එහෙන් මෙහෙන් කතා... ඇඹුල් දොඩම්....












  මේ ඇඹුල් දොඩං හදලා බොන ගමන්.


       අපේ මස්සිනා හැමදාම වගේ මම ගෙදර ආවම නැට්ටට පෙට්‍රල් ගහපු බල්ලෙක් වගේ එහේ මෙහේ දුවනවා. මොනවටවත් නෙමෙයි මම ආස කෑම ජාති හොයන්න. පොඩි අක්කාටත් නංගි අරක ආසයිනේ ඒවා ලෑස්ති කරලා තියෙන්න ආවම හදලා දෙන්න වගේ කියමින් මගේ සියළු කෑම ආසාවන් සංසිඳවන්න කැප වෙච්ච  මනුස්සයා.

         මෙදා පාර ගෙදර ගියේ කිසිම දැනුම් දීමකින් නෙමෙයි. කුමාරි මම මේ ලංකාවට එන ගමන් කියලා එයාපෝට් එකේ ඉඳන් කෝල් එකක් දුන්නට ගෙදර එන බවක් කීවේ නෑ. අනික දවස් තුනකට ලංකාවට ගිහින් මට කොහෙද ගෙදර යන්න වෙලාවක්. අපේ ගමත් ඩොටේ සීමාවෙනුත් එහා.

       කොහොම හරි පහුවදා රෑ යසී බෝයි මායි ගෙදර යන්න පිටත් වුනා. කොහොමත් දැන් පුංචිගේ අවශ්‍යතාවයන් කියන පමාවට ඉටු කරන්න ලොකු පුතෙක් ඉන්න එක ගැනත් තියෙන්නේ අප්‍රමාන සතුටක්.  යසී කියන්නේ මගේ nephew විතරක්ම නෙමෙයි. යාළුවෙක්. ඕනෙම දෙයක් කතා කරන්න පුළුවන් වැඩිහිටියෙක්. එයා වැරදියට දේවල් වටහගනියි කියලා බයවෙන්න ඕනෙත් නෑ. කොටින්ම අපේ මල්ලිගේ කපාපු පළුව තමයි යසී බෝයි. වගකීමක් දෙන්න පුළුවන් ඕනේ දෙයක් තත්ත්පරෙන් අල්ලගන්න කොල්ලෙක්ගේ පුංචි වෙන එකම මගේ ලොකු වාසනාවක්.

 (කොහොමට හිටිය මගේ යසී බෝයිද කියලා දැක්කම පුදුම නොහිතෙනවා නම් ඒකත් පුදුමයක් තමයි. )

       කතාව යසී ගැණ නෙමෙයිනේ.  ඇඹුල් දොඩම් කියන්නේ දන්න කියන දා ඉඳන් අපේ වත්තේ ගේ වහලෙටම අල්ලල තිබුන හැමදාම ගෙඩි පිරිච්ච ගහක්. අද වෙනකොට මට අපේ ගමේ ගෙදර ගැන හිතෙද්දි ඒ හැ මදෙයක් ගැනම දැනෙන දුක මිශ්‍රිත නොස්ටැල්ජික් මතක ගෙන්නේ හරියටම කොහොම හැඟීමක්ද කියන්න දැනෙන්නෙත් නෑ. ඒක දුකක්මත් නෙමෙයි. හරියට අපේ අම්මාගේ ආදරේ වගේ. හීනෙන් වගේ ආව මතකයන් අස්සේ රවුම් ගහනකොට දැනෙන හිස්කමකුත් තියෙනවා.


    ඒ සිංහල දොඩම් ගහේ ගෙඩි බොහෝ වෙලාවට කාට හරි බෙහෙත් වලට ගෙනියන්න කැඩුනා කියලා මතකයි. අපි එහෙමට ඒවයෙන් බීමවත් හදලා බීව  බවක් මට මතක නෑ. මම හිතන්නේ ලොකු අක්කා නම් ඉඳලා හිටලා ඒවා කරලා දෙනවා. ඒත් මම තනියම එහෙම දොඩම් ජූස් හදාගත්ත කියලා මතක නෑ. ඒත් අයියා හරි තව කවුරු හරි ඒවා පෙති සුද්ද කරලා මැදට ලුනුයි ගම්මිරිසුයි දාලා කනවා මතකයි. මතක විදියට ඒක බෙහෙතක්.

       ගිය සතියේ ගෙදර ගියාම මස්සිනා ඇඹුල් දොඩම් කඩලා දුන්නා. දැන් මම ගමේ ගෙදර කියන්නේ පොඩි අක්කගේ ගෙදරට. කොටින්ම මගේ ආදරේ සෙන්ට්‍රලයිස් වෙන්නේ එතනට. සේන අයියාගේ එකී නොකී පළතුරු එළවළු අස්සේ මම ඇඹුල් දොඩම් ගෙඩි තුනකුත් මෙහේ අරන් ආවා. පසුගිය දවස් ටිකේම ලංකාවේ පළතුරු එළවලු තිබුන අපිට ඇතිවෙන්නම. ඉතින් අද තමයි නිවාඩු පාඩුවේ ඇඹුල් දොඩම් ඇහැගැටුනේ. ටක් ගාල මට එක වීදුරුවකුයි කුක්කුබෝලේට එකකුයි හදාගත්තා. අර නොස්ටැල්ජික් ෆීලින් එකෙන්ම මම එක පාරටම ඒක බීලා දැම්මා. කොටින්ම කුක්කුබෝලේ ගෙදර එනකම් ටක් ගාලා මේ සටහනත් ලියන්න ගත්තා.  නොස්ටැල්ජියාව උඩුගම් ගියාම අපි එහෙමයි.

      මම හිතන්නේ මම ඇඹුල් දොඩම් බොන්නේ සෑහෙන කාලෙකින්. නිතර ගෙදර ගියත් ගහේ කොච්චර ගෙඩි තිබුනත් ඒවා කන්න බොන්න මට වෙලාවක් නෑ. ඒකට හේතුවත් මම ගෙදර ගියාම ඉන්න හැම විනාඩි පහෙන් පහටම පොඩි අක්කා මොකක් හෝ දෙයක් හදලා කන්න දෙන එකමයි. මෙදාපාරත් ගෙදර ගිහින් හිටියේ පැ‍ය කීපයක් වුනාට කුමාරිගේ  ලිප ගාවින් අයින් වීමක් තිබුනේම නෑ. සේන අයියත් මට කෑම හොයන්න අහල ගම් හතකටත් එහා ගිහින් තිබුනා. කොටින්ම මම දන්න කාලේ පයින්වත් යන්න බැරි පාරවල් වල කඳු අස්සේ බයික් එකෙන් ගිහින් කෑම හොයන් ඇවිත් තිබුනා.

 මේ හැම එකක් අස්සේම තියෙන්නේ ආදරය. ඒ ආදරය ඇඹුල් දොඩමක් වගේ කහට රහ තිත්ත රහ ,පැනි රහ, ඇඹුල් රහ තියෙන එකක් වෙන්න පුළුවන්. ඒත් ආදරේ කියන්නේ ඒක. කොටින්ම අපේ ජීවිතවල තියෙන පැවැත්ම මේක. මම හරි වාසනාවන්තයි කියලා මට දැනෙන්නේ මේ හැමදෙයක් හින්දම.  කොච්චර බැන්නත් බක පංඩිත කතා කිව්වත් ඒ  හැමදේම වෙන්නේ ආදරේට කියලා දන්න ආදරේ පිරිච්ච පවුලක් ලබන්න මම කොයි තරම් නම් වාසනාවන්තද?
 හරියට ඇඹුල්දොඩම් වල කටට නොදැනෙන පැනි රහ වගේ...;)

image courtesy (https://www.doa.gov.lk/FCRDC/index.php/si/2015-09-22-05-59-42/152-abuldodamhaden-si)

6 comments:

එහෙන් මෙහෙන් කතා... ජීවිතේ... (නොලියාම බැරි නිසා )

     
   
නොලියාම බැරි නිසා.....

      වේදනාව යනු කුමක්දැයි කිසි දිනක මා හරියටම වටහා ගෙන නැතැයි සිතේ. ඒත් මා ආදරය විස්වාස කරන්නෙක් නිසා හැම දෙයම වේදනාව සමඟින් ආදරය එක්ක මුසු කොට දරා ගන්නට උත්සාහ කරන්නෙමි. ඒත් එය කොයිතරම් දුරට ප්‍රථි විසඳුමක් දැයි වැටහෙන්නේ මෙවන් අවස්ථාවලදීය.

  ඊයේ හවස හත හමාරට විතර කෝල් එකක් ආවා. මම සතියේ අන්තිමට ෆෝන් ආන්ස්වර් නොකරන කෙනෙක් තරමට පත්වෙලා. අනවශ්‍ය කරදර, රාජකාරි වෙලාවන් නොවෙන වෙලාවට වුනත් එන තේරුමක් නැති ඇමතුම් හින්දත්, පසුගිය සතියේ අහම්බෙන් සිදුවුන දුර ගමනක ප්‍රථිපලයක් විදියට තවම ඇඟ රිදෙන එක නිදිමත අඩු නැතිකම වගේ හින්දා කොහොමටත් හිටියේ අලස සුවය විඳිමින්. කෝටියක් ඩෙඩ් ලයින්ස් තිබ්බත් ක්ලයන් කෝල්ස් තිබ්බත් මම හිටියේ මට නෙමෙයි වගේ.

  ඊයේ අර ආව ඇමතුමෙන් කියවුනේ මගේ ක්ලයන් කෙනෙක්ගේ වයිෆ් එයාගේ අසනීප තත්ත්වයක් නිසා කෝමා සිටුවේසන් එකක  හොස්පිටලයිස් කරලා කියලා.  මම ඔහුව දන්නේ 2011 වගේ ඉඳන්. ඒ එක්කම ඔවුන්ගේ පවුලේ විසා කටයුතු කල නිසා සෑහෙන තරමක් විස්තරත් දැනගෙන හිටියා. මෙතුවක් කාලයක් දිගින් දිගටම ඔවුන්ගේ වඩ කරාට එහෙමට ලොකු ඉනර් ෆීලින් එකක් තිබ්බේ නෑ. කොටින්ම කෙනෙක් එක්ක එහෙම වෙන්න මම දන් බයයි. ඊට පස්සේ බිම්බෝම්බ වෙන නිසා.

