සත්සියක් මිනිසුන් වෙනුවෙන් සත්සියක් කඳුළු.....


     අද නම් හිත කඩා වැටිලා.





        උදේ  මම නැගිට්ටේ අටට විතර.

     ඊයේ රෑ ක්ලබ් එකේ මැච් එක බලලා ගෙදර ආවෙත් පරක්කු වෙලා. ඒ මදිවට ඔය මහ රෑ වෙනකම් ඉඳලා ගෙදර ආවම හිටි ගමන් talk show  බලන්න සෙට් වෙනවා. සමහරවිට කතා කරන subject එක interesting  නම් පාන්දර වෙනකම් වුනත් ඕවා බලන්න සෙට් වෙනවා මම. ඒ වෙලාවේ clandestine ගැන debate එකක් ගිය හින්දා පොඩ්ඩක් වුවමනාවෙන් බැලුවා. ඒක ඉවරවෙන්න ඔන්න මෙන්න තියෙද්දි ලිබියන් මුහුද මැද ගිලෙන මිනිසුන් ජාවාරම් කරන මාළු බෝට්ටුවක් ගැනත් කියවුනා.

      අටට නැගිටලා පුරුද්දට news update දාලා ඇඳේම නින්දයි නොනින්දයි අතර ඉන්නකොට මෙන්න පටන් ගන්නවා හත්සියයක් මිනිසුන් මුහුදේ ගිලෙමින් මැරිලා කියලා.


news video

      ඒ වගේ දෙයක් අද වගේ දවසක වෙනවා කියන්නේ හරි පුදුමයක්. හත්සියයක් කියන්නේ ලොකු ගනණක්. ඒ වගේ මිනිසුන් සංඛ්‍යාවක් එක පාර මියදෙනවා කියන්නේ ලේසි පාසු දෙයක් නෙමෙයි.

           ඒ මිනිස්සු බොහොමයක් වගේ එන්නේ අප්‍රිකා රට වලින් යුද්දයෙන් පැනලා යන්න. ඒ වගේම ලංකාව, පකිස්තානය, බංග්ලාදෙශ් වගේ රටවල අය වාසනාව හොයාගෙන.  එහෙන් ISIS (ලේසියට ඊසීස්) ලා ලෝකෙ පුරා මිනිස් සංහාර කරනවා. ඒ අස්සේ මේ වගේ ජාවරම් කරුවෝ අහිංසක මිනිස්සු අල්ලගෙන මිනිස් ජාවාරම් කරනවා. මට තේරෙන්නේ නෑ තවදුරටත් අපි ජීවත් වෙන්නේ කොහේද කියලා.

          මම දන්න එකම දේ මේ මැරෙන්නේ අපි වගේම මිනිස්සු. හීනලන්ත මවාගෙන, එහෙම නැත්නම් කාගෙහරි බොරු අහගෙන හිතෙන් හීනලන්තයක් මවාගෙන තියෙන ඉඩකඩම් ඔක්කොම විකුණලා එහෙම නැත්නම් ඇඳිවත විතරක් අරන් බෝට්ටුවකට නඟින මිනිස්සු. හරියට swift  එකක් වගේ... හරි ගියොත් හරි. වැරදුනොත් එහෙමයි කියලා තම්න්ගේ මුළු ජීවිතේම ඔට්ටුවට තියලායි මේ ගමන් එන්නේ. sacafistiලා කියන්නෙම මිනිස් ජාවරම් කාරයෝ. උන්ට මොන මනුස්සකම්ද? පොඩි ළමයි, බබාලා හම්බවෙන්න ඉන්න කාන්තාවෝ පවා මේ මිනිස්සු තමන්ගේ බිස්නස් එකට යොදාගන්නවා. යුද්දෙන් පැනලා යන මිනිසුන්ට තමන්ගෙ ළමයි ජීවත් කරවන්න හරි හීනයක් තියෙනවා. සැමන් ටින් පැක් කලා වගෙ තමයි.



