Food rights for every one and My self

         මේ දවස් වල හැමෝම කියන කතාවක් තමයි හැමෝටම කෑම කියන එක. ඒක හැමෝගේම අයිතියක් කියලා EXPO  එකේ තීම් එකත් එක්කනේ.


     ඒ අයිතිවාසිකම හැමෝටම තියෙන්න ඕනේ කියලා මාත් එකහෙලා පිළිගන්න කෙනෙක්.

       මේ දවස් වල කල් ඉතුත්වන කෑම අපිට පැකට් පිටින්ම මුනිසිපල් කවුන්සිල් එකේ වෙනම කලෙක්සන් ඩිපාට්මන්ට් එකකට දෙන්නත් පුළුවන්. ඇත්තටම දාහක් හමාරක් අපි වටේ ඉන්න මිනිස්සු කෑම විසි කරනවා. ලොකු නාස්තියක් වෙනවා. ඒත් බිස්නස් එකක් විදියට වුනත් අපේ පාරවල් වලම රෝම් ලගේ ළමයි කෑම කන්න සල්ලි ඉල්ලනවා. මේක එක විදියක හරි අසාධාරණයි. මොකද රෝම් ලා රස්සාවක් කරන්නේ නෑ. ඔවුන්ගේ රැකියාව හිඟාකෑම හා හොරකම් කිරීම. අතින් කටින්, නාටු පෙරාගත්ත පොඩි එවුන්ව එල්ලගෙන ඉන්නකොට දැනෙන හැඟීම ගැන කියන්න මට තේරෙන්නේ නෑ. ඒක මහ මූසල හැඟීමක්. එකක් සල්ලි දුන්නොත් ඒක උන්ව ප්‍රමෝට් කිරීමක්. නොදුන්නත් අපේ වගේම ළමෙක්නේ කියලා අර ළමයාගේ පැත්තෙන් දැනෙන වරදකාරි හැඟීම මිශ්‍ර එකක්.


       ඒ මොනවා වුනත් සුපර්මාකට් එකේ ටිකක් වෙලා බලා හිටියම සමහරක් වයසක මිනිස්සු අතේ ශතේට ගැනලා බඩු ගන්නවා. මාකට් එක අස් කරන වෙලාවට විසි කරන එළවළු පළතුරු අහුලනවා. ඇත්ත මේ කාලේ ජීවත්වීම කියන්නේ අමාරු දෙයක්.( මේක මට කියලා වෙනස් වෙන්නේ නෑ. ) ඒ වගේ වෙලාවට ඔවුන්ට සල්ලි දෙන්නත් බෑ. බඩු අරන් දෙන්නත් බෑ. මොකද ඔවුන් හිඟන්නෝ නොවන නිසා, කොච්චර නැති වුනත් අපි හැමෝම ආසයි කාගෙන්වත් ඉල්ලන්නේ නැතිව ජීවත්වෙන්න. ඒ විතරක් නෙමෙයි පිට රැටියන් වෙනුවෙන් සමාජසේවා සංවිධාන, පල්ලි වලින් හැට හුට හමාරක් ආධාර, කෑම බීම තිබුනට මේ මිනිසුන්ට කවුරුත් පිහිටට එන්නේ නෑ. කොටින්ම ඒ මිනිස්සු නොපෙනෙන කොටසක් සමාජයේ.....
මේ මගේ ගෙදර කතාව. මම සාමාණ්‍යයෙන් පැකට් කල බීම ගන්නේ නෑ. ගන්නේ එක්කෝ කොක්ටේල් එකකට, එහෙම නැත්නම් ගෙස්ට් කෙනෙක් ආවම බොන්න දෙන්න. දැන් සුමාන දෙකකට විතර කලින් එහෙම ඇරපු ඔරේන්ජ් ජූස් බෝතලයක් ෆ්‍රිජ් එකේ තිබුනා. ඊයේ අහම්බෙන් ඒක දැකලා දවල්ට කන ගමන් මාත් අර ලංකාවේ බහුතරයක් වගේ ඔරේන්ජ් ජූස් බීවා. අද උදේටත් බොනවා කියලා මම හිතාගත්තා. ඒක අර විසිකිරීම වෙනුවෙන් දැනෙන දුක.


     මොකද කෑම බීම කියන්නේ මගේ එක සබ්ජෙක්ට් එකක්. මම පොර ටෝක් දෙනවා අනිත් අයට හැමවෙලේම කෑම බීම ගැන.

    අද උදේ කෝපි එක හදාගන්න ගිහින් බලනකොට දැක්කේ ඒ සෙතේම වෙච්ච කිරිපැකට් කිහිපයකුත්. මම සාමාන්‍යෙන් හැමදාම කිරි බොන කෙනෙක් නෙමෙයි. අනික මම බොන්නේ කෝපි එක ෆේඩ් වෙන්න කිරි දාගෙන මිසක් කිරි කෝප්පයක් නෙමෙයි උදේට. ෆ්‍රිජ් එකේ තිබුන එක කිරි එකක් ඊයේම විසි කරලා අද උදේ කිරි පැකට් බලන්න ගියාමයි දැක්කේ ගෙදර කල් ඉකුත් වෙච්ච කිරි පැකට් තව තියෙනවා. මුදල් ඇතින් බැලුවත් කිරි පැකට් එකක් 1,65€ක් ද කොහෙද. මට කිරි පැකට් එකක් සතියකට දවස් ගාණක් බොන්න පුළුවන්. සිංහල කෑම හදනවා නම් මම කිරි පැකට් යූස් කරන හින්ද ගොඩාක් වෙලාවට නරක් වෙන්න කලින් සේෆ් වෙන්න පුළුවන්.


    අද මම ඕනේ එකක් කියලා අර කිරි පැකට් එකක් බොනවා. හේතුව මම ඉගෙනගන්න ඕනේ කෑම මට අවශ්‍ය පමණට ගන්න. නාස්ති නොකරන්න. ඒ හැම නාස්ති කරන දෙයක්ම තව කෙනෙක්ගේ අයිතිවාසිකමක් නැතිකිරීම කියලා මටම හිතෙනවා. එහෙම වුනාම කඩෙන් බඩු ගන්න ඉස්සෙල්ලා ඕක මතක් වුනාම ආයේ කාලෙකට ගන්නේ නෑ. මම දන්නවා මම ගැන.

     ඊටත් වඩා අර මුනිසිපල් කවුන්සිල් එකේ වගේ නාස්තිය නැති කරන්න කෑම එකතු කරනවා නම් හා එකි නොකී රෙස්ටුරන්ට් වල, කෑම හල් වල අපිට මොනවද දෙන්නේ කියලා අපි හොයලා බලනවද? මේවා බීල ලෙඩ වුනත් මම දන්නවානේ මොකක්ද කියලා.....

     අපි කට පරෙස්සම් කරගන්න බැරිව ලෙඩ දාහක් හදගනිද්දි , කන්න බොන්න නැතිව අපි වගේම මිනිස්සු, පොඩි ළමයි කීයක් නම් දුක් විඳිනවද?

     අපේ ගෙවල් ඉස්සරහා පාරවල් වල ඉන්න රෝම්ලාගේ ළමයි දිහා ඉබේ බැලෙන්නෙත් ඒ හැඟීමෙන්මයි. ඒත් එක්කම මගේ මනුස්සකමට කෙළවුනාට, ඉල්ලගෙන කෑවා වගේ දැනුනත් මට ඉන් එහාට වෙනස් වෙන්න බැරිත් ඒකමයි.

ඒත් ලෝකේ කොයිතරම් අසාධාරණද?

     දැන් ඔන්න මම කල් ඉකුත් වෙච්ච කිරියි, අර දවස් දහයක් හමාරක් ෆ්‍රිජ් එකේ තිබුන ඔරේන්ජ් ජූස් ඉ බීලා ඉන්නේ. මම මැරුනොත් හෙම අමුතුවෙන් හේතුව හොයන්න ඕනේ නෑ. අනික මේ පොඩි එකටත් ලෙඩවෙන චොර වෙන මට මාවම එපා වෙලා අර පාරේ ඉන්න පොඩිළමයි කවදද සෞඛ්‍යය කියලා දෙයක් දැනගෙන හිටියේ. ඒත් උන් ඔය යහතින් ඉන්නේ....

6 comments:

  1. කෑම නාස්තිය තමයි ලෝකයේ ලොකුම පාපය!

    ReplyDelete
    Replies
    1. ඒක ගැන තමයි මට කියන්න ඕන වුනෙත්. ඒත් අපි අපි හරි ඒ වෙනුවෙන් පෙනී ඉන්නේ නැතිව වෙනසක් වෙන්නේ නෑ කියන එකත් මමම පිළිගන්නවා.

      Delete
  2. කම්මැලි කම නිසා කන්න නැති වෙච්ච මිනිස්සු ගැනනම් මගේ අනුකම්පාවක් නෑ . ඒත් ඒ මිනිස්සුන්ගේ ළමයි ගැන දුකයි. කල් ඉකුත් වෙච්ච කෑම කාලා ඕකට දායක වෙන්න යන්න එපා රන්ගි. ඊට වඩා දෙයක් කරන්න පුළුවන් මේ වගේ පෝස්ට් එකක් ලියල හරි මිනිස්සු දැනුවත් කරාම.

    ReplyDelete
    Replies
    1. තිලකේ ඒක රිස්කි නෑ. මම කාලේ ඉවරවෙච්ච කියලා කීවේ නාස්තිය පිටු දැකීම කියන අරමුණින්.
      ROMලාගේ ළමයි අසරණ නෑ. ඒ අය එහෙම තමයි බිස්නස් කරන්නේ. ඒ අයට රජයෙන් තියෙන පහසුකම් අපි වගේ සාමාන්‍ය මිණිහට නෑ.

      Delete
  3. කවුද මචන් රෝම්ලාගේ ළමයි කියන්නේ..... ඉතාලියේ නේටිව්ලද ?

    ඔය කෑම බීම නාස්තිය නම පේ ගෙදරත් යහමෙරට වෙනවා. ගොඩක් වෙලාවට අපේ ගම හාමිනේ උයපු කෑම. සමහර වෙලාවට පොඩි උන් කන්නේ නෑ....! ව්‍යාංජන දෙක තුනක් ඉව්වට අපේ කොල්ලා ගොඩක් වෙලාවට කන්නේ චිකනුයි බතුයි විතරයි. ඌට වෙන ජාතියක් කවා ගන්න සක්කරයා ආවත් බෑ...! අනික සමහර දාට මම ඔෆිස් ගිහින් එනකොට ගම හාමිනේ එක එක කෑම ජාති හදලා තියෙනවා..... ඒත් මම එන්නේ සමහර වෙලාවට ඔෆිෂල් ලන්ච් වලට ගිහිල්ලා බඩ පුරෝගෙන... අනේ ඉතින් ගම හාමිනෙත් ෆ්‍රිජ් එකේ ඉඩ නෑ කියල කෑම හෝල් සේල් එකේ වීසි කරනවා......!

    ReplyDelete
    Replies
    1. http://en.wikipedia.org/wiki/Romani_people

      රෝම් ලාට කන්න නැත්තේ නෑ මොකද උන්ට ආන්ඩුවෙන් ලොකු සහන දෙනවා. ඒත් ඒ අය හිඟාකන්න ඕන නිසා ළමයි පාරේ අරන් යනවා. ඒක දකින මිනිස්සු අනුකම්පා කරනවා. උන්ගේ රස්සාවම හොරකම් කිරීම.

      ඕක අපි එච්චර නොහිතා කරන දෙයක් වුනාට ඒක ලොකු අපරාදයක්. කෑම නැති කී දෙනෙක් ඉන්නවද? ඒක හින්දා කෑම විසි කරන්න එපා. ළමයි කන කෑම හදන්න අමාරුයි තමයි ඒත් නොකනවා නම් එයාලා කන දේවල් විතරක් හදලා දීමත් විකල්පයක්. උඹත් ගමහාමිනේට උයන්න කලින් කෝල් කරලා කියපන්.
      හැම දේම නූලට කරන්න බැරි වුනත් අපි අපි හරි මේක පටන් ගන්න එපැයි.
      මේ EXPO එකේ ටාගට් එකත් Foods for everyone.

      Delete