පොත් අස්සෙන් ආදරේ....!





    මේ කතාව ටිකක් වෙනස්  කතාවක්.

     මේ පොත් මාසෙනෙ.



    එහෙන් මෙහෙන් මගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්න බහුතරයක් ලියන්නෝ පොත් එලියට දානවා දැක්කම ඉරිසියාවක් වගෙ මොකක්දෝ එකක් එලියට එනවා. ඒක එහෙමම නෙමෙයි. උන් ලියපු එක ගැන සතුට එක්ක ඒ මොහොත බෙදා ගැනීමට ආදරය බෙදාගැනීමට මට නොලැබෙන හින්දා.


       අද වෙනකොට මට කියවන්නම වෙලාවක් නැති තරම්. අන්තිම කාලේ පෙරේතකමට ගත්ත බහුතරයක් මගේ ප්‍රියතම ලතින් ඇමෙරිකන් පොත් වලට හා මගේ සැබෑ කල් ප්‍රේමවන්ත ලියන්නෝන්ගේ පොත් වුනත් පොත අවුට් වෙනකොටම ගත්තට කියවන්න වුනේ නෑ. කියවීම අපෙන් ගිලිහිලා. මේ කියන්නේ hard copy ගැන. අර ඉස්සර කාලේ වගේ පොතෙ සුවඳ දැනී දැනී තේ කෝප්පයක් බිබී අලස සුවෙන් ඇඳේ පෙරලි පෙරලී පොත් කියවීමක් දැන් වෙන්නෙම නැති තරම්. අර එක එක ගැජමැටික් එන්න කලින් අපි හිටපු පරම්පරාවේ අය පොත් කියෙව්ව ක්‍රමය මට දැන් ඇත්තටම අහිමියි. ඒත් ඒ නොස්ටැල්ජියාවට මම කොයිතරම් ද කියනවා,  අන්තිම මාස දෙකෙත් ඉසබෙල් අලෙන්දෙගේ පොතක් මාත් එක්ක සර්දීනියා අයිලන්ඩ්ස් වල, ටස්කනි වල කම්බෝදියාවේ රවුම් ගැහුවා වුනාට පිටු පහලොවක් විස්සක්වත් කියවන්න වුනේ නෑ.

   
     ඒ මොකුත් හින්දා නෙමෙයි දැන් අපි කියවන්න හුරු වෙලා තියෙන ක්‍රමය වෙනස් නිසා. දැන් ඉතින් අවුරුදු දහයක් විතර ඉඳන් ටොයිලට් එකට ගියත් අර ටෝයියෙක් අරන් යන හින්දා ඒකෙන් මිසක් වෙන ක්‍රමයකට කියවන්න පුරුද්දක්ම නෑ. අනික ඒක වෙන්නේ මම හිතන්නේ මම දුවන රන් එකේදි මට පොතක් පෙරලන් කියවන්නත් වෙලාවක් නෑ. ඇස් නොපෙනෙන හින්දාම මම ඇහරගෙන ඉන්න හැම වෙලාවටම ස්පෙක්ස් යූස් කරන හින්දාත් ගෙඩ්දර ආව ගමන් ඇඳට එන්නේම කළුවරේ ඉන්නම බලාගෙන. ඒක හොඳ පුරුද්දක් නෙමෙයි. මගේ ඇස් තවත් වීක් වෙනවා කියලා මම දන්නවා. ඒත් මට ඇස් වලට පුදුම මහන්සියි. ඔන්න ටෝයියොන්ගේ ඇබ්බැහිවීම පටන් ගන්න තැන. කළුවරේම කියවන්න පුළුවන්. මොන නිදිමතේ හිටියත් ටික් ගාන සද්දෙටත් ඇහැරෙන මට ටෝයියෙක් ළඟ නැත්නම් නිකම් වතුර නෑ වගේ. ටෝයියෝත් වැඩිපුර ස්මාට් වෙන තරමට ඇබ්බැහිවීමත් වැඩිනේ. (මම එන එන ටෝයියෝ ගන්නේ අන්න ඒ වගේ එක්සියුසස් මටම කියාගෙන )



    නැතිව අර අපේ මල්ලි කියනවා වගේ මම සල්ලි නාස්ති කරනවා හෙම නෙමෙයි. ;)





     
  ගිය සතියෙද කොහෙද තරු ඉන්බොක්ස් එකට එබිලා රංගි ඇඩ්‍රස් එක එවන්න පොතක් එවන්න කියලා කීවම තරූගේ පොතක් කියවන්න එයා තරම්ම, මනුස්සකම ආදරය බෙදන පොතක් වෙන්නත් ඇතිනේ කියලා හිතල අනේ කොයිතරම් නම් ලෝභකමක් දැනුනත් අර මගේ අස්සෙ ඉන්න පෙරේත බබා හැංගිලා එක පාරට මැචුවර්ඩ් බුරුබබා එලියට පැන්නා. මම හිතන්නේ මේක මාව දන්නෝ ලියන්නෝ වෙන බහුතරයකට අමුතු කතාවකුත් නෙමෙයි. අර අපේ  රසී නම් කියන්නේ ඒක නිකම් අපේ අස්සේ ඉන්න ආඩම්බරකාර මොකක්ද මන්ද එකක් කියලා. එහෙමත් වෙන්න ඇති.


  අපි දන්නවා අපි කරන වැඩ වල මහන්සියේ වටිනාකම. අපි මහන්සිවෙන තරමට ගැලපෙන වටිනාකමක් අපිට නොලැබෙනකොට දැනෙන දුක ගැන තමන්ට වඩා වෙන දන්නේ කවුද? මේ පොත් ලියන්නොත් එහෙම අය

 සමහරවිට අපි ආසාවෙන් කරන දේවල් වෙන්න පුළුවන් කොටින්ම කාන්ච් එක්ක මේ ගැන කතා කලාම එයා දවසක් මට කිව්වේ රංහි මම ලියන්නේ සල්ලි වටිනාකම ගැන හිතලාම නෙමෙයි හිතේ සතුටට කියලා. ඒත් අපිත් දැනගන්න කෙනෙකුට යමකට හරි වටිනාකමක් දෙන්න. යාළුකම් හින්දම අනෙකගේ හිතවත්කම හින්දම එයාලව මිස්යූස් නොකර ඉන්න. ඒක මට වඩා කියන්න පුළුවන් වෙන කෙනෙක් නෑ. අමුතු කතා මොකටද ඉතිනෙ නේ?
 
      ඇත්තටම යමක් කෙනෙක්ගෙන් නිකම්ම ගන්න, ඉල්ලන්න, අනෙකුට කරදරයක් වෙයි කියලා හිතෙන දෙයක් කරන්න මම කැමතිම නෑ. එහෙම කියන්නේ මට අනිත් අයගෙන් උදව් ඔනේ නෑ කියන එකවත් මම අනිත් අයගෙන් උදව් ගන්නෙ නෑ කියන එකවත් නෙමෙයි. අනෙකාගේ හොඳකම නිසාම මිස්යූස් වෙන එක ගැන. අපි කරන කියන දේවල් ගැන වගකීම ගැනීමක් වගේ දෙයක්. එහෙම වුනාම අන්තිමට හොඳ මනුස්සෙක්ටවත් උදව්වක් ගන්න බෑ. මේක සල්ලිද වෙන දෙයක්ද සමහර විට ශත පනහක වටිනාකමක් නැති දෙයක් වෙන්නත් පුළුවන්. ඒත් ඒ හැම වෙලේම අපි අනෙකාව වගකීමෙන් ඇසුරු කරන්න ඕනේ කියලා.

