Gulab Jamun !!!!!!!

වචන වලින් නොකියන දේවල් කොයි තරම් තියෙනවද?




ආයෙමත් ජීවත් වෙනවා කියලා දැනෙන මොහොතක් මේ.

ඒක ජීවත් කරවන්න උපරිම බලාපොරොත්තුවකුත් තියෙනවා.
හරියට අවුරුදු දහයකට පහලොවකට පස්සේ සතුට කියන්නේ මොකක්ද කියලාවත්මතක නැතිව හිටපු මට ජීවිතේ මම බලාපොරොත්තුවෙන විදිහේ හීන් සතුටක්....
බලාපොරොත්තුවක්...
 මගේම කියන්න පුළුවන් ප්‍රේමයක්...
ප්‍රේමය කියන්නේ මොකක්ද කියලා මම හරියටම නිර්වචනය කරලා නැතිවත් ඇති....
ඒත් ඒ බැඳීම බොහොම නිදහස් එකක්...
අවුරුදු විස්සේ ප්‍රේමවන්තියක් නොවී බොහොම මැදිහත් සිතින් බලන්න පුලුවන් ප්‍රේමණීය ප්‍රේමයක්....
සතුට විතරක්ම හොයාගෙන යන මට නැවතෙන්න හිතෙන ප්‍රේමයක්...

හරියට මේ පහලින් තියෙන පින්තූරේ වගේ....

කවදාවත් පැණිරස ගැන ආස නැති වුනාට අදින් පස්සේ මට ගුලාබ් ජමුන් වුනත් රසවත් වෙයි...
බොහොම ස්තූතියි මාව සතුටින් තියනවාට...
ඊටත් වඩා සතුට කියලා දෙයක් තියෙනවයි කියලා මතක් කරලා දුන්නට....
 ආදරෙන් මාව උමතු කරනවාට....
 ඒ ආදරේ සතුටින් මට ඔබ විතරක් නෙමෙයි මුළු ලෝකෙම මගේ වගේ දැනෙව්වට...

4 comments:

  1. වසන්තේ නිදා හුන් යොවු කෝකිලාවන්..
    නටන්නේ පිපී දැන් හේමන්තයේදී..
    වසන්තේ ළපල්ලෙන් වැසි උන් සුසුම් කැන්
    නටන්නේ පිපි දැන් හේමන්ත කාලේ...

    සුභ පැතුම් මැඩම්! ආදරේ තියෙන මිනිස්සු ගාවට ආදරේ කොහොමත් එනවා.. :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මේ පැත්තේ ආවට.
      මම හිතන් හිටියේ මේක කියවන්නේ මම විතරයි කියලා...;) :P

      Delete
  2. ගුලාබ් ජමුන් කියන්නේ රසවත් කෑමක්.මේ මෑතකදී මම දන්නා අක්කා කෙනෙක්ට කියලා හදවගෙන කෑවා.හැබැයි ඊටත් වඩා රසවත් කන්න බැරි උනත් ආදරය.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක දකුණු ආසියා රටවල බහුල කැමක්. දන්න තරමින් ඉන්දියාව කෙන්ද්‍ර කරගෙන තමයි ගුලාබ් ජමුන් එන්නේ. තවම කන්න බැරි වුනා. කාලා බලන්න ඕනේ.

      Delete