"පොල් සම්බෝලයක් වත් නැති දුප්පත් බුරු බබෙක්"





 

     
          මේ ඊයෙ පෙරේදා අපේ රාජ් මහත්තයා ලියලා තිබුනා නෙව තල ගැන නොස්ටැල්ජික් කතාවක්....
 ඒක කියවලා හරිම හිතේ අමාරුවෙන් හිටියේ.

         මොකද ඔය අපේ බුරුබබාට තියෙනවා ලෙඩක්. මොකක් හරි ඉස්සර කාලේ කෑමක් ගැන කියපු ගමන් පස්ස බිම හපා ගෙන ඔය ඒ කාලේ කෑම බීමේ නොස්ටැල්ජියාව එක්ක සක්මන් කරන එක. ඔය ගහක් ගලක්, මඩ වලක්, මුහුදක්, කැලයක් ගැන කීවමත් එහෙමයි කියලා බුරු බබාගේ යාළුවන්ගෙන් නිතර කියවෙනවත් එක්ක. ඒ තරමට බුරු බබා සංවේදියි ඔය වගේ දේවලට.


       නැතිව ඔය චීස්, හැම්, බේකන්, ෆ්‍රයිඩ් රයිස් හා එකී නොකී අද කාලේ සුපිරි කෑම ගැන එයාට නෑ නේ වගේ වගක්. :)

      (වයින් ගැන නම් පොඩ්ඩක් විතර චොර වෙනවා. ඒත් වයින් කීවට ඔය බර සාර වයින් මිසක් වෙන වෙන ඒවා ගැන ගාණක්වත් නෑ.) (-:

      බුරු බබා ඉපදුනේ ඩොටේ කියන එක අහන්නත් දෙයක් නෙමෙයිනේ. ඉතින් බුරු බබාගේ ළමාකාලේ මතක ඔක්කොම තියෙන්නේ ඩොටේ ඔරිමජිනල් ඒවා. ඒවා අද කාලේ ඉන්න බොහෝ අයට ලබාගන්න බෑ. ගමක ජීවත්වෙන අයට වුනත් ඒවා වචන හෝ කතන්දර විතරයි. ඒ වුනාට ඔය බුරු බබා ඉන්න රටේ ඒවා සාමාන්‍ය ජීවිතයේදි අදටත් විඳින්න පුළුවන් දේවල්. ඒකම දේ බුරු බබාගේ අතීත කාලේ බුරු බබා වටේ හිටපු මිනිස්සු එක්ක ඒක ලබාගන්න බැරි එක විතරයි. ඒක හින්දම බුරු බබා, නිවාඩු කාලේට බුරු බබාගේ යාළුවන්ව, පොඩි මෑන්ලා හෙම අරන් යනවා ඔය අතීතකාල සෞන්දර්ය චාරිකා වලට.

   ඒ ගියහම ඉතින්, එකී නොකී ඩොටේ වලින් ආව, දැන් කොළඹ පොශ් නෝනලා මහත්තැන්ලා වෙච්ච එවුන් "උඹත් දන්න දේවල්" කිය කියා බුරු බබාට කණ පැලෙන්න බැන බැන සෞන්දර්ය චාරිකා කරන බවත් කියන්නම ඕනේ. හොඳ වෙලාවට බුරු බබාගේ අම්මයි අප්පච්චියි කලින්ම මියදුනේ. නැත්නම් පව් ඒ අහිංසක මිනිස්සු දෙන්නා බැනුම් අහනවානෙ තාමත්.



     -----------------------------------------------------------------------------------------------------------------






      


      ඊයේ බුරු බබා දන්න කියන ළමෙක් ආවා පොල් සම්බෝල අරගෙන.


