එහෙන් මෙහෙන් කතා .... ඉවසීම.....



    ඇත්තටම මගෙන් කවුරුහරි එහෙම එකක් ගැන මීට ටික කාලයකට කලින් ඇහුවා නම් මම කියන්නේ මම එහෙම එකක් ගැන දැනන් ඉඳලා නෑ කියලා.

 ඒත් අන්තිම අවුරුදු හයක ඉමිග්‍රේසන් කන්සල්ටින් කරන්න ගත්තම තමයි තේරුනේ මම කොයිතරම් නම් පොඩි එකෙක්ද ජීවිතේ කොයිතරම් පොඩි දේවල්ද මම දැනන් ඉඳලා තියෙන්නේ කියලා.

 කොටින්ම සුද්දෝ එක්ක වැඩ කරද්දි මට කිසි අවුලක් තිබ්බේ නෑ. මූණට ඔළුවට ආපු ඕනෙම දෙයක් කියන්න පුළුවන්කම තිබ්බා. වැරදියි කියලා පස්සේ හිතුනා නම් අඩේ සමාවෙයන් මට වැරදුනා කීවම ඕනේ දෙයක් තත්ත්පරෙන් ඉවරයි. ඒ කිසිම කෙනෙක් එක්ක මරාගත්තත් පහුවදාට අපි ආයේ කලින් වගේම යාළුවෝ වෙන්න කිසි අවුලක් තිබුනේ නෑ.  කොටින්ම මගේ කෙලින් වැඩ ගැන බොහෝ අය හිටියේ විවෘතව. කිව්වා නම් කිව්වා ආවා නම් ආවා ගියා නම් ගියා. කොටින්ම මගේ ප්‍රේම සම්බන්දතා වල පවා ඕක තමයි කතාව. කොටින්ම ඒමියි මායි එක දවසක් කතාවකදි අපි අද වෙන්වෙනවා කියලා ලොකු පොරක් වගේ කීවම එයත් හරි අපි එහෙම කරමු කියලා කිව්වා.

 එදායින් පස්සේ අපි වෙන්වුනා. මේ කියන්නේ ඒ තීරණේ වැරදියි කියලා අපි දෙන්නම නොදැන හිටියේ නෑ. දෙන්නම ලොකුකම පෙන්නගෙන ඒ තීරණේම එල්ලීගෙන හිටියා මිසක් අපි නෙමෙයි ඒක වෙනස් කලේ. මම අවුරුදු ගාණක් ඒ තීරණේ හින්දා විඳෙව්වා. හැබැයි කවදාවත් ඒක මම ඩිරෙක්ට්ලි එයාට කිව්වේ නෑ. අපි එහෙමයි. අහංකාර එකේ උපරිමයෙන්. ඒක තමන්ගෙ කවුද කියන එක තමන්ට ඒ පුද්ගලයා කොයි තරම් අපේ ජීවිතේට වැදගත්ද කියන එක වෙනම කාරණනේ. ;) පොරවල් වුනාම එහෙම ඕවා කරන්න පුළුවන් කාටද නේද?

 ඒත් අන්තිම කාලේ මගේ ඉවසීම මිනිසුන්ගේ දුක ඇසීම, අනවශ්‍ය කුණුගොඩවල් ඔහේ අහගෙන හිටීම වගේ ඒවා වලට මම එක්ස්පර්ට් වුනා. කොටින්ම ලංකාවේ මිනිස්සු එක්ක වැඩ කරනවා නම් ඒවා ඔබ්වියස්. හැබැයි මම හැමවෙලේම ඕනේ එකෙක් ඉස්සරහ තදට කෙලින් බලලා දෙකක් කියන්න ඕනේ වෙලාවට නොකියා හිටියෙත් නෑ. නැත්නම් එන්නේ මැර තර්ජන ලොකුකම් හා එකීනොකී ඒවා කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.
 මනුස්සකම නම් ඇඳන් ඉන්න එක හරි ගලවලා දෙන්න පුරුද්දක් මට තියෙනවා. මම ඉස්සරහා අඬපු නැති කෙනෙක් නැතිව ඇති මගේ ක්ලයන්ට්ලාගෙන්. සමහර වෙලාවට කෙනෙක්ගේ කඳුළු දකින්න අකමැති මම අනවශ්‍ය කරදරවලටත් පැටලිලා ඉල්ලං කාලත් තියෙනවා ඇති තරම්. කොටින්ම මගේ යාළුවෝ වුනත් එහෙම වෙලා තියෙනවා දුක නිවන්න ගිහින්...

