කට කහනවට..... ;)

කට කහනවට මොනවා හරි ලියන්න ඕනේ කියලා හිතුනා...


 මයිත්‍රී මාමා ලිකර් තහනමක් ගෙනත්ලු.

 තව මොනවද අඩු අපිට නේද?

 ඔව් තලේබාන් දේශෙට පොඩ්ඩක්වත් අඩු නැතිව ඇති....!

 එක්කෝ මට තියෙන්නේ දුකක් එහෙම නැත්නම් කළකිරීමක් වෙන්න ඇති....

 දවසින් දවසට මගතොටේ හමුවෙන නානාප්‍රකාර මිනිස්සු එක්ක අපි අපේ රටේ සෞන්දර්‍යය, සෞභාග්‍යය ගැන කියවනවා. අපේ රටේ අරක මෙහෙමයි මේක මෙහෙමයි ලංකාවේ කියන්නේ හීනෙන්වත් හිතාගන්න බැරි සුරපුරයක් කියලා උන්ට හැම පැත්තෙ
න්ම අවබෝධ කරවලා.
 
මේ හැම එකක්ම අතිශ්‍යෝක්තියක් නෙමෙයි. ලෝකේ පුරා හැම අහුමුල්ලකම කරක් ගහන අපිට ලංකාව අම්බානකට මිස් වෙනවා. ඒ මිස්වෙන්නේ ඒක ඒ තරම්ම සුන්දර හින්දයි. කොටින්ම අපේ කාලේ මේ අද තියෙන එක බම්බුවක්වත් තිබුනේ නැති හින්දයි. හොද්දකුයි බතුයි කෑවත් එකේන් කාටවත් කරදරයක් නොවුන, අනේකාගේ ජීවන රටාව ගැන ඕනෙවට වඩා කරදර නොවුන, නීති නොදැම්ම, නිදහස් ජීවන රටාවක් හැත්තෑව අසූව දශකයේ ලංකාවෙ තිබුනා කියලායි මට හිතෙන්නේ.

  ඇත්තටම ඇයි අපිට මේ තලේබාන් යුගයකට යන්න ඕනේ වෙලා තියෙන්නේ?

 රජයකට එහෙම උවමනාවක් තියෙන්න පුළුවන්ද?

 මට නම් හිතෙන්නේ මේ ඔක්කොම ලොකු මවාපෑමක් විතරයි කියලා. අපි හැමෝම අපිට නැති අනෙකාට තියෙනවා යයි හිතන යමකට හීන් ඊර්ශ්යාවක් වගේ එකක් තියෙනවා.  ඒක හින්දා අපි මහ ලොකු එකක්වගේ මේ ප්‍රිමිටිව් දෙකයි පණහේ කතා සමාජ ජාල වල ශෙයා කරලා අර ගෝත්‍රික එකේ මහ ලොකු එකෙන්ම ලෝකෙට පෙන්වනවා අපි එහෙමයි කියලා.

 ඇත්ත අපි කොයිතරම් කුහකයිද?

 ඒ වුනාට අපි බෞද්ධ. මාර ධාර්මිෂ්ට අහවල් දෙදාස්පන්සීයේ එක.
මට කියන්න වචන නෑ ...

රට දුවන්නේ මත්පැන්වලිනුයි, මැදපෙරදිග දහදුක් විඳලා  ගෑණු ටික ගේන සල්ලි වලින් කියලා අපි කාටවත් මතකයිද?

අපි එකෙක්වත් ඒ මිනිස්සු දිහා ඇහැක් ඇරලා බලනවද?

 ඇයි ඒ අපේ ස්ටේජ් එකේ මිනිස්සු නෙමෙයි අපිට උන්ව අවශ්‍ය වෙන්නේ රටේ ආර්ථිකය නංවන්න විතරයි...

අපි එකෙක් උන්ගේ එක ප්‍රශ්නයක් ගැන කතා කරනවද?

 ඔව් අපිත් මයිත්‍රී හා අර මෝඩ වලේ ඉන්න  හැම එකාමයි වගේ. අනුන්ගේ රෙද්දවල් නම් අපිට තියෙනවා කියවන්න.

ලිකර් තහනමක් මෙච්චරකල් ලංකාවේ තිබුනා කියලා මම දැනගෙන හිටියෙත් නෑ.

   කාන්තාවක් වෙලා මම ඔය හැමතැනකින්ම බීම අරන් තියෙනවා. තව මොනවද ඕනේ කියලා අහලා විකුණනවා මිසක් අනේ කාන්තාවක් හින්දා ඔයාට නම් විකුණන්නේ නෑ කියලා නෑ.

 ලංකාවේ එක්තරා පන්තියක් වෙනුවෙන් විතරක් රජයක් තියෙන්න ඕනේද? රජය පෙනී හිටින්නේ ආරක්ශා කරන්නේ කා වෙනුවෙන්ද මේ?

 හුරේ කියලා බෝල් එක පාස් කරන්න විතරක් ඡන්දදායකයෝ ඉන්න ඕනෙද?

 මම නම් මගේ මේන් හොබි එක ලක්සරි ලිකර් කලෙක්සන් එකක්.
ඔව් මම බොන්නේ වයින් හින්දා ලිස්ට් එකේ ලොකු ඉඩක් වෙන් වෙන්නේ වයින් වලට. හැබැයි ගෙදර මගේ බාර් එකේ ඉඩ වගේම මම අනිත් මිනිහාගේ අයිතිවාසිකම වෙනුවෙනුත් කතා කරනවා....

මම මංගලට කැමතිත් අන්න ඒක හින්දා. කවදාහරි ඡන්දයක් දාන්න ඉඩක් ලැබුනොත් මංගලට මගේ ඡන්දය දෙනවාමයි.
 කොටින්ම ඒ අනෙකාගේ නිදහසට ගරු කරන නිසා....

1 comment: