඳන් මම සිංහල බ්ලොග් කියවන්න පටන් ගත්තා. 2007 ඉඳන් මට  බ්ලොග් එකක් තිබ්බා. ඒත් මම සිංහලෙන් බ්ලොග් ලිව්වේ නෑ. එහෙම ලියන්න මට සිංහල ලියන්න පුළුවන් කමකුත් තිබ්බේ නෑ. 
  
    ඒත් මම කියවන්න ගත්ත දවසේ ඉඳන් අද වෙනකම් කියවන එක අඩු කරලත් නෑ. මම කැමතිම මිනිස්සු කීප දෙනෙක් මට බ්ලොග් වලින් මුණගැහිලා තියෙනවා. සමහර යාළුකම් බොහෝ දිග ඒවා. ඒවා වයින් එකකට, තේ එකකට, කෑම වේලකට වඩා එහේ මෙහේ ගිය පවුලක කතා වෙලා. පෞද්ගලික කතා කරලා නැති බොහෝ අය වුනත් ලියන දේවල් හරහා මම  අඳුනගෙන තියෙනවා. 


  නිතර බ්ලොග් නොලීවට, බ්ලොග් එක මගේ ජීවිතේ නොවුනට තවමත් ඉඳලා හිටල කොමන්ට් එකක් දාලා එන්න හෙම මම නම් බ්ලොග් අස්සේ ගැවසෙනවා. මට හිතුනම මම ලියනවා. කොහොමත් ලියන්නම ඕනේ කියලාවත්, අනිත් අය කියන හින්දා ලියන කෙනෙක්වත් නෙමෙයි මම. මම බොහොම නිදහස් මනුස්සයෙක්. ඒවගේමයි කියවීමත්. සමහර වෙලාවට කියවන්න උවමනාවුනත් කියවන්න නොහැකිවෙන බ්ලොග් නම් අනන්තයි. 

   ඉතින් මට අහම්බෙන් අහුවෙන බ්ලොග් එකක් දැකලා හොඳයි කියලා හිතුනොත් මම අඹගහයටට ඇඩ් කරලත් එනවා. (බ්ලොගර්ස් හමු අරවට මේවට මම කවදාවත් ගිහින් නෑ. යන්න අදහසකුත් නෑ. ඒත් බ්ලොග් අස්සෙන් හම්බ වුන සිංගල් මිනිස්සු නම් හමුවෙනවා.) ඒත් බ්ලොග් අවකාශයේ හොඳ වැඩක් වෙනවා නම් හොඳයි කියන්නත් මම මැළි වෙන්නෙත් නෑ. 

        ආපහු කතාවට ආවොත් අර දුමියලා දුකාලා වගේ මිනිසුන්ගේ සහෝදරකම මම දැක්කේ මීට අවුරුදු හතරකට කලින් දිළුම්ගේ වැඩේදි.  කවදාවත් දැකලා නැති වයර් අස්සේ දැක්ක මනුස්සෙක්වෙනුවෙන් එහෙම කැපවීමක් කරන්න ලොකු මනුස්සකමක් තියෙන්න ඕනේ. ඒක හොරුන් බිහිවෙන්න තෝතැන්නක් වුනාට එතනදි ලොකු මනුස්සකමක් බ්ලොග් අවකාසෙන් එලියට ආවා. ඒක අගය කළයුතුමයි. කොච්චර කාලයක් ගියත් ඒක මට නම් අමතක වෙන එකක් නෑ. 

      ඉතින් එහෙන් මෙහෙන් පරණ බ්ලොග් ලියපු මිනිස්සු කුහකයි කියනවා කියලා දකිද්දි මට නම් ටිකක් අවුල්. මම බ්ලොග් අවකාශේ අද වෙන දේවල් දන්නේ නෑ. මට දැනගන්න උවමනාවකුත් නෑ. ඒත් එහෙම ලොකුවට අපේ මාතලන් වගේ අය පරණ එවුන් එහෙමයි කියද්දි ලොකු කණගාටුවක් දැනෙනවා. මොකද මාත් පරණ බ්ලොග් ලියන කෙනෙක්. මම ආසයි මිනිස්සු ලියනවා දකින්න. ස්ලෑන් වගේ ඒව කියෙව්වේ නැති වුනාට, කොමන්ට් දැම්මේ නැතුවට අනිත් බ්ලොග් මට අහු උනොත් කියවලා එන කෙනෙක්. 

   වසන්තයේ ලියන්න ආපු පරණ බ්ලොග් ලියන අය ඉඳලා හිටලා හරි ආපහු ලියනවා දකිනවට මම නම් ආසයි. පරණ ලියපු බොහෝදෙනෙක් නතරවීමම මට නම් දුකක්. ඒත් බ්ලොග් ලියනවට අපිට ජීවත්වීමේ මාර්ගයක් ලැබෙන්නේ නෑ නේ. බිසි වීම අස්සේ එහෙම වෙන එකත් සාධාරණයි. ඒත් පොඩි වෙලාවකදි හරි ආපහු ලියන්න පුළුවන් නම් වටිනවා. දුමීලා මේ දීපු කික් එක සෑහෙනන් වටිනවා. මොකද අර මොකක්ද බ්ලොක් එක හැදුනම ආපහු ලියන්න ගන්න හරි අමාරුයි. 

  බ්ලොග් වසන්තේ ඉවරයිලුනේ අදින්. මේක මගෙන් ලියවෙන තෑන්කින් පෝස්ට් එක. ඒ වගේ එකක් හරි කරලා ආපහු මිනිස්සු ලියන්න ගෙන්වා ගත්ත එකට උඹලාට බොහොම ස්තුතියි. මෙතන කියවන්න බැරි වුන අයට ඔක්කොම ලින්ක් ටික තියෙනවා වගේ.

 අලුත් පරණ බේදයකින් තොරව බ්ලොග් ලියවෙන්නයි ඕනේ. 

(නිතර කොමන්ට් නොකලට ඔක්කොම පෝස්ට් නොකියවුවාට මාත් බ්ලොග් කියවන එක අතහරලා නම් නෑ. )
  

7 comments:

  1. චැහ්: ඊයෙ දාපු කමෙන්ටුව නෑ!

    ReplyDelete
    Replies
    1. ආ... කෝ රාජ් ඔයාගේ පෝස්ට්? අවුරුදු සමරනවද තවම?
      මේකේ කොමන්ට් නැථිවුනාට කමක් නෑ රාජ්ගේ බ්ලොග් එක ලියවෙනවා නම්...
      :)

      Delete
  2. මම නම් අළුත් පරණ හැමෝම ලියනවට කැමති අළුත් එකෙක්.. වසන්තයට කැමති උනේ ඒකමයි..

    ReplyDelete
    Replies
    1. උඹ ඒ උනාට වසට්න්තෙට මුකුත් ලිව්වෙ නෑනෙ ගෙම්බො

      Delete
    2. එහෙම අලුත් පරණ භේදයක් නෑ කල්‍යාණ. එහෙම එකක් තියෙනවද කියන්න තේරෙන්නේ ඔය බ්ලොග් අස්සේ කියවනකොට. මම හිතන්නේ නෑ එහෙම අවුලක් තියෙනවා කියලා. මාත් ඉස්සර ඉඳන්ම ලියන කියවන කෙනෙක්. ඒත් හැමෝම ලියනවට ආසයි. ඒක අලුත් ද පරණද කියලා කවුරුත් බලන්නේ නෑ.
      ඒත් ඉස්සර හිටපු සමහර ලියපු අය නැතිඅ ඩුව හොඳට දැනෙනවා. එහෙමම අලුත් අයත් ඉන්නවා.

      Delete
  3. වසන්තය නිසා සෑහෙන දෙනෙක් ලිව්ව, ඒක අපිට සතුටවක් කිය්වන්නන්ට සහ ලියන්නනට උත්තේජකයක්. කොටිම්ම උඹත් මේකෙ මලකඩ කඩල ගත්තෙ වසන්තය නිසානෙ :)

    ReplyDelete
    Replies
    1. මම නම් මචං මට හිතුනම ලියන එකානේ. අනික මගේ සිංහල ගැන මොන කතාද උඹලාවගේ අලුක්කාල් එක්ක හැප්පෙන්න.
      ඒ වුනාට වැඩේ සෑහෙන්නම සාර්ථකයි නෙව.... අන්න අද නළිණිත් ආයේ ලියලා.. දුමියාටත් පැට්‍රල් ටිකක් ගහමු...

      Delete