 ඒත් හැමවෙලාවෙම ඉස්සරනම් අවුල් වුනාම අපේ මල්ලිට කතා කරලා බලනවකෝ ඕයි මට වෙන දේවල් කියලා උගෙනුත් කණ පැලෙන්න බැනුම් අහගෙන තමුසේ නම් ජීවිතේටවත් හැදෙන්නේ නෑ කියලා අහගෙන හිත හදාගෙන ඒ සිදුවීම අමතක කරලා දාන එකත්, මෑත කාලයේදි නම් කුක්කුබෝලේගේ මූණ දැක්ක ගමන් ඔක්කොම ප්‍රශ්න ඉබේම අමතක වෙන තරම් ස්ට්‍රෙස්ලස් ජීවිතයකුත් මට තියෙනවා. ;)

  අද සිදුවීම මෙහෙමයි. මීට මාස දෙකකට කලින් මගේ ක්ලයන් කෙනෙක්ව වැඩ කරන තැණකදී ඇක්සිඩන්ට් වෙලා අතක් කැඩිලා තිබුනා. ඒ වෙලා තිබුනේ ඒ ළමයා කන්ට්‍රැක් එකක් නැතිව වැඩ කරපු තැනකදි. හොස්පිටල් ගෙනිහින් තිබ්බෙත් ඒ ගෙදර බොස්. ඒ ළමයා ඒ වෙලාවේ හිටපු සිහියේ හැටියට ඇක්සිඩන්ට් එකේ හේතුවවත් මොනවා ඉදිරිපත් කලාද කියලාවත් දන්නේ නෑ. පහුවදා මට කෝල් කලාම ඒ අවශ්ය මෙඩිකල් ලීව් දාන්න බලද්දියි දන්නේ ආන්ජෙලා වැටිලා තියෙන්නෙ සබ්වේ එකේ. ;)

 ඒකත් කමක් නෑ කියමුකෝ ගොනා ඇන්න කෙනාට මොකාද වෙනවා වගේ ආන්ජෙලා  වැඩ කරපු අනිත් ගෙදර මනුස්සයා ආන්ජෙලා රැකියාව හැරගියා කියලා ජොබ් කන්ට්‍රැක් එක කැන්සල් කරලා.  කොටින්ම ආන්ජෙලාට රජයෙන් ගන්න පුළුවන් රක්ශිත දීමනා වලට අයිතියක් නෑ. ( නීතියෙන් එහෙම කරන්න බෑ. මෙඩිකල් රිපෝට් එකක් තියෙද්දි.  ඔන්න මම කතා කලා. ඒ මනුස්සයාට මගේ ජෙනරලිටි කීවම අනේ සමාවෙයන් මම ඒක හිතලා නෙමෙයි කලේ ආන්ජෙලාට ආයේ අපේ ගෙදර වැඩට එන්න පුළුවන් ඕනෙම උදව්වක් කරන්නම් නමුත් මම අන්ජෙලාට මෙඩිකල් ක්ලේම් කරන්න නම් බෑ කියලා කියපි. ඒ කිව්වේ බොහොම හිතවත් ටෝන් එකකින්. ඒ වගේ වුනාම අපිත් ඉතින් ඇහැක් වහනවා. යාලුකමින් හිතවත්කමින් කරගන්න පුළුවන් බොහෝඅ දේවල් වැඩියි නීතියට වඩා කියලා ජීවිතේ අත්දැකීම් මේ වෙද්දි තියෙන නිසා.

  කොහොම හරි මේ මාස දෙකටම ආන්ජෙලාට වැඩට යන්න බෑ. කලින් ඇක්සිඩන්ට් වෙච්ච ගෙදර මනුස්සයා උදව් කරන්නම් කියලා මගෑරියා. අන්තිමට මාසේක වැටපු විතරක් අරන් අපි ආවා. අර මුලින් ආන්ජෙලා එක්ක කියලා තිබුන උඹ කොහෙද ඇක්සිඩන්ට් වුනේ කියලා කියන්න එපා මම ඔක්කොම බලාගන්නම් කියපු එකා හිටියේ නෑ එදා. කොහොම හරි අම්මයි පුතයි දෙන්නම ආන්ජෙලා වැඩ කරපුවට 1000€ක් දීලා මීට වඩා දෙයක් කරන්න බෑ ඕනේ නම් නීතියේ විදියට දේවල් කරපන් කීවා. එවෙලේත් මගේ සීමාව එහා ගිහින් තිබුනේ. ඒත් ආන්ජෙලාට මම කීව දෙන දෙයක් අරන් යමු පස්සේ කේස් එකක් ෆයිල් කරමු කියලා ඒ ඇරොගන්ට් ටෝන් එක දරාගන්න බැරි හින්දා. (එවෙලේ ආන්ජෙලාගේ යාළුව රංගි මිසක් ෆිස්කල් ඇඩ්වයිසර් කෙනෙක් ගිහින් හිටියේ නෑ.)  ඒත් එද්දි මම කියලා ආවා මනුස්සකම් යාළුකම් වලදි මිනිස්සු විදියට වැඩ කරන එකයි නීතියේදි එහෙම දෙන දෙයක් අරන් යන්නේ නෑ කියලා.

 ආන්ජෙලා දවසින් දෙකෙන් මට මැසේජ් කලා.  ඒ ළමයා කෙල්ලෙක් කියලා නැතිව දවසේ පැය හතක් අටක් හෝ (ඊටත් වැඩි ගණනක් ) විතර එක එක තැන්වල වැඩ කරලා ලොකු වැටුපක් හොයපු කෙනෙක්. දැන් පිස්සු වගේ අහන්න දෙයක්යැ බුරු බබාටත් ඕනේ තරම් ඔය වගේ දේවල් නොවෙනවා නෙමෙයිනේ. සල්ලි නැති වුනාම එක එක්කෙනාගෙන් ඉල්ලන්න පුළුවන් තත්ත්වෙක අපි නෑ. කොටින්ම ඒක අපිට ලැජ්ජාවක්. ඒ හැම වෙලාවකම ආන්ජෙලා මට කීවේ ඔයා දෙන්න තියෙන දීමනා හදන්න කියලා. ඒත් අර ඉවසීම කියන එක හින්දා මම ආන්ජෙලාවත් සේෆ් කරන් අපි ඉස්සෙල්ල එයාල හදන ගණන් බලමුකෝ කියලා හිටියා. ඒකෙන් මට පාඩුවක් නොවුනට ආන්ජෙලාට රැකියාව නොලැබෙයි කියන හැඟීමයි මනුස්සකමට පොරොන්දුවක් වුනාම ඒක ඉටු කරයි කියන බලාපොරොත්තුවත් තිබුන හින්දා.

   ඊයේ ආන්ජෙලා කීප පාරක් කතා කලා. රෑ දහයටත් කතා කරලා තිබුනා. දැණ් ඉස්සර වගේ රස්සාවේ ප්‍රශ්න කරේ දාගෙන නැති හින්දා අද උදේ වැඩට යන ගමන් ආන්ජෙලාට මම කෝල් කලා. මගේ ඒ මේල් එක එයාගේ බොස්ට යවන්න ඕනේ එකවුන්ට්ස් එවන්න කියලා කීවම මම ඒකත් යැව්වා.  මම පස්සේ ගෙදර ඇVඉත් කුක්කුබෝලෙ එක්ක ටිකක් රෙස්ට් කරන්න ඇඳට ගියා. ආන්ජෙලාගෙන් මැසේජ් මහ ගොඩාක්. වදයක් වෙන තාමට. මේල් බලද්දි එයාගේ බොස් එකවුන්ට්ස් එවලා තිබ්බා. මම ආන්ජෙලාට ලියලා යැව්වා ඒවා වැරදියි මේ මේ දේවල් වැරදියි කියලා. ඒ මම රෑට කෑම හදන වෙලාව.