      
          ඉස්සර මම ඔය කෑම්ප් වල වැඩට යනවා. ඒ කාලේ මට සුමානයක් දෙකක් යනකම් ශොක් එක. එකක් ඒ මිනිසුන්ගෙ කතන්දර අහද්දි දැනෙන කම්පාව. අනික ඌරන්ට මොන සෞඛ්‍යයද කිව්වා වගේ මේ මිනිස්සු කඳවුරු වල ඉන්න අපිරිසිදුකම හා සිවිලයිස් නොවුන මිනිස්සු වීම. සමහරවිට අර මිනිස් ජාවාරම්කාරයෝම අපිව බය කරගෙන තර්ජනය කරගෙන ඔවුන්ගේ වැඩ කරගන්නවා. හරියාකාර අත්‍යාවශ්‍ය පහසුකම් නැතිව, ළමයි, අම්මලා අඬද්දි ඒත් අපේම ළමයිනේ කියලා මිසක් වෙන දෙයක් හිතෙන්නෙත් නෑ. ඒත් ඒවගේ හිතලා ඒවයේ වැඩ කරන්න බෑ. රස්සාවක් වෙනුවෙන්, සල්ලි හොයන්න විතරක් ඒ වගේ තැන්වලට යන එක මම නතර කලා. මොකද ඒවයින් මම ලබපු කම්පණය තාමත් සමහරවිට දැනෙනව අවුරුදු ගාණක් ගිහිනුත්.

   
       මම දන්නේ නෑ කොහෙ හරිද කොහේ වැරදිද කියලා. ඒත් කතා දෙකක් නෑ ඉතාලි රජය මේ වෙනුවෙන් ලොකු දුකක් විඳිනවා. ඒක වෙන්න හේතුවත් වතිකාණුව තමයි. එහෙම නැත්නම් ඒ මිනිසුන්ව කිසිම කෙනෙක් බාරගන්න එකක් නෑ. ඒ අතින් අපි පාප් වහන්සේ හා කතෝලික පල්ලියට  ස්තුතිකරන්න ඕනේ. පල්ලියේ බලපෑමක් නොතිබුනා නම් අනිකුත් යුරෝපයේ රටවල් වගේ ඉතාලියත් අත කට වහගෙන ඉඳියි.


    මොකද ඔය අල්ලපු රටවල්වත්, යුරෝප් කොමියුනිටි එකවත් මේ ප්‍රශ්නෙට උත්තර හොයන්නේ නෑ. ඔවුන්ගේ දේශ  සීමාවන් විතරක් ආරක්ශා කරගෙන ඉන්නවා. මේ එක්මනුස්සයෙක්ට දවසකට රජයෙන් දරන වියදම 40€ ක් හෝ සමාන ගාණක්. (ඒවයිනුත් අර අතරමැද බිස්නස් කාරයෝ ගාණක් ගහගන්නවා. අත්‍යාවශ්‍යය පහසුකම්වත් නැති කඳවුරු තමයි අන්තිමට බහුතරයක් තියෙන්නේ) ගිය  week end  එකට විතරක් ඔය මාළු බෝට්ටු වලින් ඉතාලියට ඇතුල් වෙච්ච මිනිසුන් ගණන් 5600ක් හෝ සමාන ගණනක්. ඉතින් හිතාගන්නකෝ කොහොමට මේ ප්‍රශ්නේ ඔඩු දුවලා ඇතිද කියලා. කොටින්ම සවුත්කෝස්ට් වල මේ වෙද්දි පාසැල් පවා කඳවුරු වෙලා.






     මේ අනවසර රැඳවියන්ට කෑම බීම ඇඳුම් පැළදුම් හා එදිනෙදා අවශ්‍යතාවෙනුවෙන් මුදලක් රජයෙන් දෙනවා. සමහර තුන්සීයක් හාරසීයක් ඉන්න පුළුවන් කඳවුරු වල අඩුම ඉන්නෙ අටසීයයි දාහයි. මේ රැඳවියන්ගෙන් හෝ මේ වර්ගයේ බහුතරයක් විදේශ ශ්‍රමිකයන්ගෙන් රටට වාසියක් නෑ. ඔවුන් රැකියාවක් කරත් ඒ මුදල් ඔක්කොම ඔවුන්ගෙ රට වලට අරන් යනවා. ඉතාලියේ ආර්ථිකය වැටෙන්න මූලිකම හේතුවකුත් ඒක. ඒකේ දෙපැත්තක් තියෙනවා. කොටින්ම ඔය බොහෝ විදෙස් ශ්‍රමිකයන් කරන රැකියා රට වැසියන් කරන්න අකමැති රැකියා. විරැකියාව ඔඩු දිව්වට  මිනිසුන්ගෙ අහංකාරකම අඩුවෙන්නෙත් නෑ නේ. දෙකට ගනින්න බෑ ඒ වුනාට ඕනේ පුටු රත්කරන නිකම් ඉඳන් වැටුප් ගන්න රැකියා. අන්තිමට වෙන්නේ අර බල්ලා පිදුරු කන්නෙත් නෑ කතාව තමයි. ඔය වැඩ කරන විදෙස් ශ්‍රමිකයාටත් ඊර්‍ර්ශයා කරනවා. ඊට පස්සේ ඒක ජාතිවාදයක් වෙනවා. ඒවයින් බිස්නස් කරන politician ලාත් ඉන්නවා.( හරියට අර ලංකාවේ වගේම) එකම දේ ඒකට රජයෙන් අණුමත කරපු දෙයක් නෙමෙයි) racist issue වලදි නඩු දාන්න පුළුවන්. ඒක හින්දා අර LEGA NORD වගේ එකෙක් දෙන්නෙක් ඇරෙන්න බහුතරයක් මිනිසුන් racist නෙමෙයි. ඒත් බහුතරයක් මිනිසුන්ට මේ ප්‍රශ්නය දැන් දරාගන්න බෑ. කොටින්ම මට වුනත්. අඟලින් අඟලට හිඟන්නෝ වෙච්ච විදේශිකයෝ. රැකියාවලට වඩා ඔවුන්ට ඕනේ ලේසි මුදල්. ඉතින් හොරකම් වගේ දේවල් බහුලයි. රටේ ආරක්ශාවටත් මේක ලොකු තර්ජනයක්. ඉතින් දොස් කියන්නත් බෑ.


      හත්සීයක් මිනිස්සු මුහුදේඅතරමං කරලා මැරිලා ගියාම හඬන්නේ එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි. මිනිස්සු ලෝකේ පුරාම හඬනවා ඇති.  අද දවසෙම දකින්න අහන්න ලැබෙන්නේ මේ මිය ගිය මිනිසුන්ගේ කතා. දකින හමුවෙන හැමකෙනාම කතා කරන්නෙත් ඒක. ඒකට ඒ මැරුනේ කොහේ කවුරු කියන එකද කියන එක කාටවත් වැඩක් නෑ. ඒ මැරුනේ මිනිස්සු කියන එක විතරයි හැමෝම කතාවෙන්නේ. අද පෝප් ෆ්‍රැන්චෙස්කෝගේ කතාව නිකම් අඬන්න ලංවෙච්ච කෙනෙක් වගේ. හැමෝගෙම හඬවල් ඒ වගේ.....


                      from FB   

         මේ මිනිසුන්ගේ කතා දහස් ගාණක් මට ලියන්න පුළුවන්. එක අතකින් අර මගේ යාළුවෙක් කීවා වගේ ඔවුන් ජීවත් වීමේ ප්‍රශ්නයෙන් මිදිලා. අපිට ඒක දුකක් වුනත් ඔවුන් තවදුරටත් විඳවන්නේ නෑ. අර හීනලන්තය හොයාගෙන බහුතරයක් මිනිසුන්ගේ  ඉතිරිවෙන හීනලන්තයේ කතාව හරි දුශ්කරයි. කොටින්ම මටත් වෙලාවකට ඒ කතා අහන් ඉඳලා මගේ රස්සාව එපා වෙනවා. ඒත් ආයෙත්, මාත් එහෙම හිතුවොත් මගේ මනුස්සකම කොහෙද කියලා හිත ආපහු ශක්තිමත් කරගෙන මම වැඩ කරනවා. කොටින්ම අපි ගෙවන ජීවිත කොයිතරම් දුශ්කර වුනත් මේ වගේ මිනිසුන්ගේ ප්‍රශ්න එක්ක බලනකොට අපි ප්‍රශ්න කියන දේවල් අහලාවත් නෑ කියලා මටම හිතෙනවා කොච්චර චොර වෙලා ඇඬුවත් මම. :)


     ආයෙත් නම් මේ වගේ කතා අහන්න වෙන්න එපා....  ඒ විතරක් නෙමෙයි දන්න කියන කාටවත් මේ වගේ සෞභාග්‍යලන්තයට යන්න ඉඩ තියන්නත් එපා. නීත්‍යාණුකූල ක්‍රමයකට හැර වෙන ක්‍රම වලට විදේශයකට ගියාම උදව් කරන්න පුළුවන්කමක් අපි කාටවත් නෑ.

 මියගිය හැමෝම මගේ හිතේ ජීවත් වෙයි. ඔවුන් වෙනුවෙන් මගේ හිස්කම විතරයි මේ වචන වල ලිය වුනේ... 



 (ගූගල් පිංතූර අනුග්‍රහය.)

10 comments:

  1. තවත් මේ වගේ කතා අසන්නට නොලැබේවා!

    ReplyDelete
    Replies
    1. මේක ලියනකොට ඩෙත් ටෝල් එකයි මම ලීවේ. දැන් දහසකට කිට්ටු ගණනක්ලු. මට තේරෙන්නේ නෑ...

      Delete
  2. හරි හිස්කමක් දැනෙනවා මෙව්වා අහනකොටත්,අසරණ මිනිස්සු.ඉතාලියත් අතරමන් මේ වැඩෙන්.

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. //විරැකියාව ඔඩු දිව්වට මිනිසුන්ගෙ අහංකාරකම අඩුවෙන්නෙත් නෑ නේ. දෙකට ගනින්න බෑ ඒ වුනාට ඕනේ පුටු රත්කරන නිකම් ඉඳන් වැටුප් ගන්න රැකියා.//ඔය වැඩ කරන විදෙස් ශ්‍රමිකයාටත් ඊර්‍ර්ශයා කරනවා. ඊට පස්සේ ඒක ජාතිවාදයක් වෙනවා.//
    https://www.facebook.com/photo.php?fbid=363332937199253&set=a.202569563275592.1073741830.100005676481207&type=1&theater

    ReplyDelete
    Replies
    1. ප්‍රා, මේ ගැන දවස් ගණන් කතා කරන්න පුළුවන්. මෝඩ නූගත් මිනිස්සුන්ට ඉරිසියාවක් තියෙනවා තමයි. ඒත් බහුතරයක් අපේ යාළුවන්ට වුනත් එම තත්වයෙදි සාධාරන වෙන්න බෑ. හේතුව රජය තමන්ගේ වැසියන්ට වඩා විදේශිකයන්ට සලකන එක. ඒ මිනිස්සු ටැක්ස් ගෙවන්නෙත් නෑ. නීත්‍යාණුකූල විදියට හැමදෙම කරනවා නම් අවුලක් නෑ.

      Delete
  5. මං දන්නව යුරෝපයේ ඔය ගැන දෙපැත්තටම සාදාරණ හේතු තියනව කියල. මං ඔතන ඇත්තටම කිව්වෙ දකුණු අප්‍රිකාවේ ප්‍රශ්නය ගැන.

    ReplyDelete