       කොටින්ම මේක ලංකාවේ මිනිසුන්ට නැතිම දෙයක්. කොච්චර උගත් උනත්, පොශ් වුනත්, අනිකාගේ අයිතිවාසිකම් ගැන සමාජ ජාල වල ලොකුවට කියවන අයගේ වුනත් බහුතරයක් මම දකින දෙයක්.  හැම වෙලේම තමන් ගැන විතරක් හිතන තරම මේ අපි හැමෝම සෙල්ෆිශ් වෙලා. ඒක නිකම්ම එහෙම වෙලා. තව කෙනෙක් ගැන හිතන්න අපි පුරුදු වෙලා නෑ.  එහෙම අනෙකා ගැන හිතන එකා හැමදාම කුණු කන්දක් ඔළුවේ දාගෙන ඉන්නවා. ඇයි හැම එකාගෙම දුකටයි සැපටයි අරකටයි මේකටයි ඉන්නවා.
 මේ කියන්නේ මම දකින මනුස්සයෙක් වෙනන් ගිහින් මට වෙන අවුල් ගැන මගේ දුක කළකිරීම ගැන මට දැණෙන  ආත්මාණුකම්පාව වගේ එකක්.  බහුතරයක් වගේ අපි කොල්ලයි බල්ලයි හැමෝම එක්ක අපේ සම්බන්දතා කියවන්නේ නෑ. ෆේස්බුක් වෝල් වල ලෝකේ හදන්න යන්නෙත් නෑ. කොටින්ම කරන කියන හැම මඟුලම ලෝකෙට පෙන්වන්නෙත් නෑ. එහෙම ලොකු ඉමේජ් එකක් හදාගන්න ඕනේ වගෙ කියලා ක්‍රයිසීස් එකකුත් අපිට නෑ. අපි ඒන්ජල්ස්ලා නෙමෙයි. මම තරම් පිස්සෙක් තවත් නෑ කියලා මම මම ගැනම නිතර හිතන කෙනෙක්. හිටිගමන් දෙකේ පන්තියේ වැඩ කරලා හැමෝගෙන්ම බැනුම් අහගන්න එකත් මගේ පුරුද්දක්. ඒ හැමදේම කරන්නේ මම දුක් මහන්සිවෙලා හොයන මගේම සල්ලි වලින් කියලා අනෙත් පැත්තට මම මගේ හිතම හදාගන්නවා. මොකද අනෙකා අපව සතුටු කරයි කියලා බලාගෙන හිටපු කාලේ දැන් ගිහින් ඉවරයි. (මම ඉතින් හරි හොඳ අහිංකයානේ. අපේ මල්ලි, මගෙ යාළුවෝ   හෙම මගෙ  කණ පලනකල් මම ඔහේ බලාගෙන ඉන්නවා. )


 හැබැයි මම මටම පොරොන්දුවක් වෙලා තියෙනවා. කිසිම අවස්තාවක කිසිම කෙනෙක්ව මිස්යූස් කරන්නේ නෑ ඒ අයගේ හොඳකම මනුස්සකම නිසාම කියලා. මේ පොත් ගැන කතාවත් එහෙමයි. තමන්ගේ යාළුවෝ පොත් ලියුවට, විකුණුවට පොතක් වුනත් නිකම් ගන්න එපා. එකට සැබෑ වටිනාකම දීලා ගන්න.  පොත් කියවන්න පොත් වලට විතරක් සීම වෙලා තියෙන ආදරය මනුස්සකම ඔයාලගේ ඇත්ත ජීවිත වලට ගේන්න. නැතිව ඔය ෆේස්බුක් වෝල් වලයි අරහෙයි මෙහෙයි දාන තරමට පොත් කියවන තරමට මිනිස්සු ඉන්නවා නම් සමාජය මෙයිට වඩා අද අපේ රට කොච්චර  ඉස්සරහට ගිහින් තියෙයිද? මනුස්සකම ආදරය පිරුන සමාජයක් වෙලා තියෙයිද? ප්‍රදර්ශනකාමිත්වයෙන් එහාට ගිහින් ආයේ අපි බින්දුවෙන් පටන් අරන් ඇත්ත වැලියුස් වලට යමු. ඉස්සෙල්ලම අපි මිනිස්සු වෙමු. ආදරය කරමු...ඒ ආදරේ තමන්ට තමන්ගේ කෙනෙක්ට විතරක් නොවී හැMඕටම වෙන ආදරයක් කරගමු...




    (මේක කලින් ලියන්න ඕනේ කියලා හිටපු එකක්. ඒත් අවිවේකි කම හින්දයි සිංහලෙන් ලියන්න ගියාම තියෙන අමාරුකමයි හින්දම දවසින් දවසට කල් ගියා. පසුගිය දවසක තරු හා තව කිහිප දෙනෙක් පොත් එවන්න ඇඩ්‍රස් ඉල්ලුවම මට ඕනේ පොත් මොනවද අරන් එවන්නම් කියලා කියපුවාම ආදරේ කියන දේ තාමත් එකෙක් දෙන්නෙක් අස්සේ හරි තියෙනවා කියලා දෙනුනම ලියන්න ඕනෙම කියලා මතක් වුනා. )

1 comment:

  1. ඔයා පොත් තෑගි ගන්න අකමැති බව දැන දැනත් මම එහෙම ඇහුවෙ ඔයා ගොඩක් ආදරෙන් මගේ පොතට සුබ පතල තිබුණ නිසයි රංගි. අනික ඔයා කොහොමත් පොත්වලට ආදර, කෑදර බව දන්නවනේ...

    ReplyDelete