 (අපි දැන් හොඳ ගෘහණියෝ නෙව. හය වෙද්දි උයන්න ඕනේ. අටට කලින් කුක්කුබෝලේ කෑම කාලා වැඩටත් යන්න ඕනේ. බොහෝ දවසට අපි දෙන්න එකට කෑම ගන්න එකම වෙලාව ඒක හින්දා මම ඒක කීයටවත් මිස් කරන්නේ නෑ.;) )

 මම දැක්කා මිස් කෝල් එකක් හා ආන්ජෙලාගෙන් ආයෙ මැසෙජ්. එයා එවල තිබ්බා එයාගේ බොස් මට කතා කලා මම උහ්තර දෙන්නේ නෑ කියලාත් එකවුන්ට්ස් හරි එවා හැදුවේ  වර්කින් කන්සල්ටන්ට් කෙනෙක් කියලා.

 මට නේද?
ඉවසීමේ සීමව එතකොටත් හොඳාම ඉවර වෙලා තිබ්බේ. එහෙන් මගේ කෑම හැදීම, එහෙන් කුක්කුබෝලේ ඇහැරවන එක ;) (ඒක මිසන් එකක් පැයක විතර )
 ගත්තා කෝල් එකක් ආන්ජෙලාගේ බොස්ට. මම කීවා මේකයි මේකයි මේ මේ දේවල් වෙනස් වෙන්න ඕනේ කියලා. මොන මට කතා කරන්න දෙන්නේම නෑ. ඔහේ කියවනවා. කොටින්ම ආන්ජෙලාට 1500€ ක් විතර අඩුවෙන් එකවුන්ට්ස් තිබ්බේ.) මෙයිට වෙනස් කීයක්වත් දෙන්නේ නෑ මේක කන්සල්ටන් හැදුවේ අරවා මේවා. ඔන්න මගේ ලිමිට් එක. හරි මාත් කන්සල්ටන් කෙනෙක් මම කියන්නේ මේක මට වෙන වැඩ තියෙනවා මේ කුණුගොඩවල් අස්සේ ඉන්න මට වෙලාව නෑ කිව්වා phone එක තියෙනවා කිව්ව. කට් කලා. ඒ තමයි මගේ උපරිමය.

   ටිකකින් මට whats app ටෙක්ස්ට් එකක් එනවා.

 ෆෝන් එක කට් කරන්නේ කතා කරලා ඉවර වුනාම උඹ භාශව දැනගත්තට  මැනර්ස් දන්නේ නෑ කියලා කතාවක්.


    හරිනේ මම ඒක පිළිගන්න ඕනේ. මම හැසිරුනේ යකෙක් වගේ. මගේ ටෝන් එකේ උපරිමයෙන් හිටියේ කෝල් එක ඉවර වෙනකොට. එහෙම වෙන්න හේතු තිබුනා. ලොකු කම නම් මාත් එහෙමයි. නීතිය නම් මාත් එහෙමයි.  අහිංසකයින්ට කීයක් හරි ලැබෙන්න තියෙන දෙයක් අරන් දෙන එක මගේ යුතුකමක් වගකීමක් කියලා මම හිතන හා අදහන කෙනෙක්.

  මම රිප්ලයි කලා.  හරියටම. මම ආයේ උඹ කියන දේ කරන්නම්කෝ. නෝන්ඩි හිනාවකුත් එක්කම.  යටින් වැදගත් මිනිස්සු අනවශ්‍ය කතාවල් පවත්වාගෙන යන්නේ නෑ ඇවොයිඩ් කරනවා. තේරුමක් නැතිව කත කරන්න මට උවමනාවක් නෑ...  ඒ එක්කම වැඩි දුරටත්  සමාවෙයන් මගේ ටෝන් එකට. සාමන්යෙන් මම එහෙම නෑ. ඒත් මෙතන නම් මට එහෙම වෙන්න ඕනෙවටත් වඩා හේතු තිබුනා  කියලා ටෙක්ස් එක ඉවරයි.. ආයෙ උත්තර ආවේ නෑ. ලැජ්ජාවක් තියේනම් ඉතින් ආයේ ලියයියැ....

  මට හොඳටම හිනා. පස්සේ මම කුක්කුබෝලේටත් සොරි කියලා මගේ හිත හදාගත්තා. මම ඒ විදියට හයියෙන්, තරහා ගිහින් ඉන්න්වා එයා දැකලාම නැතිව ඇති. ඒත් මේ ලියන මොහොතේත් මට හිනහයි....

 ඉවසීමේ උපරිමේට ආවම එහෙම තමයි... ඒත් ඒක ගැන නොහිතා ආයේ තත්ත්පරෙන් නෝමල් වෙන්න පුළුවන් එකම මදිවැයැ...  ඉස්සර නම් දවසක් දෙකක් මූඩ් අවුට් නෙව... ;)

1 comments:

නිදහස!








      ගිය බ්‍රහස්පතින්දා දවල් එකට විතර මගේ යාළුවෙක් එනකම් අපි දෙන්න කැම්පස් එකේ බංකුවක ඉඳගෙන හිටියා. ඒක අහම්බයක්.  එතන තිබුන බාර් එක පිරෙන්නම යුනිවර්සිටි ස්ටුඩන්ට්ස්ලාගෙන් පිරිලා ඉතිරිලා ලන්ච් බ්‍රේක් හින්දා. අතොරක් නැති කියවීම් අස්සේ  එක පාරට එයා මෙහෙම කිව්වා.

 "බුරු, දන්නවද ඉස්සරහට මට ලීගල් ඉස්සුස් වලට මුහුණ දෙන්න වෙනවාලු..."  (කතාව සි`න්හලෙන් නොවෙන හින්දා මේවගේ තේරුමක් තමයි ඉතින් )

 මම එක පාරට  WTF මූඩ් එකෙන්
"මොකක්"
"නෑ නෑ මම අර ඔයාට කිව්වෙ කලිනුත් වෙලාව බලාගත්තා එයා කියන දේවල් වරදින්නේ නෑ."

 "අනේ පිස්සු විකාර ගැන මට කියන්න එපා. දන්නවානෙ මම ඕවා විස්වාස කරන්නේ නෑ.  කොහේවත් ඉන්න  මිනිස්සු කියන දේවල් අහලා තමන්ගේ ජීවිතය ගැන තීරණ ගන්න තරම් ඔයා මෝඩයෙක්ද? නිකම් පිස්සු වැඩ කරන්න එපා"

 "නෑ නෑ මට කියපු කිසිදෙයක් වැරදුනේ නෑ."

 එතනින් කතාව ඉවරයි.
එවෙලේ මගේ යාළුවත් ආවා.
අපි දෙන්න එයත් එක්ක අපේ බිස්නස් මීටින් එක ඉවර කරලා ඉක්මණින් ඉන්දියන් මාකට් එකෙන් මට ගන්න තිබුන බඩු වගයකුත් අරන් ගෙදර ආවා. එයාටත් එදා රෑ දොලහට ප්ලේන් එකක් තිබුනා.
ගෙදර ඇවිත් මම කෑම කාල එහෙමම වැඩට ගියා. රෑ වෙලා විශ් කරන්න කතා කරන්නම් කියලා හිතාගන.


ඒත් එදා එක එක වැඩ අස්සේ මට කතා කරන්න බැරි වුනා. එක පාරක්ද කොහෙද ප්‍රේමවන්තයා එයාට ගනිද්දි ෆෝන් එක බිසි කියලා කීවා. ඒ ගමන් ටෙක්ස්ට් එකක් දැම්මා එයාගේ ගමනට සුභ පතලා.  එදා මම ගොඩාක් මහන්සි වෙලාත් හිටියේ. මම ඉක්මණට නිදාගත්තත් එක්ක. 
 සිකුරාදාත් උදේ වැඩ වගයකට ගිහින් ගෙදර ආව ගමන්ම මම රෙස්ට් එකකට ගියා. කොටින්ම ගෙදර ඉන්නවා නම් දැන් ඉස්සර වගේ ෆෝන් ගැන හොයන්නේ බලන්නේ නෑ. දෙකට නැගිටලා ෆෝන් එක බලනකොට 
 "බුරු ඉක්මණින් කෝල් එකක් ගන්න"
 කියලා දැක්කම මම උඩ ගිහින් බිම වැටුනා. එහා පැත්තෙන් සද්ද ගොඩාක්. ෆෝන් එකට කනෙක්ට් වෙන්න අමාරුයි.  අන්තිමට 

 "Buru mi hanno arrestato"


ඒ තමයි මට ඇහුන වචන ටික....
 මොකක්ද කවුද ඇයි වගේ දාහක් මගේ ප්‍රශ්න එක්ක කෝල් එක කට් වුනා. ඒත් එක්කම මගෙන් ඒ ෆෝන් එකට ටෙක්ස්ට් වර්සාවක්. ඒත් උත්තර ආවේ නෑ..
 මම පිස්සෙක් වගේ.... මට හිතාගන්නත් බෑ. අනික ඊට පැය විසි හතරකට කලින් කියපු වචන ටිකක් මගේ ඔළුවේ තිස් තුන් දාහේ වේගෙන් ඇදෙනවා...
 ඒත් එහෙම වුනා....

       ඇත්තෙන්ම කිස්ම අවස්තාවක අපි දෙන්නගේ යාළුකම්, තේරුම් ගැනීම් එක්ක අපි දෙන්නා සාමාන්‍ය එක්ස්ලා වෙන්නේ නෑ. ගොඩාක් වෙලාවට මගෙන් වැඩියම බැනුම් අහන්නේ ඒමි. ඒත් අනෙත් පැථ්තට මාත් එහෙමයි. ඕනෙ ගොන් වැඩක් කලාම මොනවද හලෝ මේ වැඩ කියලා බැන්නට මුලින්ම උදව්වට එන්නේත් ඔහු. සමහරවිට මාස ගණන් කතා නොකර හිටියත් වැදගත් ඕනෙම දේකදි අනෙකාගේ අදහස් අපි හොයනවා. 
 පිටස්තර කිසිම කෙනෙක්ට ලේසියෙන් අපේ සම්බන්දය තේරුම් ගන්න බැරි වුනා. ඒත් මගේ ප්‍රේමවන්තයා මුලින්ම ඒමිව මීට් වුන දවසේ ඉඳන්ම එයාගේ යාළුවෙක්. ඒමිගේ තියෙන කොලිටි එකක් තමයි ඒ තත්පරෙන් අනෙකාගේ හිත දිනාගන්න එක. ඒ විතරක් නෙමෙයි මගේ සතුට වෙනුවෙන් කවදවත් නෑ බෑ කියන වචන නැතිව මම අවුල් වෙච්ච හැම වෙලේම ඔයා මෙහෙම ඉන්න ඕනේ කෙනෙක් නෙමෙයි කියලා දුක් වුන කෙනත් ඒමි. (වෙන කවුද ඉතින් තමන්ගේ එක්ස්ගේ පාට්නාර්ගේ උපන්දිනේ දවසේ උදේ පාන්දර හයට ඇවිත් කේක් එකක් ගෙනත් දෙන්නේ? )

 ඒක මගෙනුත් හැමදාම එහෙම වුනා. 


මම දන්නවා ඕන චොර වැඩක් කලාම එයා දන්නවා කොහෙන් වුනත් මම ඉන්නවා කියලා. ඊටත් වඩා එයා ගියේ මගේ වැඩකට. ඒ හින්දාම මට වැඩියම දුකයි. කොහේ හිටියත් අහුවෙන දෙයක් කාලා බීලා බිම  හරි නිදාගන්න පුළුවන් වුනත් නිදහස නැතිව නම් දවසක්වත් එයා රෙසිස්ට් වෙන්නේ නෑ කියලා මම දන්නවා. 

එයා හැමදේම හෙව්වේ එයාගේ නිදහස!    ඒත් දැන්... 

ජීවිතේ කියන්නේ අපිට ප්‍රශ්න විතරක්ම වෙන්නැති Ciccio. 

 sei la miglior persona mai incontrato nella vita. 



5 comments:

එහෙන් මෙහෙන් කතා.... අලුත් අවුරුද්ද


     

        එක පාරට 2016ත් ඈවිත්. 2015 කොහොමද ගෙවුනේ කියලා හිතාගන්නවත් කලින්. සමහර දේවල් තියෙනවනේ අපිට නොදැනිම ඉබේ වගේ වෙන. මේකත් එහෙම වෙන්න ඕනේ.  මොනවා වුනත් තවත් අවුරුද්දකින් මම වයසට ගියා කියලා හිත කියනවා. (වයසට යනවා කියන්නේ mature වෙන එක කියලයි මේ අපේ වර්ගයේ බොහොමයක් අය කියන්නේ නැතිව අපි කොහේ වයසට  යන්නද?


     2015 දිහා බැලුවම මගේ ජීවිතයේ බොහොම කේන්ද්‍රීය වසරක්. කරදර හිත් රිදීම්, නැතිවීම් හා අවුල් වියවුල් වලින් පිරුණ වසරක්. කොටින්ම නැතිවෙච්ච සමහර දේවල් වල වටිනාකම තියා ඒවා ගැන තාමත් හිතාගන්නවත් බෑ. ඒ කියන්නේ මුදල් අගය නෙමෙයි. ඒවා ගොඩාක් බැඳුනේ මගේ රාජකාරි ජීවිතය එක්ක. මොන දේ අවුල් කරගත්තත්  රස්සාව දේවකාරියක් වුන මට ඒක සෑහෙන්න බලපෑමක් වුනා.

 ඒ මොනව වුනත් කඩා වැටීම් දාහක් අස්සේ වුනත් ආපහු පොලවේ ජීවත් වෙන්න තිබුන ශක්තිය ගැන මටම පුදුමයි. මගේ අස්සේ ලොකු අවුල් තිබ්බට මම, මාව ගැන සතුටු වෙන එක තැනක් තමයි ඒ. කොහෙන් ගියත් මාව අන්තිමට හොයාගන්න එක. සමහර අවස්ථාවන් තිබුන ජීවිතය එපා වුන තරම්. ඒ නැති වුන දේවල් හින්දා නෙමෙයි. අපි වටේ ඉන්න යාළුවෝ හිත මිත්‍රයෝ  සම්බන්ද බැඳීම් වලදී. කොටින්ම අපේ යාළුවෝ කියන්නේ අපි ඕනෙම දේකදි පෙනී හිටින මිනිස්සු. ඒත් අපිට අපේ යාළුවෝ කොහොමද කියන එක යමක් වෙනකම් තේරෙන්නේ නෑ. අපි කොයිතරම් වයස ගියත් අත්දැකීම් තිබුනත් කොයි තරම් පාඩම් ඉගෙනගත්තත් ඒ වගේ දේවල් වලට මුහුණ දෙන එක නතර වෙන්නෙත් නෑ. ඒකේ අවුල මගේ මිසක් වෙන කාගෙවත් නෙමෙයි.  අපිට අවශ්‍යතාවයක් වුනාම අපි එක්ක හිටගන්න පුළුවන් යාළුවෝ කීයක් අපි එක්ක ඉන්නවද කියන එක වගේ දේවල් තදින් තේරුම් ගන්න වුනා. කිසිම කෙනෙක්ගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු නොවුනත් අපිටත් අනෙකාගේ ආදරය, උදව්, හිතවත්කම් උවමනා වෙනවා. ඒත් මට නම් එහෙම මට කියන්න යාළුවෝ ඉන්නවද කියන්න, මිනිස්සු ඉන්නවද කියන එක ගැන ආපහු සියදාස් වාරයක් හිතන්න උනන්දු කලා. ඒත් හැමදේම වෙන්නේ හොඳටනේ කියලා හිත හදාගන්න මට පුළුවන්. කොටින්ම කවුරු නැතත් මට මම ඉන්නවා කියන එකත් ඒ වගේම මම වෙනුවෙන් ඕනෙම වෙලාවක එකට හිටගන්න පුළුවන් කීපදෙනෙක් හරි ඉන්න එක ගැන මට ලොකු අවබෝධයක් දැනුනා. කොටින්ම අර හිතවත්කම් පෙන්වන යාළුවන්ට වඩා ඒ එක්කෙනා දෙන්නා දාස් ගුණයකින් වටිනවා.... (කොටින්ම කිසිදෙයක් නොකලත් අනෙකාගේ කැපවීම හිතවත්කමවත් තේරුම් ගන්න යාළුවෝ )

       අපි අනෙකාට ලංවෙන තරමට ආදරය කරන තරමට බැඳීම් වැඩිවෙන තරමට වේදනාවත් වැඩිනේ. ඉතින් එහෙම ඉදිරියට හරි නොවෙන්න තීරණය කලා. ( අපේ මල්ලි නම් කියන්නේ ඔයා ඕක කී පාරක් කියලා තියෙනවද හලෝ ඒත් හැමදාම එකමනේ කියලා.)  ඇත්ත ඒක තමයි හැමදාම වෙන්නේ හා වුනේ. ඒත් අන්තිමට කාත් එක්කවත් කිසිම තරහක් මගේ හිතේ ඉතිරි නොවෙන්නෙත් ඒ හින්දමයි කියලා මම දන්නවා. ඕනේවට වඩා ප්‍රෙටෙන්ඩ් වෙන්න ගිහින් බලෙන් ජීවිතය අවුල් කරගන්නවා කියන එක මට අමුතු දෙයක් නෙමෙයිනේ. ;)

 
   කොහොමත් සතුට කියන එක සාපෙක්ෂයිනේ. අනික හැමදෙයින්ම අපිට සතුට විතරක් ලැබෙන්න ඕන වෙන එකත් මහ විහිළුවක්නේ. ඒක හින්දා මේ දේවල් මහා ලොකු අවුල් දේවලුත් නෙමෙයි. කෙස් ටික ටික සුදු වෙන්න ගන්න හින්දා මැචුව වෙන කාලේ කියලා මම හිතාගන්නවා... ;)

    2016 කියලා මට නම් අලුතෙන් කියන්න තරම් මහලොකු බලාපොරොත්තුවත් වෙන මොනාවත් නෑ. හිතේ සතුටින් ජීවත් වෙන්න ලැබුනම ඒ ඇති. කලින් අවුරුද්දට වඩා වැඩියෙන් වැඩ කරන්න ලැබිලා,අසනීප වලින් තොරව, අතේ කීයක් හරි වැඩිපුර ගැවසෙන අවුරුද්ද ක් වුනා නම් තවත් ලේසියි. කොහොමත් මගේ අවශ්‍යතාවයන් වලට මුදල් තිබුනම හොඳටම ඇති. යාළුකම් නොදන්න  මිනිසුන්ගේ ප්‍රශ්නවලට ශතයක්වත් වියදම් කරන්න නොලැබෙන අවුරුද්දක් වෙනවා නම් තවත් හොඳයි.

    මෙහෙම කීවට මට කිසිම නෙගටිව් ෆීලින් එකකුත් නෑ. මම දැන් ටික ටික මට අනුව  සත්‍යවබෝදයට යමින් සිටින හින්දා වෙන්නැති... හික්ස්... (කෙස් පැහෙන කාලේ හා හා...  )

20 comments: