නිදහස!








      ගිය බ්‍රහස්පතින්දා දවල් එකට විතර මගේ යාළුවෙක් එනකම් අපි දෙන්න කැම්පස් එකේ බංකුවක ඉඳගෙන හිටියා. ඒක අහම්බයක්.  එතන තිබුන බාර් එක පිරෙන්නම යුනිවර්සිටි ස්ටුඩන්ට්ස්ලාගෙන් පිරිලා ඉතිරිලා ලන්ච් බ්‍රේක් හින්දා. අතොරක් නැති කියවීම් අස්සේ  එක පාරට එයා මෙහෙම කිව්වා.

 "බුරු, දන්නවද ඉස්සරහට මට ලීගල් ඉස්සුස් වලට මුහුණ දෙන්න වෙනවාලු..."  (කතාව සි`න්හලෙන් නොවෙන හින්දා මේවගේ තේරුමක් තමයි ඉතින් )

 මම එක පාරට  WTF මූඩ් එකෙන්
"මොකක්"
"නෑ නෑ මම අර ඔයාට කිව්වෙ කලිනුත් වෙලාව බලාගත්තා එයා කියන දේවල් වරදින්නේ නෑ."

 "අනේ පිස්සු විකාර ගැන මට කියන්න එපා. දන්නවානෙ මම ඕවා විස්වාස කරන්නේ නෑ.  කොහේවත් ඉන්න  මිනිස්සු කියන දේවල් අහලා තමන්ගේ ජීවිතය ගැන තීරණ ගන්න තරම් ඔයා මෝඩයෙක්ද? නිකම් පිස්සු වැඩ කරන්න එපා"

 "නෑ නෑ මට කියපු කිසිදෙයක් වැරදුනේ නෑ."

 එතනින් කතාව ඉවරයි.
එවෙලේ මගේ යාළුවත් ආවා.
අපි දෙන්න එයත් එක්ක අපේ බිස්නස් මීටින් එක ඉවර කරලා ඉක්මණින් ඉන්දියන් මාකට් එකෙන් මට ගන්න තිබුන බඩු වගයකුත් අරන් ගෙදර ආවා. එයාටත් එදා රෑ දොලහට ප්ලේන් එකක් තිබුනා.
ගෙදර ඇවිත් මම කෑම කාල එහෙමම වැඩට ගියා. රෑ වෙලා විශ් කරන්න කතා කරන්නම් කියලා හිතාගන.


ඒත් එදා එක එක වැඩ අස්සේ මට කතා කරන්න බැරි වුනා. එක පාරක්ද කොහෙද ප්‍රේමවන්තයා එයාට ගනිද්දි ෆෝන් එක බිසි කියලා කීවා. ඒ ගමන් ටෙක්ස්ට් එකක් දැම්මා එයාගේ ගමනට සුභ පතලා.  එදා මම ගොඩාක් මහන්සි වෙලාත් හිටියේ. මම ඉක්මණට නිදාගත්තත් එක්ක. 
 සිකුරාදාත් උදේ වැඩ වගයකට ගිහින් ගෙදර ආව ගමන්ම මම රෙස්ට් එකකට ගියා. කොටින්ම ගෙදර ඉන්නවා නම් දැන් ඉස්සර වගේ ෆෝන් ගැන හොයන්නේ බලන්නේ නෑ. දෙකට නැගිටලා ෆෝන් එක බලනකොට 
 "බුරු ඉක්මණින් කෝල් එකක් ගන්න"
 කියලා දැක්කම මම උඩ ගිහින් බිම වැටුනා. එහා පැත්තෙන් සද්ද ගොඩාක්. ෆෝන් එකට කනෙක්ට් වෙන්න අමාරුයි.  අන්තිමට 

 "Buru mi hanno arrestato"


ඒ තමයි මට ඇහුන වචන ටික....
 මොකක්ද කවුද ඇයි වගේ දාහක් මගේ ප්‍රශ්න එක්ක කෝල් එක කට් වුනා. ඒත් එක්කම මගෙන් ඒ ෆෝන් එකට ටෙක්ස්ට් වර්සාවක්. ඒත් උත්තර ආවේ නෑ..
 මම පිස්සෙක් වගේ.... මට හිතාගන්නත් බෑ. අනික ඊට පැය විසි හතරකට කලින් කියපු වචන ටිකක් මගේ ඔළුවේ තිස් තුන් දාහේ වේගෙන් ඇදෙනවා...
 ඒත් එහෙම වුනා....

       ඇත්තෙන්ම කිස්ම අවස්තාවක අපි දෙන්නගේ යාළුකම්, තේරුම් ගැනීම් එක්ක අපි දෙන්නා සාමාන්‍ය එක්ස්ලා වෙන්නේ නෑ. ගොඩාක් වෙලාවට මගෙන් වැඩියම බැනුම් අහන්නේ ඒමි. ඒත් අනෙත් පැථ්තට මාත් එහෙමයි. ඕනෙ ගොන් වැඩක් කලාම මොනවද හලෝ මේ වැඩ කියලා බැන්නට මුලින්ම උදව්වට එන්නේත් ඔහු. සමහරවිට මාස ගණන් කතා නොකර හිටියත් වැදගත් ඕනෙම දේකදි අනෙකාගේ අදහස් අපි හොයනවා. 
 පිටස්තර කිසිම කෙනෙක්ට ලේසියෙන් අපේ සම්බන්දය තේරුම් ගන්න බැරි වුනා. ඒත් මගේ ප්‍රේමවන්තයා මුලින්ම ඒමිව මීට් වුන දවසේ ඉඳන්ම එයාගේ යාළුවෙක්. ඒමිගේ තියෙන කොලිටි එකක් තමයි ඒ තත්පරෙන් අනෙකාගේ හිත දිනාගන්න එක. ඒ විතරක් නෙමෙයි මගේ සතුට වෙනුවෙන් කවදවත් නෑ බෑ කියන වචන නැතිව මම අවුල් වෙච්ච හැම වෙලේම ඔයා මෙහෙම ඉන්න ඕනේ කෙනෙක් නෙමෙයි කියලා දුක් වුන කෙනත් ඒමි. (වෙන කවුද ඉතින් තමන්ගේ එක්ස්ගේ පාට්නාර්ගේ උපන්දිනේ දවසේ උදේ පාන්දර හයට ඇවිත් කේක් එකක් ගෙනත් දෙන්නේ? )

 ඒක මගෙනුත් හැමදාම එහෙම වුනා. 


මම දන්නවා ඕන චොර වැඩක් කලාම එයා දන්නවා කොහෙන් වුනත් මම ඉන්නවා කියලා. ඊටත් වඩා එයා ගියේ මගේ වැඩකට. ඒ හින්දාම මට වැඩියම දුකයි. කොහේ හිටියත් අහුවෙන දෙයක් කාලා බීලා බිම  හරි නිදාගන්න පුළුවන් වුනත් නිදහස නැතිව නම් දවසක්වත් එයා රෙසිස්ට් වෙන්නේ නෑ කියලා මම දන්නවා. 

එයා හැමදේම හෙව්වේ එයාගේ නිදහස!    ඒත් දැන්... 

ජීවිතේ කියන්නේ අපිට ප්‍රශ්න විතරක්ම වෙන්නැති Ciccio. 

 sei la miglior persona mai incontrato nella vita. 



5 comments: