එහෙන් මෙහෙන් කතා.... මිනිස්සු

 
    කාලෙකට කලින් බ්ලොග් කියලා දෙයක් තිබුනාද කොහෙද නේ. . ඒත් දැන් වෙද්දි බොහෝ අයගෙන් නොලියවෙන තරම්.


 මාත් අනුන්ට දොස් කීවට එහෙම තමයි. ඉස්සර වගේ දැන් ආසාවෙන් කරන කිසිම දෙයක් නෑ. ඔක්කොම ඈලියාවට. එක්කෝ වයසේ වැරැද්ද වෙන්න ඕනේ. කොහෙද හෙට අනින්ද්දට මට අවුරුදු පහලොවක් වෙන්න යනවානේ. ඉතින් ඔය වයසේ වැරැද්දේ අවුලක් කියලාම සුවර් කරගෙන මාත් ඔන්නොහේ වෙන දෙයක් වුනාවේ කියලා බලාගෙන ඉන්නවා.

      ගෙවුන බොහෝ දවස් වල ලියන්න එක එක දේවල් මතක් වුනත් පස්සේ ඒවා අමතක වෙලාම ගියා.  ඒත් පසුගිය දවස නොලියාම බැරි දෙයක් වුනා. ඒ තමයි බලාපොරොත්තු නොවුන විදියට අතීත කාලේ ලංකාවට  ගිය මනුස්සයෙක්ව හම්බවුන එක. කොටින්ම අතීත ලංකාව ගැන මට වඩා බොහොම විස්තර දන්න කෙනෙක්. ඒ කාලේ ප්‍රසිද්ධ එයා ලයින් එකක පයිලට් කෙනෙක් වුන ඔහු තවමත් ඒ අතීත ලංකාවට ආදරෙ කරන හැටි හරි අපූරුයි. අදටත් ඔහුගේ හීනය වෙන්නේ ලංකාවට ගිහින් ජීවත් වෙන එක. ජීවිතයේ සැඳෑසමයේ ඉන්න කෙනෙක්ගෙන් බලාපොරොත්තු නොවෙන ජවයක් එක්ක ඔහුගේ හීනය හැබෑ කරන්න උදව් වෙන්න කියලා මගෙන් ඉල්ලුවා. 

සමහරවිට මට ඒක කරන්න පුළුවන් වෙයි බැරිවෙන්නත් ඉඩ තියෙනවා. කොටින්ම ඔහුට ඕනේ ලංකාව තව දුරටත් නෑ කියන එක දන්න හින්දා මම පත්වෙලා ඉන්නේ දෙගිඩියාවකට. 

      මේ කියන්නේ හැටේ දශකයේ අග හාහැත්තෑව දශකයේ මුල්ම කාලේ ගැන. ඒ කාලේ අද වගේ එයාප්ලේන් වල කිලෝ මීටර් දහදාහ පහලොස්දාහ එකදිගට යන්න පුළුවන් කමක් තිබිලා නෑ. අද වගේ දියුණු තාක්ෂණයක් නොතිබුනු ඒ කාලේ බොහොම අහම්බෙන් තමයි ඔවුන් ලංකාවට ගොඩ බැහැලා තියෙන්නේ. ඒ කාලේ එන්ජින් මේන්ටන්ස් වලට නතර කරන්නේ හොන්ග්කොන්ග් වගේ තැනකලු. මට ඒ නම හරියටම මතක නෑ. ජපෑන් විතරක් නෙමෙයි ඔස්ට්‍රේලියාව වගේ දුර ඈත යන ප්ලේන් එකක් වුනත් ඔය ට්‍රැක් එකෙන් සර්විස් කරගෙනලු යන්නේ. 