        පෙබරවාරි අට වෙනිදා ඔහු හදිසියෙන් මට කෝල් කලා. මාවහම්බ වෙන්න ඕන කීවා. එදා මම කාර්ගෝ එකක් යවන්න තිබුන හින්දා ගෙදරත් හිටියේ. මම ගෙදර ඉන්නවා එන්න කියලා කිව්වේ කොහොමටත් කරදරයක් නැති බොහොම අහිංසක මනුස්සෙක් හින්දා.

      එදා තමයි බෝම්බේ පත්තුවුනේ. ඔහුගේ තරුණ බිරිඳ කැන්සර් එකක් ඩයනෝස් කරලා. කියපු යම් යම් දේවල් වලින් තත්වය බයානක කම තේරුන හින්දම මම මෙඩිකල් සර්ටිෆිකේට් එකක් ගේන්නත් ඒකට අවශ්‍ය අවශ්‍ය දුරකතන ඇමතුම් දෙන්නත්,ළමයින්ව දැනුවත් කරන්නත් කියලා ඒ සතියේම සෙනසුරාදා ( ඔව් මට මගේ ප්‍රේමවන්තයා එක්ක ගෙවන්න තියෙන එකම දවස ) එහේ ගියා. ගියාමයි තත්වේ තේරුනේ. මෙඩිකල් රිපෝට්ස් කියවලා මම උඩ ගියා. කොටින්ම වීදුරුවට දාගත්ත වයින් එකවත් බීවේ නෑ. ගෙදර හිටපු කොල්ලෝ දෙන්නත් කාමර අස්සේ හැංගිලා හිටපු හින්දා උනටත් බැනලා මම ආවා. ඒ ඇවිදිනුත් මම හරි කළකිරීමෙන් හිටියේ ලංකාවේ ළමයින් දෙමාපියන් අතර තියෙන දුරස්ථ සම්බන්දය දැකලා. වගකීමක් ගන්න බැරිකම ගැන හිතලා.

  ඉන් එහාට දේවල් මම කලා. හැමදේම බොහොම ඉක්මණින්. යන යන හැමතැනකම ප්‍රයොරිටි ලිස්ට්  එකට එයා ආවා. ඒක තමයි අපි දකින මනුස්සකම ආදරය. කෙනෙක්ගේ දුක අපි හැමෝටම අපේම දුක වෙන එක. අනේ කියවෙන එක.

   ඊයේ හවස ඔක්කොම කඩා බිඳගෙන මම ටැක්සි එකක් කෝල් කරන් හොස්පිටල් එකට ගියා.  රෑක එහෙම ගමනක් යන එක වගේ දේවල් මම නොකරන තරම්. කොටින්ම ප්‍රේමවන්තයා හිටියෙත් බය වෙලා. ඒ වගේ වෙලාවට මට පිහිටට එන්නේ ඒමි. එයාට කෝල් කලාමත් එයාගේ කාර් එක යාළුවෙකුට දීලා එයා කීවා රෑ වෙලා මාව ගන්න හොස්පිටල් එකට එන්නම්  යන්න කියලා.

   මම කෙනෙක් මිය යන මොහොතක, vegetative state එකක ඉන්නවා දැකලා නෑ. සමහරවිට මම බොහෝ දේවල් නොවිඳපු නොදැකපු කෙනෙක් වෙන්න ඇති. එමර්ජන්සි යුනිට් එකක තත්වය අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ. අර මම අස්සේ ඉන්න ශක්තිමත් ගැහැණිය කොහේ ගියාද දන්නේ නෑ. කරන්න ඕනේ දේවල් වෙන්න ඕනේ දේවල් මගේ ක්ලයන්ට කීවට මම හිටියේ අතරමං වෙලා විතරක්ම නෙමෙයි මට මාව කියන පුද්ගලයාත් නැති වෙලා.  පැය හතරක් පහක් ගෙවලා ගෙදර ආවේ බොහොම අවුලෙන් හිස්කමෙන්. කොටින්ම නිදාගත්තට, අවදි වුනාට මගේ හිත තාමත් unconscious.

     සමහරවිට හැමදේම දරාගන්න, බැඳීම් කියන්නේ වේදනාවක් කියලා දන්න මට වුනත් තව නොදන්න විඳින්න බලාපොරොත්තු නැති හිත හදාගන්න බැරි කොයි තරම් දේවල් තියෙනවාද කියලා හිතෙද්දිත් දැනෙන්නේ තවත් හිස්කමක්... මගේ අස්සේම තනිවීමක්, අසරණවීමක්...

1 comments: