අපි මාර ජාතියක් නේද?



අපි මාර ජාතියක් නේද?



එෆ් බී එකට ආවහම එහෙම හිතෙනවා.  ඇයි ලෝකේ හැම එකාටම වැඩියෙන් ජාතියක් විදියට අපි මාරයි නියමයි ඉහලයි කියලා එහෙම කියනවා පෙනෙද්දි.

 පසුගිය දවසක අපිට හදිස්සියෙන් රෙෆ්‍රිගේටර් රෙපයාර් එකකට කාව හරි ඕනේ වුනා. ඒක හදිස්සියක්. අපේ ක්ලයන්ට් සර්විස් එහෙක. මම හිතන්නේ මාත් මගේ බිස්නස් පාට්නර්ත් නොහොයපු කෙනෙක් නෑ. මම හිතන්නේ ඒ යොදවපු කාලයට අපිට තෑගි දෙන්න ඕනේ.

 ඉතාලි එවුන් ගැන කියලා වැඩක් නෑ. ඒවගේ රස්සා කරන බහුතරයක් බලාගෙන ඉන්නේ 8.5 ඩියුටි. ඉන් එහාට උන්ගෙන් වැඳලාවත් වැඩක් ගන්න බෑ. ඒත් හැමදාම සල්ලි නම් නෑ. ඒ සර්විස් සපයන කම්පැනි වලින් සේවා ඉල්ලලා ඉන්න තරම් වෙලාවකුත් නෙමෙයි. කොහොම හරි අපි දෙන්නා විස්සකට තිහකට වඩා කතා කලා. සමහර එවුන්ගේ මිළ ගණන් ඇහුවම අපිට දවස දහයක් වැඩ කරලාවත් ඒ වගේ මුදලක් හොයාගන්න බෑ. ( වගකීමෙන් කියන්නේ.) ඒ වුනාට ඉතින්...

 අපේ ක්ලයන්ට් වර්ල්ඩ් මාකට් එකේ මස් කඩයක්. ඔරිජින් බන්ග්ලාදේශ්. එයාලගේ බොන්ඩ් එකේ හැටියට අර මගේ පාට්නර් හරහාම සේවා ලබාගන්න ඕනේ. එහෙම තමයි. අපි හිතන හිතන ඒවා ලෝකේ කොහෙත් කරන්න බෑ තමන්ගේ කාර් තම්න්ගේ පෙට්‍රල් කියලා. කොටින්ම මස් කඩේ සීල් රූම් එක වැඩ නොකරනවා කියන්නේ ලොකු ගාණක පාඩුවක්. ඒ මස් ආයේ විකුණන්න බෑ. එයිට අමතරව මේ මස් කඩේ ඩේලි  7-15, 7.17 එකක්. ඒ වෙලාවේ රෙපයාරින් යන්නත් අමාරුයි.

 එදා තමයි මම විමුක්තිය දැක්කේ!

 ඒ මස් කඩේ වැඩ කරන  කිහිප දෙනෙක් එක්ක (ඔක්කොම පිරිමී කතා කරන්න ලැබුනා. සමහර දවස් වලට රෑ දෙකට තුනට වැඩට එන්නේ. ඩේලි සර්විස් වලට මස් ලෑස්ති කරන්න. සමහර දවස් වලට ඊටත් කලින්. කොහොමත් මේ මිනිස්සු පාන්දර නැගිටලා බස් එකේ වැඩට එන්නේ. උදේ පහට වත් අනිවා එන්න ඕනේ අනිත් දවසටත්. කොහොමත් මාකට් එක අර උඩ කියපු වෙලාවට වැහුවට අඩුම තරමේ ඒ මිනිස්සු වැඩ ඉවර කරලා ක්ලීන් කරලා ගෙදර යනකොට රෑ හත වත් වෙනවා ඇති. මම මාසේ වැටුප ගැන ඇහුවම කීවේ 1100€ වගේ කියලා.


  එදා  මේ අයට ගෙදර යන්න බෑ. මොකද අර රෙපායාරින් එක ඉවර වෙනකම් ඉන්න ඕනේ.  ඒ වෙනකොට හවස පහ විතර මටත් දවල්ට කන්නවත් වෙලාවක් තිබුනේ නෑ.  මොකද මේ රෙපයාරින් එකට අවශ්‍ය බඩු ගන්න අපි එහෙමෙහේ යන්න උන නිසා. ඒවා ඉන්ඩස්ට්‍රියල් සප්ලයිස් හින්දා අල්ලපු කඩ වලින් ගන්න ඒවා නෙමෙයි. මම චොර චොර ගගා ඉද්දි මගෙ යාළුවා මට හිනා වෙලා කීවෙ උඹ මොනාද බං ජීවිතේ ගැන දන්නේ කියලා. ඒකයි ඔය උඩ කතාව මම අහන්නේ අර මිනිසුන්ගෙන්. ඇත්ත මට උවමනාවක් තිබ්බා නම් තනියම බාර් එකකට ගිහින් කන්න තිබුනා. ඒත් වැඩ අස්සේ හා මගේ යාළුවා බිසි අස්සේ එහෙම කන්න හිතුනෙත් නෑ. මොකද ඌත් කාලා හිටියෙත් නෑ. ඉතින් මම චොර වෙන එක අහන්නත් දෙයක්ද?


 අන්තිමට අපි වැඩේ කරගන්න හොයාගත්තේ කවුද දන්නවද ? චයිනීස් මනුස්සෙක්. වචන දහයක් ඉටලියන් කතා කරන්න බෑ. කොයිතරම්ද කියනවා නම් එයාව ගෙදරට ඩ්‍රොප් කරන්න ඉන්න පාර ඇහුවම මේන් රෝඩ් එකක නමක් කියනවා. නම්බර් එකක් මොකුත් දන්නෑ.  මගේ යාළුවා මේ වගේ දේවල් වලට එක්ස්පර්ට්. ඌ කෙලින්ම ඕෆ් ට්‍රැෆික්වේ  දාගත්තා.  ඒ තමයි මේ වගේ දේවල් ඔහුට පුරුදු හින්දා. චයිනීස් මෑන්ට කිව්වා පාර දකිද්දි කියන්න කියලා. මම දැන් නිකම් ඩිම් වෙලා. ඇයි මගේ මොලේට මේ වගේ දේවල් තේරෙන්නේ නෑ.

  ටිකක් දුර ගිහින් ආ මෙන්න මෙතනින් ඇතුලට තියෙන පාරේ කියන කම් චීනා පාර කිව්වේ නෑ. දැනන් හිටියේ නෑ.  ( මේක ලියන්නේ හිනාවෙන්න නෙමෙයි ඇත්ත කියන්න )



 මොන කතාද එතකොටම රෑ හත විතර. ඌ කිසිම කරදරයක් නැතිව වැඩ කලා. ෆෝල්ට් එක ටිකක් ලොකු හින්දාත් එවෙලේ මටයි මගේ යළුවටයි තව වැඩක් තිබ්බ හින්දා රෑ නමේ වෙනකොට අපි කිව්වා අපිට යන්න ඕනේ කියලා. පහුවදාට ඇවිත් සල්ලි ගන්න පුළුවන් කියලා.  අපි නිකමට ඇහුවා උඹේ ගාණ කීයද කියලා. 100€ ඇති කීවා. ( පාට්ස් ඔක්කොම අපි සප්ලයි කරපු හින්දා ඒ ගාණ ඉහලින්ම වාසියි.


 අර මුලින් කතා කරපු උන් පටන් ගත්තෙම පන්සීයෙන් එහා. අපිට පාට්ස් වලට ගියේ 400€ කට අඩු ගාණක්. ඒ මොනවා වුනත් එවෙලේ එන්න කවුරුත් හිටියෙත් නෑ.
 අන්තිමට කතාවේ කියන්න ඕනේ වුනේ

  හැමෝම ජොබ් අහනවා. ජොබ් නෑ කියලා කියනවා. ඉතින් අපි ඇහුවම මොනාද කරන්න දන්නේ, කීයක් වැටුපක් ඕනේද කියලා  අපි ඕනේ දෙයක් කරන්නම් වැටුප ප්‍රශ්නයක් නෑ වෙලාව ප්‍රශ්නයක් නෑ කියලා. වැඩට ගත්තමනේ තේරෙන්නේ උන්ගේ රික්වෙස්ට් කරන්න අපිට වෙනම අපේ දවස් පිටින් වැය කරන්න ඕනේ.

 අනික රස්සාවක් කියන්නේ ටේබල් එකක ඉඳගෙන ඉඳීම කියලා තවම බහුතරයක් හිතන්නේ. මට තේරෙන්නේ නෑ මුන් කොහෙන් මෙහෙම මොට්ට වුනාද කියලා.
 අපි මොන මඟුලක් හරි දෙයක් කරන්න දන්නවා නම් ඕනේ තරම් රස්සා තියෙනවා කියලා මුන්ට තේරෙන්න තව කොච්චරකල් යයිද?

මට මම ගැණ තියෙන විස්වාශය මැරෙන මොහොතෙ වුනත් මම යහතින් හිටියොත් මට බඩගින්නේ මැරෙන්න වෙන්නේ නෑ කියලා මට සුවර් අන්න ඒක හින්දා. මම ඕනේ දෙයක් කරන්න ලෑස්තියි.  සාධරණව ඕනේ දෙයක් කරලා මම දවසේ පාන් හොයාගන්න ලෑස්ති කෙනෙක් වුනේ මීට බොහෝ කාලෙකට කලින්. අද වෙනකම්වත් මම ඕයි මට කන්න සල්ලි නෑ කියලා කාටවත් කියලා නෑ. කියන එකකුත් නෑ යහතින් හිටියොත්. කාගෙන්වත්  ශතයක්වත් ඉල්ලන්නෙත් නෑ. ඒ ලොකුකම නෙමෙයි. මට මාව විස්වාස නිසා. සල්ලි නැථ්නම් මගේ පොශ් වැඩ මොකුත් නෑ. තියෙන විදියට ජීවත් වුනා. (ඒත් ඉතින් මගේ යාළුවෝ නම් එහෙම කියන්නේ නෑ උන් හිතන්නේ මම අසූ හාරදාහට සල්ලි නාස්ති කරනවා කියලා. )

 ඉතින් අර චීනාව අර බන්ග්ලිදෙශ් මිනිස්සු මට වටිනවා. මොකද උන් කාගෙන්වත් ඉල්ලන්නේ නැථිව ඒ අයගේ හැටියට හොර මැරකම්  නොකර සල්ලි හොයනවා.  ජීවත් වෙනවා. අර ලංකාවේ අයියලා වගේ පොශ් ටෝක් මොකුත් නෑ.
 
  එක වෙලාවකට අපි තවම එක්ස්පීරියන්ස් අතින් කොයිතරම් පොඩිද කියලා මේ වගේ දේවල්ම වෙන්න ඕනේ තේරුම් ගන්න. මගේ යාළුවා මට හිනා වෙන්නේ උඹ මොනාද බං ජීවිතේ ගැන දන්නේ කියලා එහෙම කියලා. මේ මගේ යාළුවා අර මාකට් එකේ ලොක්කා. ඒත් ඌ තාම පොලවේ බැහැල ඉන්න සැබෑ මනුස්සෙක්. වාහන විස්සක් තිහක් තිබ්බට ලොකු විලා එකක් තිබ්බට ඌ හැMඅ වෙලේම ඉන්නේ වැඩ කරන ඇඳුමකින්. කොටින්ම ඌ ගාව වැඩ කරන එවුනුත් ඌට වඩා ලස්සනට ඉන්නවා කියලා මම හිනා වෙනවා ඌට.






 කොයි තරම් දේවල් තියේද කියන්න නම් නේ?



2 comments:

  1. ඔව් ඔය පොෂ් තැන්වලින් වැඩක් කරගන්න හරි අමාරුයි. පොඩි තැන්වල හොඳට වැඩ දන්න මිනිස්සු ඉන්නවා.

    දවසක් මම පාටි ඩ්‍රෙස් එකක් ගත්තා - ඒක ලස්සනයි - හැබැයි කර පොඩ්ඩක් ලොකුයි. මට එතකොට මෙල්බන් වල මහන මෙශින් එකකුත් නෑ. ඉතිං ගවුම හදාගන්නත් බෑ. ෂොපින් මෝල් එකේම මහන කඩේකින් alter කරන්න ඇහුවම, ගවුමේ ගානින් බාගයක් මැහුම් කුලිය. මේ කර පොඩ්ඩක් කපල හදන්න! මම එපා කියල ආයෙත් ඇවිදලා බැලුවම කලින් තැන තරම් පොෂ් නැති චීන තැනක් හම්බුනා. ඒ මනුස්සයගේ ගාන අර කලින් තැනින් බාගයකට අඩුයි. හොඳට මහල දුන්න!

    ReplyDelete
    Replies
    1. ඔව් ලාබේ වගේම වැඩෙත් හොඳට වුනා. කාටවත් පාඩුවක් නෑ. වැඩ කරපු කෙනත් පැය දෙකකට විතර ඒ ගාණ හොඳටම ඇති. නමුත් මම ආස ඒ හිතන විදිහ. ජීවත් වෙන්න නම් ඕනේම දේකට ඔරොත්තු දෙන්න ඒ මිනිස්සු හැඩ ගැහෙන විදිහ. අපේ මිනිස්සු හැමදාම ජොබ් අහනවා. කරන්න මොකුත් දන්නෙත් නෑ. ඒ වුනාට රික්වෙස්ට් නම් අඩුවකුත් නෑ. අන්න එතනදියි මට මේක මාර දෙයක් වුනේ...

      Delete