පානුයි පාර්මයි කාචොයි දවසක බුදු වේවා........!!!!


(අද අහම්බෙන් ෆේස්බුක් නොටිෆිකේසන් වල මේක තිබිලා හම්බ වුනා. කාලෙකට කලින් ලියපු එකක් (2014). එදා විදියටම නොවුනත් තවමත් මේක මට වලංගුයි. )




      සින්ගල්ස්ලාගේ කෑම ගැන කියද්දි පාර්මා හැම්, හා චීස් කියන්නේ ඉතින් අර මොකක්ද නොගැලවෙන බන්දනයක් තියෙන එකක්. 


            
කම්මැලි කම ට කියාපු බෙහෙතත් පාර්මයි චීසුයි තමයි. ඒ විතරක් නෙමෙයි අපි වගේ එවුන්ගේ හමටම බද්ද වෙලා තියෙන හින්දා දවසකට සැරයක්වත් පාන් කෑල්ලක් එක්ක පාර්මායි චීසුයි කෑවේ නැත්නම් නිකම් කහනවා වගේ. කෙලින් හිටගෙන ඉන්න බැරි වුනත් සුපර් මාකට් එකට දුවල ගිහින් පාර්මා ගේන්නේ ඒකමයි. මේ ඊයේ පෙරේදා දවසක උණ 39.05 C* තියාගෙන එලියට ගිහින් අරගෙන  ඇවිත් කෑවම මට දැනුනේ උණ සනීපා වුනා වගේ තෘප්තිමත් හැඟීමක්.



           ඒ විතරක් නෙමෙයි ඕන සීතල කාලෙක ඕන රශ්ණේ කාලෙක කන්න පුළුවන් කෑමක්. තත්පර දහයකින් හදාගන්නත් පුළුවන්. සුපර්මාකට් එකේ කොළුවා ගාණට හීනියට කපලා දෙන පෙති තත්ත්පරෙන් කට ඇතුලේ ලුණු රහට දැනෙනකොට දැනෙන්නේ එසේ මෙසේ හැඟීමක් නෙමෙයි. ඒ විතරක්යැ ඕනේ බීමකට ගැලපෙන කෑමක්. ඇල්වතුර එකක් වගේම වයින් වීදුරුවකට හෝ එයිට එහා ගියා සැර ජාතියේ බීමකට උනත් මට ඔය පාර්මා හැම් කෑල්ලක් නැත්නම් නිකම් හිස් වගේ.

මේ වෙද්දි මගෙ දොස්තරලා මට කියනම දෙයක් තමයි ලුණු කන්න එපා කියන එක. මම කොටින්ම උයන්නේ ලුණු නොදා. ඒ වුනාට ඕනේ දෙයක් අයින් කලත් පාර්මා හැම් නම් අයින් කරන්න බෑ.
ඔව් ඕනේ එකක් ඒත් පානුයි පාර්මයි කාචොයි බෑ.... 

දවසක වෙන කොහෙහරි ඕවා නැති තැණකට යන්න වුනොත් ජීවත් වෙන්න?

පිස්සුද මම එහෙම එකක් ගැන හීනෙන්වත් හිතන්නේ නෑ....
ඒ තරමට රෑටයි දවල්ටයි පාර්මයි, කාචොයි, පානුයි එක්ක තියෙන බැඳීම ලොකුයි මට. කොටින්ම සින්ගල් මගේ සදාකාලික සතුටවල් වලින් එකක් ඔය....

0 comments: