මිනිස්සු !!!!




                           කාලයක් තිස්සේ මම දකින දෙයක් තමයි ලාංකික සම්භවයක් තියෙන ඉතාලියේ ඉන්න මිනිස්සු දකින දකින පෝස්ට් ශෙයා කරනවා. ඒවයේ හරි වැරදි ඒවා කොයිතරම් ප්‍රායෝජිකයිද අරවා මේවා මොනවත් විස්ලේශණයක් නෑ. කොටින්ම බහුතරයක් ආගම ජාතිය හා දේසපාලනය ගැන. මොන කතාද මෙයා මේකෙ ඉන්න අපේ උගත් බුද්දිමත් යාළුවෝ ශෙයා කරන ඒවා දැක්කම නේ? )


   පහුගිය දවසක ලාංකික සම්භවයක් තියෙන clochard කෙනෙක් මැරුනා ස්ටේඩියම් එක පැත්තේ. ඒ මනුස්සයා වසර ගාණක් එහෙම පාරේ නිදාගත්ත කෙනෙක් සීතල වැඩිකමට වෙන්න ඕනේ. මෙහේ මේන් නිව්ස්  වල ඒක දවස් ගණනක් කතා වුනා.


  ඊයේ ඉඳන් මම ෆේස්බුක් ගිහින් ලංකාවේ මෙහේ ඉන්න  මිනිසුන්ගේ ෆේස්බුක් වෝල් හොය හොයා බැලුවා. ඒත් කියන්නත් කනගාටුයි එක්කෙනෙක්වත් ඒක ගැන කියලා නෑ. ඒත් බෙල්ලන්විල හාමුදුරුවන්ගේ ඉඳන් ඊයේ පෙරේදා මේ අන්තිම මොහොත වෙනකම් දේවල් ශෙයා කරලා...


   මේක ගැන මට තියෙන ශෝචනීයම හැඟීම මොකක්ද දන්නවද?

     මේ එකෙක්වත් මෙහෙ නිව්ස් එකක් කියවන්නේ බලන්නේ නෑ. උදේ ඉඳන් රෑ වෙනකම් ලංකාවේ ටී වී චැනල් ටිකේ නාට්ටියි අරවයි මේවයි ෆේස්බුක් ගෝසිප් විතරමයි.
 කොච්චර කිව්වත් වැඩක් නෑ. සාමාන්‍ය දේවල්වත් තමන් ඉන්න රට ගැණ දැණගන්න කියලා. ඒ වුනාට මොකක් හරි ගොන් කතාවක් ආරංචි වෙච්ච ගමන් ඒවා නම් තත්පරෙන් රේඩාර් වලට දාගන්නේ...


     අපි මොනවා හරි ඇත්තක් කියද්දිත් මිස්ට සුවර්ද අරයා කීවේ කොල නීතියක් ඇවිත් කියලානේ. ඉතින් මම කෝල් සෙන්ටර් වෙන්න වෙනවා මොකක් හරි එකක් වුනාම. ඒක මට දුකකුත් නෙමෙයි. ඒත් එකෙක් හරි ඒවගේ දෙයක් හරි උවමනාවෙන් ගන්නවා නම්... යමක් ඉගෙනගන්නවා නම් ලංකාවේ කියන නමටත් ලැජ්ජාවක් නෑ... !!!!

1 comment:

  1. මෙහෙ බලන්නෙ එහෙ ඒවා
    එහෙ බලන්නෙ මෙහෙ ඒවා

    ReplyDelete