එහෙන් මෙහෙන් කතා.... අවුල් එක්ක හිත නිදහස් කර ගැණිමේ අභ්‍යාස.

     

          හැමෝම වගේ ආපහු ලියන්න පටන් අරන් වගේ. මම දැක්කා අර ඩුබායි වට්ටක්කාත් ලියනව.
  ඇයි අර ජනූ කෙල්ල. වෙනදා වගේ නෙමෙයි එක පාරට සිසිර කාරක නින්දෙන් ඇහැරිලා බල්ලෝ හරක් ඔක්කොම ගැන ලියාගෙන යනවා නෙව. ;)

තව පරණ ලියන්නෝ හුඟ දෙනෙක් ආපහු ලියනවා දැක්කා. මටත් නිකම් කහනවා වගේ. ;)


      මේ ළඟ කාලෙකදි මට ආපු ටෙස්ට් එකකින් කියපු දෙයක් හින්දා මගේ හිත හොඳටම රිදුනා. කොටින්ම  අපි ආශ්‍රය කරන මිනිස්සු කොයි තරම් කුහකද, කපටිද, ආත්මාර්ථකාමිද වගේ හැඟීමක් දැනුනා.

       මම;  මම වෙන්නේ දන්න කියන දා ඉඳන්ම. සාමාන්‍යයෙන් මාව දන්න ඕනෙම කෙනෙක් නිතර කියන දෙයක් තමයි මට හොඳට දේවල් මතකයි කියලා. ඇත්තෙන්ම පොඩි කාලේ අවුරුදු දෙකේ මතකත් මට හොඳට මතකයි. ඒක  ආඩම්බර කමකට කියන දෙයක් නෙමෙයි. ඒ තමයි මම මම ගැන ආඩම්බර වෙන හේතුවක්. ඕනේම කෙනෙක් මට කෝපි කෝප්පයක් දුන්නත්, ප්ලේන් ටී එකක් දුන්නත් කෑම වේලක් දුන්නත් මට ඒවා හැමදාම මතකයි. ඒක නිකම්ම නිකම් මතකයක් නෙමෙයි. මම උවමනාවෙන්ම මගෙ ජීවිතේ හමුවෙන ඒ වගේ දේවල් ආදරයෙන් මතකයේ තියාගෙන ඉන්න හින්දා. මගේ ජීවිතය දිහා හැරිලා බලන හැම දවසකම මට උදව් කරපු මිනිස්සු ගැන බොහෝම ආදරණීය මතකයක් මට තියෙනවා. ආයේ අමුතුවෙන් කියන්න ඕනේ නෑනෙ උදව් කලාට ඊට වඩා බොහෝ පහත් වැඩ මට කරපු අයට නම් එක වචනයක්වත් මම කතා නොකර ඉන්න්වා ඇති. ඒත් ඒ අය කරපු උදව් මට අමතක වෙලා නම් නෑ.

      ඇත්තම කිව්වොත් ලංකාවේදි මට මගේ ජීවිතේ වටිනම දේවල් වෙන්නේ අපේ ගෙදර අය හා අපේ මල්ලි. ඒවයේ වටිනාකම් වලට තේරුමක් දෙන්න මට, අද, හෙට තියා මියෙන දවසකටවත් බෑ කියලා මම දන්නවා. ඒත් කොයිවෙලේවත් ඒ අය මගෙන් හොඳක් අහගන්නෙත් නෑ. පොඩ්ඩ බැරිවෙච්ච ගමන් කණ පැලෙන්න බැණුම් අහගන්න එක එයාලගේ ජීවිතේ පුරුද්දක් වෙලා. ඒත් එයාලා ඒක ගැන කවදාවත් අහිතකින් ඉන්නේ නෑ. එයාලා දන්නවා ඒ හැමදේම වෙන්නේ මගේ ආදරේ සීමා මායිම්  වල දිග පළල හින්දා කියලාත්. එයාලා ඒ විදියටම මට ආදරෙයි. ඔය යකා නටලා ටික වෙලාවකින් සොරි මට තරහා ගියානේ කියලා කියන එකත් ඉතින් මගේ පුරුද්දක්. එයාලා කවදාවත් මට බොරුවක් කරන්නෙත් නෑ. එහෙම කරන්න අපි කාටවත් අවශ්‍ය වෙන්නෙත් නෑ.

