එහෙන් මෙහෙන් කතා... අම්මා කෙනෙක්


මේ සිදුවීම උනේ අද උදේ 8.30 ට විතර. ඒත් තාමත් මට හරිම අවුල්.


        උදේ මගේ ගෙස්ට්ලා වගයක් ගන්න එයාෆෝට් එකේ ඉන්නකොට තමයි මේ සිදුවීම වුනේ.

       මම මුලින්ම ඇයව දැක්කේ මගේ ගෙස්ට්ලා එලියට එනකම් බලන් ඉන්නකොට. සාරියක් ඇඳපු රබර් සෙරෙප්පු දෙකක් දාපු ඇය මට එක පාරට මතකෙට ආවේ අපේ පැතිවල වතුවල වැඩ කල ටැමිල් කාන්තාවකගේ පාටක්. ඇය එහේ මෙහේ හොයනවත් මම බලාගෙන හිටියා. ඒත් ඒක මගේ බිස්නස් එකක් නොවුන හින්දා මම කතා කලේ නෑ විතරක් නෙමෙයි මගේ ගෙස්ට්ලා ආව ගමන් මම එයාලත් එක්කම වාහනේට ආවා. (මගේ ගෙස්ට්ලා 80+ හින්දා එයාලාව ඇසිස්ට් කරන එකයි මගේ මූලික වගකීම වුනේ.)
  මම බැගේජස් දාගෙන වාහනේට නගින්න බලනකොට  ඒ ලේඩි ඇවිත් මගේ ගෙස්ට්ගෙන් මොනා හරි ඇහුවා. එයාටත් තේරුනේ නෑ. ඉතින් මම ආපහු ගියාම ඇයට ඕනේ වුනේ මගේ ෆෝන් එකෙන් කෝල් එකක් ගන්න. ලියාගෙන තිබුන කොලයක් පෙන්නුවම මම ඩයල් කරලා දුන්නා. මම කොහෙටද යන්න ඕනේ කියලා අහද්දි Batticloa කීවා. නමුත් අර පේපර් එකේ තුනේ Lecce එඩ්‍රස් එකක්.  කොහොමත් ඇය ඉන්ග්ලිශ්වත් සිංහලවත් දන්නේ නෑ. මටත් හෙනම අෆ්සට් වුනත් සල්ලි කීයක් හරි ඕනේද, කොහේට හරි යන්න ඕනේද කියලා ඇහුවත් ඇයට තේරුනේ නෑ. ඩ්‍රොප් කරන්නත් කොහේ කියලා ඩ්‍රොප් කරන්නද? මමත් හිටියේ බොහොම හදිස්සියෙන් හා මගේ මාසයක් යනකම්ම වගකීම් වලින් ඔළුව පිරිලා.

 දැන් ගෙදර ඇවිල්ලා මට ආපහු ඇයව ඔළුවට ආවා. මම දන්නේ නෑ ඇය කොහොම අපි පස්සෙන් ආවද කියලා. අපි සිංහලෙන් කතා කලෙත් නෑ. ඇය කොහොම අපි ලංකාවෙන් කියලා දැනගත්තද දන්නෙත් නෑ. මගේ අතින් ලොකු දෙයක් මිස් වුනා වගේ මහා හිස් හැඟීමක් තියෙනවා. ඒ අම්මා එයාගේ ගමනාන්තයට ගියාද දන්නෙත් නෑ.   ඒත් ඉතින් එවෙලේ මට මහ ලොකු දෙයක් කරන්නත් පුළුවන් ඉඩක්  තිබුනෙත් නෑ.

   මේ ඔයාලා අපි වගේ කෙනෙකුගේ අම්මා කෙනෙක් වෙන්න පුළුවන්. අතේ අඩු ගානේ ෆෝන් එකක්වත් නැතිව එහෙම දුර ගමනක් තනියම යවන එක කොයිතරම් බයානකයිද කියන එක මට හිතාගන්නවත් බෑ. ඊටත් වඩා හොඳටම වයසක කෙනෙක්. ආයෙත් බහුතරයක් කතා කරන භාශාවන් නොදන්න එහෙම කෙනෙක්. බැටික්ලෝ කියන්නේ කොළඹ ඉඳනුත් කොයිතරම් දුරකින්ද?

  මම ලෝකේ පුරා ඕනේ තරම් තනියම රවුම් ගහලා ඇති. ඒත් අද තව වෙනකම්වත් කොළඹ එයාපෝට් එකෙන් බහිද්දි මල්ලි හරි කවුරු හරි දකිනකම් මම ඉන්න ස්ට්‍රෙස් එක මතක් වෙද්දි මට ඒ අම්මා ගැන දැනෙන හැඟීම ලේසියෙන් මිමි කරන්න බෑ.

  ඔයා සතුටින් ඔයාගේ ගමන ගියා කියලා මම මුළු  හදවතින්ම හිතනවා විතරයි අම්මේ.

( ඒත් ඒ මම දන්න කියන වැඩිහිටියෙක්, අම්මා කෙනෙක් වුනා නම් එයා කීයටවත් ඒ තත්වෙට මුහුන දෙන්නේ නෑ කියන එක නම් විස්වාසයි.)

2 comments:

  1. මේ වගේ පොඩි සිදුවීම් වුනත් වෙලාවකට හිතට ලොකු බරක් වෙනවා මට ඒ වෙලාවේ මොනවා හරි කරන්න තිබ්බානේ කියලා හිතෙනකොට.මම හිතන්නේ බුරු බාබාට වෙන්න ඇත්තෙත් එක.මටත් ඔය වගේ වරදකාරී හැඟීම් ඇති තරම් ඇවිත් තියෙනවා.

    ReplyDelete