    මොකක්දෝ මන්දා අවුලක් හින්දා ඒ දවසක ඔවුන්ට ඒ ස්ටේසන් එකට යන්න තරම් අවශ්‍ය කාලය තිබිලා නෑ. ඉතින් එහෙම තමයි ඔහු ලංකාව දකින්නේ. ඒක මහ රෑකලු. පොල් ගස් හා කැලෑවක් වගේ එකක් මැද මහ රෑ නතර කරපු ප්ලේන් එකෙන් බැහැලා කොළඹ ඉඳන් තෙල් ගෙනත් ගහනකම් ඔවුන්ට පහුවදා වෙනකනුත් ඉන්න වෙලා. (මේ කියන කාලේ ලංකාවේ බොහෝ දේවල් හා එයාපෝට් එක වුනත් අපි ඒවා දකින කාලෙට වඩා බොහොම වෙනස් කියලා මට තේරුනේ ඔහුගේ ඒ කතාවන් අස්සේ තමයි.) රෑ හින්දා ටිකක් බයෙන් හිටියත් උදේ පාන්දර එලිවෙනකොට ඔහුට පේනවලු මහප්‍රාණ විදියටම පැරඩයිස් එකක්. ඒක අද කාලේ අපේ විදියට නම් කැලයක් වගේ ඒකක්. ඒ වුනාට ඔහුට ඒක පෙනිලා තියෙන්නේ බොහොම සුන්දරව. 

 
     ඔන්න ඔහොම තමයි ඔවුන් සුමානෙකට දෙකකට සැරයක් යුරෝපයේ ප්ලේන් මේන්ටනන්ස් වලට ලංකාවට අරන් ගිහින් තියෙන්නේ. දවස් දෙකක් තුනක් ඉඳලා රටේ සිරි නරඹලා නිවීහැනහිල්ලේ තමන්ගේ ගමනාන්තයට යන්නයි එමින් ගමන ආපහු ඒකම කරන්නයි වගේ. කොහොමහරි මොහු හින්දා තමයි අර එයා ලයින් එක ලංකාව තෝරගෙන තියෙන්නේ. 

     ඒ කාලේ ඉතින් ටාජ්, ඔබරෝයි, ඉන්ටකොන්ටිනෙන්ටල් කාලේනේ.  

   ඔය හරියටම ඉංග්‍රිසි කතාකරපු නෑයො හා පුද්ගලයෝ හිටියේ ඔය හොටෙල් වලනේ.  කොහොමත් ඉස්සර මට මතකයි පොඩි කාලේ ඒ අය එක්ක අපි හරියට කතාකරන්නවත් බයවුනා. නිකම් සුද්දෝ වගේ. ජීවත්වීමේ ස්ටයිල් එකේදි පවා. 

       ඉතින් මාර්ශියෝ මේ කියන කාලේ ඔහුට ආශ්‍රය කරන්න ලැබිලා තියෙන්නෙත් ඒ වගේ අය. හොඳ වෙලාවට. ඒ එක්කම ඉතින් ඇත්දළ විකුණපු, මැණික් වගේ වටිනා කියන දේවල් අනවසර විදියට් රටෙන් පිට ගෙනියන්න උදව් කරපු මිනිස්සු ඕනේ තරම් ඒ කාලෙහ් ඉඳල තියෙනවා. කොටින්ම ඒ වගේ යුරෝප් එයාලයින් එකක් හරහා ට බිස්නස් එකක් අල්ලගත්තා කියන්නේ කොහොම සල්ලි හොයන්න ඇතිද කියන එක අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ. 
  හොඳවෙලාවට මහින්ද මහත්තයාල බැසිල්ලා ඒ කාලේ නොහිටියේ. එහෙම වුනා නම් ඉතිනමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ... ;)

      ඒ කාලේ ටැක්සි වල සීට්ස්වත් නැහැල්ලු. අර යකඩ කෑලි විතරයිලු. පාක් කරල තියෙද්දි ගලවන් යන හින්දා ටැක්සි වල ඒවා ගලවලාම දාලලු නයිට් ඩියුටි එන්නේ. අර කියපු හොටෙල් වල ස්ටෑන්ඩඩ් එහෙම සෑහෙන හොඳයි වගේ ඒ කාල වල. කොහොමටත් ඉතින් ලංකාව අද තරම් දූශණය වෙලා තිබ්බ කාලයක් නෙමෙයිනේ මේ. අහන්න දෙයක් නෙමෙයිනේ ඒ මිනිස්සු ලංකාවට ආදරේ කරන එක. 
   
   කොහොමහරි ඇඩිසනල් නෝට් එකක් විදියට ලියන්න ඕන වුන දේ තමයි ඒ කාලේ එක එක රටවල් වලට යන්න අපිට අමුතුවෙන් වීසා ගන්න ඕන වෙලා නෑ. මාර්ශියෝ එහෙම තමයි, තමන්ගේ කැප්ටන් ප්‍රීවිලේජස් පාවිච්චි කරලා එයා ටිකට් බුක් එකෙන් එකක මලීකාගේ නම ලියලා මලීකාව මෙහෙට එක්කන් ඇවිත් තියෙන්නේ. (ඒ එනකොටත් එයාෆෝට් එකේ ඉමිග්‍රේශන් ඔෆිසර්ස්ලා සල්ලි ඉල්ලපු එක ඒ කාලෙත් වෙලා තියෙනවා.)

   මාර්ශියෝ ඉඩිඅමින්ට විතරක් නෙමෙයි බොහෝ ප්‍රසිද්ද පුද්ගලයන්ගේ ප්‍රයිවට් පයිලට් වෙලත් ඉඳලා තියෙනවා.   සමහර කතා අහද්දි නිකම් සුරංගනා කතා වගේ තමයි. ඒත් ලෝකේ බොහෝ රටවලට ගිය ඔහුගේ එකම බලාපොරොත්තුව ලංකාවේ ජීවත් වෙන්න. ඒ ටුවරිස්ට් කෙනෙක් විදියට හෙම නෙමෙයි. තවම කොල්ලෙක් වගේ තමන්ගේ විලා එකේ ගාඩ්න් එක තනියම මේන්ටන් කරන ගමන්, ගෙදරට දහයක් පහලවක් නෙමෙයි විස්සක් ආවත් විනාඩි දහයෙන් පහලොවෙන් කෑම හදලා දෙන්න වගේ දේවල් විතරක් නෙමෙයි ඔහුගෙන් ඉගෙනගන්න බොහෝ දේවල් මටත් තියෙනවා. පසුගිය දවසක ඒ ගෙදර ගියාම මට නිකම් මොකක්දෝ වගෙ වුනා. අපිට අඩු ගාණේ ඒවගේ ස්ප්‍රිට් එකක් කියලා එකක් ගැන හීනයක්වත් මවා ගන්න බෑනේ. 
         මාර්ශියෝගේ වයින් කැන්ටීනා එකක් තියෙනවා 1948 ඉඳන් වයින් තියෙන. මට නේද? නිකම් ක්ලාන්තේ වගේ ඒක දැකලා. ආයේ මාර්ශියෝටයි මටයි යාළුවෝ වෙන්න කිසි අමාරුවක් තිබුනේ නෑ. වයින් බෝතල් ටික නිකම් මගෙ වගේ දැනටමත්. කොහොමත් ඔහුත්, මගේ සදාදරණීය ටස්කන් වලින් ආව කෙනෙක්. ඉතින් සමානකම් බොහෝයි අපිට. 

  ගොඩාක් වෙලාවට මාර්ශියෝ හා බිරිඳ ඊලඟ පාර මම එක්ක ලංකාවට එයි. ඒත් හිතේ අමාරු හදාගන්න කලින්ම මම කියලා තියෙන්නේ දැන් ඔහුගේ හීනලන්තය නම් නෑ කියලා.

     
 

5 comments:

  1. මාර්ෂියෝටත් වඩා හිත ගියේ වයින් කැන්ටිනා එකට බවනම් පේනවා.. ඇයි වදෙ දාල තියෙන ඔක්කොම ෆොටෝ ඒකේ ඒවනේ. අපිටත් බැරිද දන්නෑ ටයිම් මැශින් එහෙකින්වත් ඒ අතීතෙට ගිහින් ටිකක් ජීවත් වෙලා එන්න. කියවනකොට දුකයිත් එක්ක.

    ReplyDelete
    Replies
    1. ඇත්තම කීවොත් වයින් කීවම ඕන කෙනෙක් එක්ක කනෙක්සන් එකක් හදාගන්න මට පුළුවන්. හැබැයි ඒක වයින් බොන කෙනෙක්ට වඩා වයින් ගැන ආදරේ, වයින් කල්චර් එක එක්ක ඉන්ටෙරෙස්ට් කීවොත් හරි. මාර්ශියෝ ඉන්නේ ඒ වර්ගයේ.
      කොහොමත් ඔය වගේ කලෙක්සන් හදාගන්න උතුරලා යන්න සල්ලි තියෙන්න ඕනේ. නැත්නම් ස්විප් එකක් ඇදෙන්න ඕනේ. ;(
      ටයිම් මැශින් ගියා වගෙයි තමයි මාර්ශියෝ එක්ක කතා කරන කොටත්. ඒකනේ මම එයාව එක්කන් එන්න හදන්නේ ආපහු.
      අපි නොදන්න ලංකාවට ලොකු වටිනාකමක් දීපු මනුස්සයෙක් ගැන සටහනකුයි ඇත්තෙන්ම මට ලියන්න ඕන වුනේ මේ වෙන මඟුලක් ලියවුනාට.

      Delete
  2. වයින් ටිකක් බොන්න තිබ්බා නම් මෙට වඩා හොඳ කමෙන්ට් එකක් දාන්ට තිබ්බානේ.:D
    මාර්ෂියෝ මෙහෙට පදිංචි වෙන්න එන්ට හදනවා,මෙහේ ඉන්න අපි වෙන වෙන රටවලට යන්න හදනවා.අනේ මන්දා.

    ReplyDelete
    Replies
    1. මනෝජ් මේ වයින් බොන්න පුළුවන් වයින් නෙමෙයි. මේවයේ වටිනාකම බොහොම ඉහලයි. ඒත් බීමට නම් සුදුසු නෑ. අවුරුදු දහයක් ගියාට පස්සේ බොන්න හොඳ වයින් ඉතිරි වෙන්නේ අඩුවෙන්. ඒවා කලෙක්සන් වයින් ඉන් එහාට.

      දෙවෙනි කරුණ ගැන නම් සල්ලි තියෙනවා නම් ලංකාව ජීවත් වෙන්න හොඳ රටක්. ඒක මේ රට ඉන්න මාත් හිතනවා. විදේශිකයෙකුට ලංකාවේ ජීවත්වෙන්න ලේසියෙන් පුළුවන්. විශේශයෙන්ම රිටයර්ඩ් ඒජ් එකකදි මේ රටෙන් ලැබෙන පෙන්සන් එක ලංකාවේ ජීවත් වෙන්න හොඳටම ඇති. මුහුදක් අයිනේ ගෙයක් හදාගත්තම මෙලොවදිම සියළු සෞභාග්‍යයන් ලබා ගන්න පුළුවන්නේ.
      මාත් ඉන්නේ වයසට ගියාම ඒ වගේ රිවර්ස් ඕඩර් එකකට යන්න.

      Delete
  3. මාර්ශියෝගේ වයින් බෝතලයක් මටත් තියල තියන්න . අර එයාලා අපි හිතන ලංකාවනම් දැන් නෑ කියන එක මට මේ පාර ගියාමත් හිතුනා

    ReplyDelete