      සමහරවිට ඒ දේවල් එහෙම වෙන්නේ අපි අද කොහේ කොතනක හිටියත් අපි හැදුනේ ගමක වීම. සමහරවිට අපේ දේමව්පියන් අපිව හැදුව විදිහේ වැදගත්කම. මම හැමදාම හිතන දෙයක් තමයි දරුවන් හොඳ මිනිසුන් කරන්නේ දෙමාපියන් දාන අඩි පාරෙන් කියන එක. මම මගේ දෙමාපියන් ගැන ලොකුවට දැනගන්න තරම් කාලයක් එයාලා අපි එක්ක හිටියේ නෑ. හිටියා කාලෙත් කලේ එයාලා පිස්සෝ කරපු එක විතරයි. ඒත් පස්සේ කාලෙක මම අපේ අම්මලගේ ආදරේ තේරුම් ගන්නවා. අදටත් ගමේ ගියාම මම කවදවාත් නොදකැපු මනුස්සෙකුට වුනත් හිනා වෙලා එනවා. ඉතින් ඒ මිනිස්සු හිතන්නේ අපේ ගෙදර ඉන්න හොඳම එකා මම කියලා. එහෙම නෑ කියලා දන්නේ මමයි අපේ ගෙදර එවුනුයි විතරනේ... ;)

      අනික අපේ ගෙදර මිනිස්සු මට නීති දාන්න එන්නේ නෑ. එයාලා දන්නවා මම ජීවත්වෙන හැටි. මම ඇසුරු කරන මිනිස්සු. මම අකමැති දේවල්. කොටින්ම එයාලගේ ජීවිත වලින් අනිත් පැත්තේ පුරුදු ඔක්කොම මට තියෙන්නේ. අක්කා වුනත් ඔයා මෙහෙම කරනවානම් හොඳයි කියනවා මිසක් ඔයා මෙහෙම කරන්න ඕනේ කියලා මට කියලා නෑ.  පුතාලා ඊටත් එහා. කොටින්ම යසී බෝයි, පුංචිගේ යාළුවා. අපි දෙන්නා ඕනෙම දෙයක් ගැන කෙලින් කතා කරන්න තරම් විවෘත වීමම මගේ අති මහත් ජයග්‍රහණයක් කියලා මම හිතන දෙයක්.  මේ කිසිම කෙනෙක් මගේ කාලය ධනය අනවශ්ය වැඩ වලට යොදවන්නේ නෑ. කොටින්ම මල්ලි එයා තමයි මගේ සල්ලි ගැන වගකීමෙන්ම වැඩ කරන කෙනා. මම ලංකාවට ආවම මට කාඩ් දෙක දීලා ඕනෙ දෙයක් කරගන්නවා කියන්න තරම් ඔහු නිහතමාණියි. ඉන් එහාට ඔයා මොනවටද වියදම් කරන්නේ අර යාළුවට දෙන්න එපා වියදම් කරන්න එපා වගේ දේවල් කියවන්නේ නෑ.  වියදම්වැඩිවෙද්දි තමුසේ මොනාද ඕයි සල්ලි වලට කරන්නේ ලංකාවට ආවම කියලා අහලා හිනාවෙනවා මිසක් ඉන් එහාට මොකුත් කියන්නේ නෑ. මට අන්තිම ශතයත් ඉතිරිවෙන්න වැඩ කරනවා මිසක්. මොකද එයා දන්නවා මම සල්ලි හොයන්නේ කොයිතරම් කැපවීමක් කරලද කියලා. අපිට සුගර් ඩැඩීස්ලා නෑ. කොල්ලෝ නෑ සල්ලි දෙන්න නිකම් ;) ඉතින් අපි හම්බකරන හැම ශතයකම ලොකු වටිනාකමක් තියෙනවා. සමහරවිට අපි අනවශ්ය වියදම් කරනවා ඇථි අපේ හිතේ සතුට වෙනුවෙන්. ඒත් ඒ අපේ සතුට වෙනුවෙන් නේ. ;) 

   මේ දවස් වල මගේ ගෙදර රිනේවේසන් එකක් යනවා. කොටින්ම මට සල්ලි වියදම් වෙන්නේ ඒවා මිලට ගන්න විතරමයි. පසුගිය දවසක මගේ කුස්සිය ෆික්ස් කලේ මගේ යාළුවා ගාව වැඩ කරන කොල්ලෝ දෙන්නත් එක්ක යාළුවත් ඇවිත්. අඩුම තරමේ වැඩට ආපු කොල්ලන්ට කෝපි එකක්වත් දෙන්න මට ඉඩ ලැබුනේ නෑ. කෝපි එකක් බොන්න කඩේකට ගියත් චිට් එකක් තියෙන මට ඒක හරි අවුලක් වුනාට මගේ යාළුවා මට කීවේ ඒව මම බලාගන්නම් කියලා.  ඒ තමයි මගේ ජීවිතේ. මම හම්බ කරපු වටිනාම දේවල්. මිනිස්සු. ඕනෙම දේකදි මට ඉන්නවා මිනිස්සු. මම මිනිසුන්ට කරදර නොකරන එක වෙනම දෙයක්. ඒත් ඕනෙම අවශ්ථාවක මම වෙනුවෙන් උදව්වට එන්න මගේ අම්මා, තාත්තා, පවුලේ අය කවුරුත් නැති මේ රටේ මිනිස්සු මට හැමදාම ඉන්නවා. ( කොටින්ම අම්මා නෑ කියලා මට අඩුවක් නෑ මෙහෙත් මට අම්මා වගේ යාළුවෝ ඉන්නවා. මොනිකා කියන්නේ මගේ ජීවිතයම එහෙම සෙට්ල් කරන, කරපු කෙනෙක්. ) 

     ඒත් මේ එක්කෙනෙක්වත් ඒ කිසිදෙයක් ගැන කියවන්නේ නෑ. අරයා ට අපි මෙහෙම කලා අරයා මෙහෙම කලා වගේ කියවන්නේ නෑ. තව කෙනෙකුට උදව්වක් කරන්න හදද්දි අකුල් හෙලන්නෙ නෑ. හොඳම උදාහරණය ඒමි. ඒමි නොහිටියා නම් අද මගේ ජීවිතේ කොහොම වෙන්න තිබුනද කියලා මම දන්නේ නෑ. එයා හින්දාම ජීවිතේ අවුල් වුනත් අපිට ජීවිතේ බෙදාගන්න බැරිතරම් ප්‍රශ්න කවදාවත් නෑ. අදටත් ඕනෙම දෙයක් කරද්දි "බුරු මේක මෙහෙම කරමුද" කියලා අහනවා මිසක් මම හින්දා මගේ සල්ලි වලිනුයි ඔයා කොලේජ් ගියේ කියලා කියන්නේ නෑ. අද මගෙන් ඒමිට ඊට වඩා දේවල් ලැබෙන්නේ අන්න ඒ වගේ මනුස්සෙක් වීම හින්දා මිසක් වෙන දේකට නෙමෙයි. 

       බොරු මොකටද මට සල්ලි ලොකුකම් වෙන්න පොශ්කම් වගේ දේවල් මහ ලොකු දේවල් නෙමෙයි. අපි ඒවට මිනිස්සු ආශ්‍රය කරන්නෙත් නෑ. අදටත් මම ඕනෙම තැනකට ගියාම ඒ තැනට ගැලපෙන්න ඉන්න දන්නවා. කන්න තියෙන්නේ බතුයි පොල් සම්බෝලයි නම් මම ඒකත් කාලා ඉන්නවා. නිදාගන්න තියෙන්නේ බිම නම් ඒකත් කරනවා. ඒත් මගේ සල්ලි වලින් දේවල් කරද්දි ඊට වඩා වෙනස් විදියට ජීවත් වෙනවා. ගන්න පුළුවන් ඉහලම ගාණේ  වයින් බොන්න වගේ ඒවා කරන්නේ මගේ සල්ලි වලින්. අනිත් මිනිස්සු ඉස්සරහා අපෝ මෙහේ මට නම් ඉන්න බෑ කියන්නේ නෑ. මොකද මම දන්නවා අනෙකා සල්ලි හොයන්න මහන්සි වෙන තරම. අනෙක මේ තත්පරේට දෙකකට ලොකුකම පොශ්කම පෙන්වන්න අපි කුරුදුවත්තෙන් ආව නෙමෙයිනේ.... ( මම එහෙම ලංකාවේ කෙල්ලෙක් දැක්කේ එකම එකයි. මේ බ්ලොග් ලෝකෙම හිටපු කෙනෙක්.) 

අපිට අයිඩින්ටිටි ක්‍රයිසීස් නෑ. අපි දන්නවා අපි කොහෙන්ද ආවේ කොහේද ඉන්නේ කියලා


 මේ සටහන අවුල් ඇති. ඒත් මේවගේ ඒවත් ලියවෙන්න එපැයි නේ? 
 
 හරි මම නිදහස් ඔන්න... 
ඔක්කොම වමෑරුවා...  );



6 comments:

  1. මක්ක වෙලාදැයි හිතාගන්න බැරි වුණත්, හිත රිදුණු ගතියක් පේන්න තිබුණත් බූරු බබේ ලියල තියෙනවා දකිද්දි සතුටුයි.

    ReplyDelete
  2. අප්පා කිරිමුත්තා දැක්කා වගේ තරු... කාලෙකින් නේ... කොහෙද තරූලාවත් ඉතින් නිතර ලියනවා කියලැයි...
    කොහොමත් මම බිසි වෙන තරමට ස්ට්‍රෙස් වෙන තරමට බ්ලොග් පෝස්ට්ස් වුනත් ලියවෙයි.
    මේක ලියවුනෙත් දවස් කිහිපයක්ම මට හරියට නින්දවත් ගියේ නෑ මේ කතාව හින්දා. කොටින්ම අපි ආශ්‍රය කරන මිනිස්සු ගැන ලොකු කළකිරීමකින් හිටියේ. ඒකයි වචන වුනේ.

    ReplyDelete
  3. ඇති යංතං කලඑළි බස්සා..කාලෙකට පස්සෙ..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ලියන්න ඕනේ. නැත්නම් මට මාව හොයාගන්න අමාරුයි නෙව.

      Delete
  4. රංගි අක්කා ලියනවා දැක්කම ආයෙත් මටත් ලියන්න හිතුනා. බ්ලොග් එකේ මකුළු දැල් කඩලා පටන් ගන්න ඕනෙ.

    ReplyDelete
    Replies
    1. අන්න නියමයි.... ලියන්න ලියන්න.

      Delete