      ( පොල් සම්බෝල එක්ක බත් එකකුයි තෝසෙ හදන මිශ්‍රණයකුයි තිබුනා.) තෝසෙ පැකට් එක දැක්ක ගමන්ම බුරු බබාට හිතුනේ මේක මට මොනවා කරන්නද කියලා. කනන් දන්නවා වුනාට ඔය වගෙ කෑම බුරු බබා කවදාවත් හදලා තියා හදන්න හිතලවත් නෑ. අම්මා මෙහේ ඉන්න කාලේ නම් අම්මා තෝසෙ හදලා දෙනවා. එයා හදන්න දැනගෙන හිටපු කෑම වලින් එකක් ඔය තෝසෙ. නිතරම වගේ අපිට ඔය මොකක් හරි කෑමක් හදලා දෙන එකත් එයාගේ පුරුද්දක්. ඒවයින් හැදිච්ච බඩේ අමාරු කෙසේ වෙතත් අපි හැමෝම යහතින් ජීවත් වෙනවා මිසක් බුරු බබා නම් කවදවාත් හීනෙන්වත් ඕවා හදන්න ඕනේ කියලාවත් හිතලා නෑ.


   ඊයේ දවල්ටත් පොල් සම්බෝල කාලා රෑටත් පොල් සම්බෝල කාලා අද උදේ මල්ලි එක්ක ඒක කියනකොට මතක් වුනා පාන් එක්ක පොල් සම්බෝල කන්න තිබුනා නම් කියලා. ඒ වෙනකොට මම නාලාවත් හිටියේ නෑ. ඩුහ් ගාලා නෑවා. කොන්ඩේ වේල ගත්තා. ඇඳුමක් දාගත්තා. බුරු බබා සුපර් මාකට් එකේ.  කෙලින්ම පාන් කවුන්ටරේ. ලුණු නැති පානුයි, කෙසෙල් ගෙඩි හතරක් පහකුත් ගත්තා රූං ගාලා ගෙදර. පාන් කපන්නත් කලින් තේ එකක් හදාගන්න වතුර එකක් දැම්මා.  කෙලින්ම මේ මේසේ උඩ.


    ඔන්න මගේ අතීත කල්පනා වල උග්‍රම මොහොත.... ඒක නිකම්ම නිකම් නොස්ටැල්ජික් නෙමෙයි. ඊට බොහොම එහා....
   

         පොඩි කාලේ අපේ ගෙදර ගොඩාක් වෙලාවට කැකුළු බත් උදේට කන්නේ. කොහෙද අපේ අම්මා හිතන් හිටියේ එයාගේ ළමයි මල් වගේ හදන්න ඕනේ කියලානේ. ඉතින් අපිට පාන් පිටි කෑම කන්න හම්බ වුනේම නෑ. (දැන් ඔය අහුවෙන හැම ජරාවක්ම කාලා අලබෝල වගේ හිටියාට ඒ කාලේ එහෙම නෑ.) ඔය ඇට වර්ග, කිරි බත් හා එකී නොකී දේවල් හදලා දෙනවා ඉස්සර කාලේ.  එතකොට අද වගේ ඔය ටේක් එවේ ෆූඩ් ස්ටෝල්ස් හෙමත් නෑ වෙන්න ඕනේ. තිබුනත් අපිට නම් ඒවා කෑම සපුරා තහනම්. හොරෙන්වත් කන්න බෑ කාපු ගමන් මොකක් හරි ලෙඩක් හදාගන්න හින්දා බයටම කන්නෙත් නෑ. ඒකට විකල්පයකුත් අම්මා දීලා තිබ්බ අපිට. හැමදාම මොනවා හරි වෙනස් කෑමක් අපිට හදලා දෙනවා. බත් වලට අමතරව. එහෙම තමයි මම හාල් පිටි වලින් හදපු වෙල්ල වැහුම් පෑන් කේක් කෑවේ. ඒවා හොත්තිරි පැංචං කියලායි අපි නම් කීවේ. ඒ කාලේ ඉස්කෝලේ පොතේ එහෙම හොත්තිරි පැංචං කියලා කතාවකුත් තිබුනා. ඊගාවට කිරිබත්. ආයේ එක එක කොළකැඳ වර්ග. (දැන් අපි ඒවා පොරීජ් කියලා මහලොකු මිනිස්සු වෙලා බොන එක වෙනම කාරණයක් නෙව.) ආයේ හුණුසහල් බත්, පැණි පුරවපු කිරිබත්, වගේ එක එක කිරිබත්. කොහොමහරි අර කඩේ කෑම වලටත් වඩා වෙනසක් අපිට අම්මා දීලා තිබ්බා.  ආයේ හවසට තේ බොන්න වගේ ගොඩාක් වෙලාවට හැලප, වැලි තලප, හොත්තිරි පැංචං වගේ එක එක දේවල්. බත් කන්න වුනත් අපිට වෙනම සැර නැති කෑම. අපේ ගෙදර ගොඩක්ම කෑවේ එළවළු වර්ග.


              එකක් ඒ කාලේ ඔය මස් කඩ කල්චර් එකක්වත්, මාළු කෑම ඈත දුස්කර ගම් වෙච්ච අපේ ගම්වල තිබුනේ නෑ. (අනික අපිට මස් නිතර ලැබුනත් ඒවා අහිංසක සත්තු මරලා කියලා වගේ හැඟීමක් තිබ්බ හින්දා ඒවා කෑවෙත් අයියයි අප්පච්චියි විතරක් වෙන්න ඕනේ.) අපේ අම්මා වෙජිටේරියන්. ඒක හින්දා මාත් ඒ කාලේ වෙජිටේරියන්. නැතිව මම ඒ කාලේ මොන හේතුවක් හින්දා මස් මාළු නොකෑවද කියලා මම දන්නේ නෑ. ඒ වුනාට අම්මා අපිට ගම්බිත්තර නම් ගෙනත් දුන්නා සුමානෙකට දවස් දෙකක් වගේ.

    ඒ වුනාට මම එතකොටත් මම වෙජිටේරියන්... පොශ්....  හරි?


  දැන් මට කතාව අමතක වෙනවානේ.
එහෙම හිටපු අපිට පාන් කන්න නම් ලෙඩ වෙන්නම වෙනවා. ඔන්න උණ හැදුනම, බඩේ කැක්කුමක් වගේ ලෙඩක් හැදුනම අපිට කෑම කන්න බෑනේ. අපේ අම්මා ඒ කාලේ හිතන් හිටියේ අපිට කෑම වේලක් නැති වුනොත් අපි මැරෙනවා කියලද කොහෙද. එතකොට අපිට පුළුවන් අපි කැමති කෑමක් ඉල්ලන්න.

        බොරු කියන්නේ මොකටද මම ඒක හින්දම අනන්තවත් ඒ කාලේ ලෙඩ වෙනවා. ඒ ලෙඩ වෙන්නෙත් චොර විදියට. ඔන්න එක වේලක් කන්නේ නෑ බොරුවට ලෙඩක් පෙන්නලා. ඊට පස්සේ කෑවේ නැති හින්දා පහුවෙනකොට මට ඇත්තටම ලෙඩ වෙනවා. ඔන්න එතකොට අම්මා පැය විසිහතරේම මගෙ පස්සේ මම කියන කියන එක කර කර ඉන්න ඕනේ. (රස්සාවක් හා වැඩ දාහක් කරපු අපේ අම්මට ඒක හරිම අමාරුයි.) ඒ වුනාට ඒවා වැඩක් තියෙයිද නෝටි බුරු බබාට. එතකොට හයියෙන් අඬනවා. අන්තිමට අඬලා චොර වෙලා පාන් කියාගන්නත් බැරිව ඉන්නවා.  අපේ ලොකු අක්කා තමයි ඒ කාලේ මට පැම්පර් අන්දවන්නේ.(මේ පැම්පර් කිව්වේ අර ඇත්ත බේබි පැම්පර් නෙමෙයි. අපේ කාලේ එහෙම එව්වා තිබුනේ නෑ නේ.) දැන් නම් හරි දුකයි. එයාගේ වැඩේ ඉතින් මාවත් උස්සගෙන මාව හුරතල් කරන එක. එක අතකින් බැලුවම මම අම්මගෙනුත් වඩා හුරතල් වෙලා තියෙන්නේ අක්කගෙන් තමයි. ඒ විතරක්යැ ඔය අපි පොඩි කාලේ කොහෙත් අද වගේ ටොයිලට්ස්. ටොයිලට් යන්නත් මම අක්කට එනවුන්ස් කරලා කියලා තමයි යන්නේ. මම ඉවර වෙන වෙලාවට එයා ඉන්න ඕනේ මාව හෝදන්න. නැත්නම් එහා ගමටත් ඇහෙන්න තරම් හූ කියලා අඬනවා.

 කොහෙද මේක ට්‍රැක් එකකට ගන්නම බෑනේ.




            ඉතින් අපි පොඩි කාලේ ගොඩාක් වෙලාවට කෑවේ අලුත් කුඹුරු හාල්. ඒවයේ කිරිබත් වගේම නිකම්ම නිකම් බත් වුනත් හරි රහයි. අපේ වත්තේ පොල්ත් තිබුනානේ. සමහර වෙලාවට උදේට කන්න අපිට පොල් සම්බෝල හදනවා. එක එක වර්ගයේ පොල් සම්බෝල. ඒවා අඹරන්නම අපේ ගෙදර ගලක් තිබුනා. කොටන්නත් පුළුවන් වෙන්නැති. තක්කාලි හෙම දාලා අමු දෙහි දාලා, තෙල් දාලා එක එක රස වලට පොල් සම්බෝල. ඒක අද කාලෙට වඩා වෙනසක් තිබුනා. ඒවයේ මිරිස් සැරක් තිබුනේ නෑ.

    ( අද කාලේ නම් පොල් සම්බෝල ලංකාවෙදි කනවා කියන්නේ ඊට වඩා හොඳයි දිවි නහගන්න එක.)
    
 අනික ඕනේ වෙලාවක අඬලා හරි ඉල්ලගන්න පුළුවන් ලේසි කෑමක් ඒක.

        ඔන්න බලන්නකෝ ඒකෙත් හැටි අපි ඒකාලේ අඬලා තියෙන්නේ පොල් සම්බෝලයක් වගේ දේවලට. දැන් ඉන්න අපේ ළමයින්ට වඩා අපි කොච්චර හොඳද?

( මම නරක ළමෙක් කියලා හිතන් ඉන්න අයට හොඳට කියලා දෙන්න ඕනේ ඕක. )

 ඔය හිටිගමන් එක එක ගෙවල් වලින් ගොඩාක් වෙලාවට කිරි අම්මලාගේ ගෙදරින් හෙම පාන් කාලා එන මට හොඳ ගේමක් අල්ලන්න හම්බවෙන්නෙ අර උණ හැදුනම. එතකොට මට ලේසියි පොල් සම්බෝලයි පානුයි ඉල්ලන්න. ඒවා නිකම් පාන් නෙමෙයි කරවෙච්ච රෝස් පාන්....

       අම්මෝ ඒවයේ රහ....

       දිව්‍යලෝකේවත් එහෙම රහ කෑම නැතිව ඇති.....



         ඊයේ පත්තරේ ගේ පොල් සම්බෝල එක්ක මේ ඔක්කොම කතා රෑ නින්දෙනුත්, එලිවෙනකනුත් තවමත් ඔළුවේ අස්සේ බර ටෝක් දෙනවා....  ඒවා කිලෝ මීටර් දාස් ගණන් දුර ගිහින් අනාථ වෙලා ඔහේ වැලපෙන සිතිවිළි.  ඒවට කඳුළු එන්නෙත් නෑ දැන්. මොකද ඒවා ඒ තරම්ම අපේ ජීවිත වලට සම්බන්ද වෙලා. මහා හිස්කමක් විතරයි දැනෙන්නේ.... ඒක හිස්කමක්මත් නෙමෙයිනේ..... එක වෙලාවකට උඩ පැනල හිනා වෙන්න තරම් ලොකු දේවල්..... ආයේ තව ටිකකින් ඔහේ හිස් කමක් විතරක් වගේ අඩුවක් දැනෙන. නොස්ටැල්ජික් කතා.... ඒත් ඒ නොස්ටැල්ජික් කතා අද අපේ ජීවිත වලට පාර කියනවා. ඒවයේ අස්සේ තියෙන ආදරය කියා දෙනවා.

 ඒත් කොහොමද ඒක කටක් ඇරලා කියන්නේ "පොල් සම්බෝලයක් වත් නැති දුප්පත් බුරු බබෙක්" මම කියලා....


 

15 comments:

  1. //ඊයේ බුරු බබා දන්න කියන ළමෙක් ආවා පොල් සම්බෝල අරගෙන.// ඊයේ පත්තරේ ගේ පොල් සම්බෝල එක්ක// දිව බොරු කියන්නේ නෑලු.. හැක්.

    හම්මේ නොස්ටැල්ජික් විමානයයි.. බූරු බබා කොස් එක්ක පාන් කාල තියෙනවද? උණු පාන් එක්ක කොස්, උණු පාන් එක්ක කලටි පොල් සම්බොල්.. උණු බතුයි පොල් සම්බොලයි.. ශිට්.. දැන් ඒ අතින් අපි කොච්චර දුප්පත්ද? (හැම තැනටම උණු උණු කියල වැටෙන්නේ අපි හීතල පැත්තක හැදිච්චි නිසාද මංදා..)

    ReplyDelete
    Replies
    1. ඔව් පත්තරේගේ වයිෆි තමයි ඒක හදලා එව්වේ. අපේ සමාධි. එයා දැන් මාව ලංකාවෙ අකෑම වලින් කඩ්ල් කරලා ඉන්නේ මේ සුමාන දෙකට තුනට.

      කොස් එක්ක පාන් කාලා නෑ. කොස් එක්ක පොල් සම්බොල් හා කිරි හොදි කාලා තියේ. කොස් මගේ ආසම කෑමක් වුනාට වැඩිය කෑවම බඩ ටිකක් අවුල්. ඒක හින්දා වැඩියම කන්නේ නෑ. මෙහේ පාන් උණු තමයි කොහොමත්. ඔය ලුණු නැති පාන් එක එක්ක තමයි පොල් සම්බෝලේ අල්ලලම යන්නේ. ලංකාවේ නම් රෝස් පාන්. මම හිතන්නේ අපේ ගෙදර කොහොමත් කන්න ගන්න පොල් වෙනයි. ඒවා වේලිච්ච ඒව නෙමෙයි. උණු බතුයි පොල් සම්බෝලයි නම් ප්‍රියතම කෑමක්. ඊයෙත් කෑවා.
      කොහෙද ගමේ ගියාම මම ගෙදරින් කන්නේ කෑම වේල් දෙකක් තුනක් විතරක් හින්දා එක පාරට ගොඩක් දේවල් කන්න වෙනවා. එතකොට සමහර රස දේවල් අමතක වෙනවා. ඒකයි මේ නොස්ටැල්ජික් වැඩි. කාන්තාරෙට වැස්සා වගේ අවුරුද්දකට විතරක් හම්බවෙන ඔහොම කෑමක් අපිට අගෙයි නොවැ.
      ;)

      Delete
  2. නොස්ටැල්ජික් මතක සම්බෝලයක් වගේ රහට අනලා .ඒ කාලේ පාන් රෝස් කරලා දෙන්නේ උණ හැදුනාම උණු කිරි වල ඔබලා. ඒක ලැබුනම හිතට විශේෂ සතුටක් ලැබෙනවා . වැඩිපුර අටෙන්ෂන් එක හා උසස් කෑමක් ලැබීම ගැන. ඒක නෙවෙයි ඔය අලුත් සම්බෝලේ මිරිස් පොඩ්ඩක්වත් නෑ නේද?.

    ReplyDelete
    Replies
    1. තිලකේට කියන්න ඒ කාලේ මම කිරි බොන්නේ නෑ. තේ බොන්නෙත් නෑ. (කළු වෙයි කියලා බයට.) ඉතින් ඔය ලෙඩ වුනාම නහයෙන් චුරු චුරු ගගා ඉන්න එක තමයි මගේ වැඩේ. අම්මගේ සාරියේ එල්ලිලා. හුලං විස්කෝතු කියලා බිස්කට් එකකුත් කෑවා. ආයේ විස්කිරිඤ්ඤා. ඒ අතින් මට දැන් දුක අම්මලා එහෙම කරලත් මට මදි වුනා.
      ඔය අනම්මනම් කතා එන්නේ එහෙමයි තිලකේ. සමහරවිට ලංකාවේම උන්නා නම් මට මේවා මතකත් නැතිව යයි. අර හඳ හාවා දකිනවා වගේ මේ වගේ පුංචි දේවල් වලින් අගය වැඩි වෙලා තළු මර මර ඉන්නවා. ඔය හදාගෙන කන්න පුළුවන් කෑමක් වුනත් මම හදාගෙන නොකන්නේ එතකොට අර මගෙ අනොස්ටැල්ජික් ෆීලින් එක නැතිවෙයි කියලා බයේ වෙන්න ඕනේ.


      Delete
  3. බ්ලෙන්ඩර් එකෙන් වුනත් රසට හදාගන්න බැරිම නැ , ..මෙහෙම ..කරන්ඩ......චොපින් බෝඩ් එක උඩට සම්බෝලේ එලාගන වතුර ටිකක් පුරවල ගත්ත කොට මහත බෝතලයකින් යසට අඹරගන්ඩත් පුලුවන්

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි මට ඕක හදාගන්න බැරිකමක් නැති වෙයි. ඒත් මම ඒක කරන්නෙ නෑ. එතකොට කොහෙද අර නොස්ටැල්ජික් මතක. ඕවගේ කෑම අවුරුද්දකට සැරයක් කෑවම හොඳටම ඇති.

      අනික ඕවට දාන අඩුම කුඩුම මම ගාව නෑ.

      Delete
  4. අනේ බුරු බබෝ මේකෙත් අකුරු ටිකක් ලොකු කරන්නකෝ අර පරණ එකේ වගේ.

    ඉස්සර අපිත් සම්බෝලේ ගලේ අඹරලා තමයි ගත්තේ,හැබැයි දැන් නම් ගන්නේ අතින් අනලා.එකේ අර පරණ සම්බෝලේ තරම් රසක් නැහැ.බුරු බබා ඒ කලේ වෙජිලුනේ,සම්බෝලේ රස එන්න දෙහි ඇබුල් එක්ක උම්බලකඩ හැපෙන්න තිබ්බාම ෂෝක්!

    ReplyDelete
    Replies
    1. කලා. පෝස්ට් එක අනිත් බ්ලොග් එකේ ඩ්‍රාෆ්ට් එකෙන් කොපි කල හින්දද කොහෙද අවුලක් වෙලා. දැන් හරි නේද?
      ඔව් උම්මලකඩ හෙන ගණන් කෑමක් වෙන්න ඕනේ. ඒ කාලේ නම් එහෙම නෑ මම හිතන්නේ. වෙජිටේටියන් කිව්වේ පොශ් වෙජිටේරියන්නේ. තේරෙන්නේ නැද්ද මම නොකෑව හේතුව මමවත් දන්නේ නෑ. :) දැනුත් බොහෝ වෙජිටේරියන්ලා මස් විතරයි නොකන්නේ මාළු කනවා. උම්බලකඩ කනවා. හාල්මැස්සෝ කනවා. බිත්තර කනවා.
      හික්ස්..

      Delete
  5. දැන් මේකේ කොයික ගැන කමෙන්ට් කරන්නද බුරු . පිස්සු හැදෙනවනේ

    ඊයේ මේක කියෝලා පොල් සම්බෝලයක් හදන්න ඕන වුනත් අලුත් පොල් තිබ්බේ නැති නිසා නිකා හිටිය. හැනොයි ඉද්දි පොල් ගෑවා වුනත් මෙගේ හිරමනේ හයි කරගන්න හරි හමන් තැනක් නැහැ. ගාපුව තමයි ගේන්නේ.
    මම නම් ග්රයිඩර් කෑල්ලේ සම්බෝල හදනව. පොල් ටිකක් මිරිස් කරල් හරි කෑලි මිරිස් හරි ළුණු උම්බලකඩ දාල හොඳට අඹරනවා. ඊට පස්සේ භාජනයකට දාල තව පොලුයි ලුනු දෙහි තව උම්බලකඩ ටිකක් හෙම දාල අතින් හොඳට අනනවා . නොට් බෑඩ් .
    උන හැදුනම VIP සැලකිලි අපිටත් තිබ්බ. ක්‍රීම් සෝඩා,හුලන් විස්කෝතු සමග ප්ලේන්ටී .....ම්ම්, ..ඉස්සර දැන් වගේ බීම බිමක් නැහැනේ . ක්‍රීම් සෝඩා හෙම බොන්න උන හැදෙන්නම ඕන.

    මම ගෙදර හිටි කාලේ උයලම නැහැ . හැබැයි උයනවා බලන් ඉඳල දාන ජාති හෙම දන්නවා . ඉතින් බැඳලා ගියහම නැන්දම්මා එක්ක උයන්න වුනානේ. මුකුත් කිව්වේ නැතුවට ඉතින් අලුත් ලේලිගේ වැඩ බලන්න කවුද අකැමති.
    ඉතින් අර දවස් කීපෙකට පස්සේ අම්මල බලන්න ආවම අපේ මාමණ්ඩි කිව්වා " සම්බෝල නම් රසට හදන්න පුළුවන් " කියලා
    කම්ප්ලිමන්ට් එකක් විදිහට බාර ගත්ත කට්ටිය :D

    අපි දැනුත් ඉරිදට සම්බෝලයි පරිප්පු සහ පාන්

    ReplyDelete
    Replies
    1. බින්දි ගාපු පොල් කියන්නේ අර ප්‍රීස් කරපු එකද?
      මම පොල් කුඩු ගෙනාවා දෙතුන් පාරක් මැල්ලුම් වලට දාන්න. ඒක තමයි මෙහේ තියෙන්නේ. සුපර්මාකට් එකේ පොල් තියෙනවා ඒ බිඳින්නයි ගාන්නයි මට තේරෙන්නේ නෑ. ඉතින් ඔය කාගේහරි පොල්සම්බෝලයක් එනකම් මම ඉන්නවා.
      ඉස්සර අම්මලා ඉන්න කාලේ මම එහේ යන හින්දා නිතර කෑවා. දැන් හාවා හඳ දකිනවා වගේ.

      අපේ අක්කල තාම දන්නේ නැතිව ඇති මම උයලා කනවා කියලා. එයාලා හිතන් ඉන්නේ මට මොකුත් බෑ කියලා. අපි නම් නැන්දම්මලෑ ගෙදර ගියේ බදින්න කලින් හින්දා ඔය ප්‍රශ්න නෑ. ලිවින් ටුගෙදර් ඉන්න කාලේ මම සුමානෙකට දවසක් විතර ඉව්වේ. අනිත් දවසට අපි දෙන්නා එලියෙන් කාලා ආවා. නැත්නම් මට එයා උයලා දුන්නා. අම්මලෑ ගෙදර ගියාම, ලංකාවේ යාළුවෙක්ගෙ ගෙදර ගියාම අපි සිංහල කෑම කෑවා. අම්මටත් සිංහල කෑම උයන්න බෑ. ඉතින් එයා මට මොකුත් කියන්න ආවේ නෑ. එයාගේ තෝසෙ වගේ එක එක නානාප්‍රකාර කෑම හදලා අපිට කැව්වා.
      හිටිගමන් මැස්සොත් එක්ක සව් හෙමත් බීලා තියේ.
      පස්සේ කාලෙක මම අර මගේ යාළුවෙක් උයනවා බලන් ඉඳලා සිංහල කෑම උයලා අම්මලාවත් පුදුම කලා. දැනටත් මට හිතුනම උයනවා. මමම උයලා මමම කනවා. ඒක අස්සේ අර නොස්ටැල්ජික් කතා නෑ නේ. ඒත් පොල් සම්බෝල වගේ ඒවා වෙනුවට ඒවට එන්නේ ගමේ එළවළු.
      මම දැක්කා පොඩි ගෑණු ළමයා අද කෑමත් හදලා දීලා නේද? ;)

      Delete
  6. ෆ්‍රීස් කරලම නෙමේ ශීතකරණයේ පමණක් තියපු ෆ්‍රෙෂ් පොල් තියෙනවා . නැත්තන් ඉන්දියන් කඩේ එවෙලේම ගාලත් දෙනවා. මැලේ අය පොල් කන නිසා මෙහෙ ඕනෑතරම් තියෙනවා. මේ කුස්සිය හරි පොඩියි අනේ. හිරමනේ අටවගන්න තැනක් නැහැ. අනික හැමදාම පොල් කෑම ඉවෙන්නෙත් නැහැ. ෆ්‍රෙෂ් පොල්කිරි පැකට් තියෙනවා කිරි වලට නම්.

    එයා උයල දුන්න ..?? අපොයි අම්ම හොඳටම හුරතල් කරල. අනික අර ඉවිල්ල පිහිටන්නෙම නැති උදවිය ඉන්නේ . එහෙම එක්කෙනෙක්. මේ පාර ෆ්‍රිජ් එක ඔෆ් කරල වැඩි හොඳට කාලෙකට ඇතිවෙන්න නෝක්කාඩු අහගත්තා මගෙන්.
    පොඩි කෙල්ල මේ ටිකේ උයන මූඩ් .
    අපි ඉරිදට හෙම සම්බෝලයි පානුයි කන්න හින දැක දැක නිදා ගන්නේ. මෙන්න උදේම එනවා කෝන් ෆ්ලේක් බෝල් එකක් අරන් ඇඳ ගාවටම. එපා කියල දුක හිතවන්නේ මොකටද කියල කනවා. අද සැලඩ් එකයි පලතුරුයි දුන්න . නියමයි. මුන් දෙන්නගේ එකක් තියෙන්නේ ඕන තැනක ජිවත් වෙයි. මේ පාර ලංකාවට ගියහම හුඟක් අය පුදුම වුනා . ඒ ගොල්ල හිතන්නේ එළියේ හැදෙන ළමයි ස්පොයිල් වෙනවා කියලා. අපේ අම්ම වුනත්. හැබැයි මේ දෙන්න පන්සලට දක්වන ගරු සරුව අනික් තැන් වලදී සුදුසු ලෙස හැසිරෙන හැටි දැකල අපේ අම්මට හරි පුදුමයි.

    ReplyDelete
    Replies
    1. අම්මා නෙමෙයි උයලා දුන්නේ මගේ ප්‍රේමවන්තයා. මුල්ම කාලේ මගේ ඇඳුම් හෝදලා මැදලා දුන්නේ ගේ අස් කලේ වගේ දේවල් කලෙත් එයා. මට බැන බැන කිසි පිළිවෙලක් නෑ කියලා. පස්සෙ කාලෙක මම ඒවා ඉගෙන ගත්තට පස්සේ එයා ඒවා නොකරපු එක වෙනම වැඩක්. ඒත් කෑම නම් ගොඩාක් වෙලාවට හැදුවේ එයා. මොකද මට හොඳ කෑම කන්න කියාදීපු එකමයි එයාගේ රස්සාව.

      දැනටත් ආවම හිටි ගමන් බනිනවා ජරාව කනවා කියලා. එයා කෑවට කමක් නෑලු මටලු ඒවා කන්න හොඳ නැත්තේ. ඇයි ඉතින් මම චොර වෙන්නෙම ඔය එක එක ඒවා කාලනේ.

      ඔව් මාත් හිතන දෙයක් ළමයි මැනර්ෆුලි හැදෙන්න නම් එයාලාගේ වටපිටාව බලපානවා. කොටින්ම තාම අපේ එරික්ලාට බෑ ලංකාවේ සිස්ටම් එකට හැඩ ගැහෙන්න. ඔයාගේ ළමයි ගන්නේ වටපිටේ ආභාශේ හා ඔයාලා දෙන්නගේ ඇඩ්වයිසස්. අනික පොඩි කාලේ එහෙම දේවල් පුරුදු වුනාට පස්සේ හරි ලේසියි. මාත් ලොකු එකෙක් වෙලත් පිට රට හැදුන හින්දා හොඳ එකෙක් වුනා කියලා මාත් දන්නවා. :)


      Delete
  7. මගේ ප්‍රියතම කෑම බූරු අක්කෝ... අද දවල්ටත් තියෙනවා මේ... දැන් බෝතල් කරපු කට්ට සම්බෝල තියෙනවා. මෙහෙ ඇවිත් යද්දි අරන් යන්න.

    ReplyDelete
    Replies
    1. අපෝ... මම ඔය වැලි තලප, හැලප කෙසෙල් අන්නාසි වගේ ඒවා එහෙම ගෙනාවට කෑම පස්සේ යන්නේ නෑ. මෙහෙත් ලංකාවේ කඩ තියෙනවා. මම ඒවයේ බඩුවත් ගන්නේ නෑ. කන කෑම ගැන මම විශේශයෙන් හොයලා බලනවා කොහෙන්ද එන්නේ කියලා.
      මේවා ඇවිල්ලා නොස්ටැල්ජික් කතා විතරයි බස්සි.

      Delete